Article
කුඩා වරදේත් බිය දකින්න.
පින්වත, සැප අහිමි, දුකට බර ජීවිත මොනතරම් නම් සමාජය තුළ තිබෙනවා ද? පින්වත, මාසික වැටුපෙන් පමණක් අඹුදරුවන් පෝෂණය කර ගෙන ජීවත් වන දෙමාපියන්, ලෝකයාට හොරා අත්විඳින මානසික පීඩනය කවදාහරි දවසක අවසන් කරන්නේ රජයේ රෝහලක ඇඳක් මත නේද? පින්වත, පණ යන මොහොතේ දරුවෙක්වත් ළඟපාතක නැහැ. ජීවිතය පුරා ම අඹුදරුවන් වෙනුවෙන් දුක් විඳලා කාටවත් ම නොකියා ම…
දුක සහ සතුට යන අන්ත දෙකෙන් ම නිදහස් වන්න.
පින්වත, 2026 වසර උදා වුණා නේද? පින්වත් ඔබ උදා වූ නව වසර පංච නීවරණයන්ගෙන් ද, එසේත් නැතිනම් සප්ත බොජ්ඣංගයන්ගෙන් ද පිළිගත්තේ? පින්වත, ඔබ උදා වූ නව වසර කාමච්ඡන්දයන් ආදි වූ පංච නීවරණයන්ගෙන් පිළිගත්තා නම්, අධර්මයෝ අධර්මයන් මයි ධර්මානුකූලව වඩවලා දෙන්නේ. පින්වත, ඔබ ලෞකික සැපයට එකම මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙරෙහි සතිය, සිහිය මුල්කොට ගත්,…
කුණාටුවේ නොව, අවිද්‍යාවේ හැඩරුව දකින්න.
පින්වත, පසුගියදා ඇති වූ මහා ගංවතුර සහ නායයෑම්වල වගකීම දිට්වා කුණාටුවට භාර දීලා අත පිසදා ගන්න හදන්න එපා. පින්වත, දිට්වා කුණාටුව ඇති වීමට හේතුව සිහිනුවණින් දකින්න දක්ෂ වෙන්න. පින්වත, දිට්වා කුණාටුව ඇති වීමට හේතුව, මනුෂ්‍ය අපි විසින් සිදු කළ පාරිසරික විනාශයන් හේතුවෙන් සකස් වූ බාහිර සතර මහා ධාතුවේ කිපීමයි. පින්වත, මෙම පාරිසරික විනාශයන්ට මුල් වුණේ…
සැබෑ සතුරා ඔබ තුළින්ම හඳුනා ගන්න.
පින්වත, මහ දවාලේ දැක්ක පාට, පාට සිහින, රාත්‍රියේ මහා වැස්සට සේදී ගිය හැටි සිහිනුවණින් දකිද්දී, “සියලු සංස්කාරයෝ අනිත්‍යයි” කියන අර්ථය හැර, වෙන කිනම් අර්ථයක් පංච උපාදානස්කන්ධ ලෝකය තුළ නිත්‍ය වෙන්න ද? පින්වත, මනුෂ්‍යත්වයේ දෑතකින් ඔබට දිගු කරන ආහාර පාර්සලයක, වතුර බෝතලයක, වියළි සලාකයක, කරුණාව, මෛත්‍රිය සැඟවී තිබුණත්, සාගින්නෙන්, පිපාසයෙන්, අහිමි වීමෙන් රිදුම් දෙන සිතින් සියලු…
වැරදි තේරුම් ගෙන ඇත්තට විවෘත වෙන්න.
පින්වත, ඔබ ‘දිට්වා කුණාටුව’ හේතුවෙන් රට තුළ ඇති වුණ විනාශය ගැන, ජීවිත හානි ගැන කුමක් ද සිතන්නේ? පින්වත, ඔබට මේ විනාශය සිතා ගන්න බැරි පුදුමයක් ද? පින්වත, මේ විනාශය ඔබට මහා පුදුමයක් නම්, භික්ෂුව බොහෝම පැහැදිලිව කියනවා, පින්වත් ඔබ තවමත් ධර්මය දැකලා නම් නැහැය කියලා. පින්වත, ධර්මය දකිනවා යැයි කියන්නේ රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයන්ගේ…
මධ්‍යම ප්‍රතිපදාව තුළ ජීවත් වෙන්න.
පින්වත, මෙම සටහන තබන මොහොතේ භික්ෂුව වැඩ සිටින ප්‍රදේශයට අනුකම්පාවකින් තොරව ම වහිනවා. ඊයේ සවස හතරට පමණ පටන් ගත්ත වැස්ස, දැන් පාන්දර තුනයි තවමත් වහිනවා. පින්වත, භික්ෂුව වැඩ සිටින කුටිය මායිමේ තිබෙන මහා ජලාශයේ බඩකට පිරෙන්න ම වතුර පිරිලා. ගම පුරා ම කුඹුරු යායවල පුංචි පැළ ගොයම, තල, රටකජු, ගොඩ ගොවිතැන් වැසි දියෙන් හොඳටෝම හෙම්බත්…
විඤ්ඤාණයේ මායාවට නොරැවටෙන්න.
පින්වත, උතුම් ප්රාතිමෝක්ෂ ශීලයේ අර්ථයන් නොසලකා හරිමින් සමාජ මාධ්‍යය නමැති මාර ධර්මය භාවිතයට ගැනීමෙන්, පැවිදි අපේ භව භෝග සම්පත් වන උතුම් සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ගුණයන් පිරිහීමට පත් වෙන්න පුළුවන්. පින්වත, පැවිදි අපි සමාජ මාධ්‍ය ජාලා පරිහරණය කළ යුත්තේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ සමාජගත කිරීමට මිස, සංඝ සමාජයට ම හානි කරන මිච්ඡා වාචාවන් උදෙසා නම්…
ඉන්ද්රිය සංවරයට ගරු කරන්න.
පින්වත, අලුත විවාහ වෙච්ච තරුණ යුවළක් භික්ෂුවට කියනවා, “ස්වාමීන් වහන්ස, අපි දරුවන් නොහදන්න තීරණය කළා” ය කියලා. පින්වත, එම දෙපළ සිතන්නේ දරුවන් ජීවිතයට බරක්ය කියලා. පින්වත, හැමෝම මෙහෙම සිතුවොත් සිංහල බෞද්ධයාට අනාගතයේ දී කුමක් සිදු වෙයි ද? මෙය සටහන් තබන භික්ෂුවගේ තාත්තාට සහෝදර, සහෝදරියන් පස් දෙනෙක් සිටියා. භික්ෂුවගේ අම්මාට සහෝදර, සහෝදරියන් හත් දෙනෙක් සිටියා. පින්වත,…
මෛත්‍රියේ ගිණුම ශක්තිමත් කර ගන්න.
පින්වත, අපි හැමෝට ම පිරිවර සම්පත් ලබන්නට බැහැ. පින්වත, පෙර ජීවිතවල පුහුණු කළ මෛත්‍රිය, ශීලය, ත්‍යාගය වගේ ම හැමෝගේ ම සහභාගිත්වයෙන් සහ උපකාරයෙන් පිරී ඉතිරී යන්න පින්කම් සිදු කිරීමේ ඵලයයි, පිරිවර සම්පත් කියන්නේ. පින්වත, සමහර පින්වතුන් සිටිනවා, තමන් පූජා කරන පිරිකර අනුනට අත ගස්සවන්නවත් කැමති නැහැ. අනුන් අත ගැසුවොත් පින අඩු වෙයි කියලා හිතනවා. සමහරක්…
දුක සකස් වෙන්නේ තෘෂ්ණාව නිසයි.
පින්වත, අපි ජීවත් වෙන්නේ බොහෝම වේගයෙන් මනුෂ්‍යකම් දුර්වල වෙන සමාජයක. පින්වත, මනුෂ්‍යකම් දුර්වල වෙද්දී, පින්වත් මනුෂ්‍යයා ආත්මාර්ථකාමී වෙනවා. පින්වත, අනුන් ගැන නොසිතන, තමා ගැන පමණක් සිතන කෙනෙක් වෙනවා. පින්වත, ආත්මාර්ථකාමීභාවය අපිට සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයෝ අහිමි කරනවා. පින්වත, ඔබ ආත්මාර්ථකාමී වන මොහොතක් පාසා මෛත්‍රියට අදාළ ආනිශංස ධර්මයෝ එකොළහක් අහිමි කොට ගන්නවා. පින්වත, බලන්නකෝ, අපේ…