Article
ඔබ තුළින් “ඔබ” දකින්න එපා.
පින්වත, මෙම සටහන කියවන ඔබ සමාජයේ ජීවත් වන ජනප්‍රිය චරිතයක් ද? පින්වත, ඔබ සැබවින් ම ජනප්‍රිය චරිතයක් නම්, කරුණාකර ඔබේ ජනප්රියභාවය ‘මම’ ය, ‘මගේ’ ය යැයි දකින්න එපා. පින්වත, ඔබ, ඔබේ ජනප්රියභාවය මමය, මගේය යැයි දැක්කොත්, ජනප්රියභාවය කෙලෙසන මමත්වයේ දැඩිභාවය ප්‍රණීතභාවයෙන් ඔබ තුළින් හිස ඔසවනවා. පින්වත, ඔබ ලබන ජනප්රියභාවය අතීතයේ පටිච්චසමුප්පන්නව ඔබ ප්‍රගුණ කළ මෛත්‍රියේ…
මෛත්‍රියට අදාළ ආනිශංසයෝ ජිවිතයට එකතු කරගන්න.
පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “සත්ත්වයා කර්මය දායාද කොට ගෙන උපදියි” කියලා. පින්වත, “සත්ත්වයා කර්මය මගේ කොට ගෙන, කර්මය ඥාතියා කොට ගෙන, කර්මය සෙවණැල්ල කොට ගෙන උපදියි” කියලා. පින්වත, අද සවස් යාමයේ භික්ෂුව අධිවේගී මාර්ගයේ බසයක වඩිද්දී, වේගයෙන් ගිය බස් රථයේ ඉදිරිපස වැදී පක්ෂියෙක් මැරී වැටුණා. පින්වත, පරිසරය පුරාවට මෙතරම් ඉඩකඩක් තිබිය දී, මෙම…
සිහි මුළා වූ මරණයක අවාසනාව.
පින්වත, අපේ තෘෂ්ණාව වැඩි වෙද්දී, උපාදානයෝ හෙවත් බැඳීයාම් සහ අයිති කර ගැනීමේ කැමැත්ත වැඩි වෙනවා. පින්වත, වර්ණය, සැපය, බලය අයිති කොට ගැනීමේ කැමැත්ත අපි තුළ තිබිලා පමණක් වැඩක් වෙන්නේ නැහැ. පින්වත, වර්ණය, සැපය, බලය අයිති කොට ගැනීමට අදාළ පිනත් අපිට පටිච්චසමුප්පන්නව තිබෙන්නට ඕනේ. පින්වත, වර්ණය, සැපය, බලය උදෙසා කැමැත්ත දෝරේ ගලා ගියත්, ඊට අදාළ පින…
සිරකරුවා තුළිනුත් ධර්මය දකිමු.
පින්වත, බුදු දහම යැයි කියන්නේ තම ගිහි ජීවිතයේ දී මනුෂ්‍ය ඝාතන සිය ගණනක් සිදු කොට ගත් අංගුලිමාල, බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයේ පිහිටෙන් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කොට ගත් දහමක්. පින්වත, බුදු දහම යැයි කියන්නේ මරණීය දණ්ඩනයට නියම වෙලා එල්ලුම් ගහට යන අසරණ සිරකරුවාටත් මහා සංඝ රත්නය වැඩම කරලා සද්ධර්මය දේශනා කරන දහමක්. පින්වත, මෙය…
භවය යම් තැනක ද ඔහුගේ අත ගන්නා මනාලිය උපත මයි.
පින්වත, “ගෞරවනීය සංඝ සමාජයේ විනය ශක්තිමත් කිරීම උදෙසා ධර්ම සංගායනාවක් පැවැත්විය යුතුයි” කියලා, පිංවත් ගිහි සමාජයෙන් අදහස් ප්‍රකාශ වෙනවා නේද? පින්වත, පසුගිය දවස්වල පක්ෂ සහ විපක්ෂ දේශපාලන නායක පින්වතුන්ලාත් ඉහත අදහස ප්‍රකාශ කරලා තිබුණා. පින්වත් ගිහි පින්වතුන්ලා ගෞරවනීය සංඝ සමාජය කෙරෙහි අවදියෙන් සිටීම සතුටට කාරණයක්. පින්වත, ඔබලා දක්වන්නා වූ සංඝ සමාජය කෙරෙහි අවදිය සෑම මොහොතක…
අවිද්‍යාවට පැවතිය නොහැකි තැන විමුක්තිය උපදියි.
පින්වත, කිනම් පක්ෂයක වේවා, අපේ රටේ පින්වත් රාජ්‍ය නායකතුමා හෙට හිමිදිරි උදෑසන අවදි වෙලා, සුවඳ පැනින් නා, පිරිසිදු වී, කර්මය කර්මඵල විශ්වාසය ඇති කොට ගෙන, ආජීව අට්ඨමක ශීලය සමාදන් වී, තමා සමාදන් වූ ආජීව අට්ඨමක ශීලය දිවිහිමියෙන් ආරක්ෂා කොට ගන්නා බවට, තමා තමාට ම පොරොන්දු වී, හෙට දවසේ පටන් රාජ්‍ය පාලනයේ අලුත උපන්, වචනයේ පරිසමාප්ත…
බිඳුණු සිල් පදවල වැරහැලිභාවය.
පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “පින්වත් මනුෂ්‍යයෝ ධාතු ධාතු හැටියට බැඳී යනවා” ය කියලා. පින්වත, සත්පුරුෂයෝ, සත්පුරුෂයන්ට බැඳී යනවා. පින්වත, අසත්පුරුෂයෝ, අසත්පුරුෂයන්ට බැඳී යනවා. පින්වත, ‘සංස්කාර පච්චයා විඤ්ඤාණ’ යැයි කියන ධර්මතාවය ඉහත බැඳීම්වලට අත දිග හැර උපකාර කරනවා. පින්වත, පින්වත් මනුෂ්‍යයා තමන් පුහුණු කරන සංස්කාරයන්ට අදාළව ධාතු ධාතු හැටියට බැඳී යනවා නම්, සමාජය තුළ…
සතර පාරාජිකා.
උපසම්පදා ශීලයට අයත් අනේක සහස්ර ශික්ෂා අතුරන් පාරාජිකා සතර උපසම්පදාවේ ශීර්ෂය බඳුය. හිස සුන් වුවහොත් ජීවිතය කෙළවර වන්නාක් මෙන් ම පාරාජිකාපත්තියට පැමිණිය හොත් එයින් උපසම්පදාව කෙළවර වේ. කඳින් වෙන් වූ හිස නැවත කඳට බද්ධ කර ජීවත් කරවීමට ක්‍රමක් නැතිවාක් මෙන් පාරාජිකාපත්තියට පැමිණියකු නැවත උපසම්පන්නයකු කිරීමට ක්‍රමයක් ද නැත්තේය. පාරාජිකාපත්තියට පැමිණි පුද්ගලයා නැවත උපසම්පදාව ලැබීමට නුසුදුස්සෙක්…
සතර පාරාජිකා.
1. මෙවුන්දම් සේවනය කරනා භික්ෂූහු පාරාජිකා වූවෝ වෙති. යෝ පන භික්ඛු, භික්ඛූනං සික්ඛාසාජීවසමාපන්නෝ, සික්ඛං අපච්චක්ඛාය දුබ්බල්යං අනාවීකත්වා, මේථුනං ධම්මං පතිසේවෙය්‍ය, අන්තමසෝ තිරච්ඡානගතාය’පි, පාරාජිකෝ හෝති අසංවාසෝ. යම් භික්ෂුවක්, භික්ෂූන් ගේ ප්රාතිමෝක්ෂ ශික්ෂාපදවලට අනුව ජීවත් වීමට පොරොන්දු වී, උපසම්පදාව ලබා ගෙන සිටිය දී, ඒ උපසම්පදාව ප්‍රතික්ෂේප නොකොට, ශික්ෂා පද රැකීම පිණිස වීරිය නැති බව දුර්වල බව ප්‍රකාශ…
ඔබේ ලොකුම තරහකාරයා කවරෙක්ද?
පින්වත, වෛරය ජය ගන්න පුළුවන් අවෛරයෙන් මයි. පින්වත, කර්මය කර්මඵල විශ්වාසය නොහඳුනන පින්වතුන් වෛරය, වෛරයෙන් ම ජය ගන්න උත්සාහ කරනවා. පින්වත, වෛරයේත් කෙටි ආස්වාදයක් තිබෙනවා. පින්වත, වෛරයේ කෙටි ආස්වාදයට ඔබේ හදවතින් අත්පොළසන් ලැබෙන බව ඇත්ත. එහෙත් වෛරයේ දීර්ඝ ආදීනවයෝ මෙලොව සහ පරලොව යන දෙකම දුකේ විකෘතියක් බවට ම පත් කොට දෙනවා. පින්වත, ප්‍රේත ලෝකයේ ජීවත්…