දුකට හේතු වන තෘෂ්ණාවේ බර සැහැල්ලු කර ගන්න.
පින්වත, සුන්දර වස්සානයේ තුන්වන සතිය උදා වෙලා. පින්වත, මේ රාත්‍රියේ කැලැ රොදේ ගස් අතරින් එබිකම්…
පින්වත, සුන්දර වස්සානයේ තුන්වන සතිය උදා වෙලා. පින්වත, මේ රාත්‍රියේ කැලැ රොදේ ගස් අතරින් එබිකම් කරන ඇසළ සඳවතියගේ නවයොවුන් ප්‍රභාස්වරභාවය හොඳටෝම හීන වෙලා. පින්වත, ඇය තව ටික දවසකින් කළුවර සඳක් ම වේවි. පින්වත, රූපයේ කෙටි ආස්වාදය සහ රූපයේ දීර්ඝ ආදීනවයෝ ගැන සඳවතිය මොනතරම් ලස්සන පාඩමක් අපිට කියලා දෙනවා ද? පින්වත, කළුවර දිශාවට වයසට යන සඳවතිය…
පින්වත, මනුෂ්‍ය අපේ පෘථග්ජන ධර්මයන්, ඉන්ද්‍රිය ධර්මයන් සහ බල ධර්මයන් අපිව සතර අපා, මනුෂ්‍ය, දිව්‍ය සහ බ්‍රහ්ම භව නවාතැන් පොළවල භව සංචාරකයන් බවට පත් කරනවා වගේ ම, උතුම් බල ධර්මයෝ අපිට භව නිරෝධයේ නිදහස් වීම උදෙසා ද උපකාරක ධර්මයෝ සකස් කොට දෙනවා. පින්වත, සංස්කාරයන්ගේ විවිධත්වය දෙස, අපි අවිද්‍යාවේ ඇසෙන් බලන නිසා ම, අපි තුළ ඇති…
පින්වත, සංස්කාර හේතුවෙන් සකස් වන දැනීම් හෙවත් විඤ්ඤාණ යැයි කියන්නේ හේතුඵල ධර්මයක්. පින්වත, සංස්කාරයෝ අධාර්මික වෙද්දී, අපි තුළ සකස් වන දැනීම් අධාර්මික වෙනවා. පින්වත, ඔබ තුළ නිරතුරුව ම ගැටෙන සිත් සකස් වෙනවා නම්, ඊට හේතුව බාහිර පුද්ගලයෙක් නොව අනුන් හේතුවෙන් ඔබ තුළ සකස් කොට ගන්නා ලෝභ, ද්වේශ, මෝහයෝ ම බව සිහිනුවණින් තේරුම් ගන්න දක්‍ෂ වෙන්න….
පින්වත, ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ගොඩාක් ඉහළ ගිහින් නේද? පින්වත, ඩෙංගු මාරයා මනුෂ්‍ය ජීවිත පනහක් පමණ බිලි අරගෙන නේද? පින්වත, අපි නොසිතන සැඟවුණ අකුසලයක් ඩෙංගු රෝගය සමාජයට බෝ කරනවා. පින්වත, ඩෙංගු මර්දන ක්‍රියාන්විතයේ දී මදුරු කීටයන් ලක්‍ෂ කීයක් නම් අපි මරා දමන්නට ඇති ද? පින්වත, ඔය මදුරු කීටයෙක් යැයි කියන්නේ පටිච්චසමුප්පන්න අතීත භවයේ මනුෂ්‍ය සහ දිව්‍ය…
පින්වත, අවිද්‍යාව හේතුවෙන් සකස් වන සංස්කාරයෝ, අපි හැමෝම කාම, රූපී සහ අරූපී භව සිර ගෙවල්වල රැඳවියන් බවට පත් කරලයි තිබෙන්නේ. පින්වත, ‘තෘෂ්ණා පච්චයා උපාදානං’ යැයි කියන ධර්මතාවය හේතුවෙන් වර්තමානයේ කාම භවය නමැති සතර අපායේ සහ මනුෂ්‍ය ලෝකයේ සිර ගෙවල් පිරී ඉතිරී ගිහින් තිබෙන්නේ. පින්වත, අපේ පින්වත් පර පණ නොනසන රාජ්‍ය නායකතුමන්ලා මරණ දඬුවමට එල්ලුම් ගස…
පින්වත, මෙම සටහන කියවන ඔබ සමාජයේ ජීවත් වන ජනප්‍රිය චරිතයක් ද? පින්වත, ඔබ සැබවින් ම ජනප්‍රිය චරිතයක් නම්, කරුණාකර ඔබේ ජනප්‍රියභාවය ‘මම’ ය, ‘මගේ’ ය යැයි දකින්න එපා. පින්වත, ඔබ, ඔබේ ජනප්‍රියභාවය මමය, මගේය යැයි දැක්කොත්, ජනප්‍රියභාවය කෙලෙසන මමත්වයේ දැඩිභාවය ප්‍රණීතභාවයෙන් ඔබ තුළින් හිස ඔසවනවා. පින්වත, ඔබ ලබන ජනප්‍රියභාවය අතීතයේ පටිච්චසමුප්පන්නව ඔබ ප්‍රගුණ කළ මෛත්‍රියේ…
පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “සත්ත්වයා කර්මය දායාද කොට ගෙන උපදියි” කියලා. පින්වත, “සත්ත්වයා කර්මය මගේ කොට ගෙන, කර්මය ඥාතියා කොට ගෙන, කර්මය සෙවණැල්ල කොට ගෙන උපදියි” කියලා. පින්වත, අද සවස් යාමයේ භික්ෂුව අධිවේගී මාර්ගයේ බසයක වඩිද්දී, වේගයෙන් ගිය බස් රථයේ ඉදිරිපස වැදී පක්‍ෂියෙක් මැරී වැටුණා. පින්වත, පරිසරය පුරාවට මෙතරම් ඉඩකඩක් තිබිය දී, මෙම…
පින්වත, අපේ තෘෂ්ණාව වැඩි වෙද්දී, උපාදානයෝ හෙවත් බැඳීයාම් සහ අයිති කර ගැනීමේ කැමැත්ත වැඩි වෙනවා. පින්වත, වර්ණය, සැපය, බලය අයිති කොට ගැනීමේ කැමැත්ත අපි තුළ තිබිලා පමණක් වැඩක් වෙන්නේ නැහැ. පින්වත, වර්ණය, සැපය, බලය අයිති කොට ගැනීමට අදාළ පිනත් අපිට පටිච්චසමුප්පන්නව තිබෙන්නට ඕනේ. පින්වත, වර්ණය, සැපය, බලය උදෙසා කැමැත්ත දෝරේ ගලා ගියත්, ඊට අදාළ පින…
පින්වත, බුදු දහම යැයි කියන්නේ තම ගිහි ජීවිතයේ දී මනුෂ්‍ය ඝාතන සිය ගණනක් සිදු කොට ගත් අංගුලිමාල, බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයේ පිහිටෙන් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කොට ගත් දහමක්. පින්වත, බුදු දහම යැයි කියන්නේ මරණීය දණ්ඩනයට නියම වෙලා එල්ලුම් ගහට යන අසරණ සිරකරුවාටත් මහා සංඝ රත්නය වැඩම කරලා සද්ධර්මය දේශනා කරන දහමක්. පින්වත, මෙය…
පින්වත, “ගෞරවනීය සංඝ සමාජයේ විනය ශක්තිමත් කිරීම උදෙසා ධර්ම සංගායනාවක් පැවැත්විය යුතුයි” කියලා, පිංවත් ගිහි සමාජයෙන් අදහස් ප්‍රකාශ වෙනවා නේද? පින්වත, පසුගිය දවස්වල පක්‍ෂ සහ විපක්‍ෂ දේශපාලන නායක පින්වතුන්ලාත් ඉහත අදහස ප්‍රකාශ කරලා තිබුණා. පින්වත් ගිහි පින්වතුන්ලා ගෞරවනීය සංඝ සමාජය කෙරෙහි අවදියෙන් සිටීම සතුටට කාරණයක්. පින්වත, ඔබලා දක්වන්නා වූ සංඝ සමාජය කෙරෙහි අවදිය සෑම මොහොතක…