දුකට බර ලෝකය තුළ සතුට.
පින්වත, ජාති, ජරා, ව්යාධි, මරණ, ශෝක, පරිදේවයෝ මනුෂ්ය ජීවිතවලට හරිම අභියෝගයක්. පින්වත, මේ අභියෝගයන් ඉදිරියේ…
පින්වත, ජාති, ජරා, ව්යාධි, මරණ, ශෝක, පරිදේවයෝ මනුෂ්ය ජීවිතවලට හරිම අභියෝගයක්. පින්වත, මේ අභියෝගයන් ඉදිරියේ පින්වත් මනුෂ්යයෝ සම්මතයන් ඉරාගෙන, අසම්මතයන් තුළ හැසිරෙනවා. පින්වත, සමාජයට අවශ්ය දුකෙන් මිදෙන්න දහමක් නොවේ. පින්වත, සමාජයට අවශ්ය දුක මඟ හැර ජීවත් වීමට ආරක්ෂාකාරී දහමක් පමණක් මයි. පින්වත, සංඝ සමාජයේ පුද්ගලයන් අටදෙනෙක් සිටිනවා. පින්වත, මෙම උතුම් පුද්ගලයන් අටදෙනා ශ්රද්ධානුසාරී සහ ධම්මානුසාරී…
පින්වත, දුක ඉදිරියේ බලෙන් සතුට සොයන්න එපා. පින්වත, දුක ඉදිරියේ, සැප ලබන මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් සැප මතු කොට ගන්න දක්ෂ වෙන්න. පින්වත, දුක පෙරළා දුක උදෙසා ම ආයෝජනය කරන අධර්මයෝ, අධර්මයන් ම විකසිත කොට දෙන සමාජයක් අපි ඉදිරියේ දිග හැරෙමින් පවතිනවා. පින්වත, හුඟාක් ඇත්තෝ දුක මකා ගන්න, මනුෂ්ය හිංසනය, කාමයේ වරදවා හැසිරීම…
පින්වත, පංච නීවරණයන්ට ජීවිතයෙන් සමුදීලා දස දිශාවට ම මෙත් වඩන්න. පින්වත, බාහිර වේවා, ආධ්යාත්මික වේවා පංච උපාදානස්කන්ධ ලෝකයේ පුංචි හෝ වරදක් නැහැ. පින්වත, අතීතයේ අපි වපුරපු සංස්කාරයෝ, අස්වැන්න හැටියට වර්තමානයේ අපිට ලැබිලා තිබෙනවා. පින්වත, ලැබුණ දෙය සතුටින් පිළිගන්න. පින්වත, ඔබට ලැබිලා තිබෙන දෙය ගැන ඔබ සෑහීමකට පත් වෙන්නේ නැති නම්, ලැබීමට අදාළ උතුම් ආර්ය අෂ්ටාංගික…
අනාථපිණ්ඩික සිටුතුමා කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අතිශයින්ම ශ්රද්ධාවෙන් සිටි ශ්රේෂ්ඨ උපාසකයෙක්. ජේතවනාරාමය බුදුරජාණන් වහන්සේ එහි වැඩ සිටින කාලයේ, සිටුතුමා දවසට තුන් වතාවක්ම උන්වහන්සේ බැහැදැකීමට ජේතවනාරාමයට යනවා. හැබැයි ඔහු කිසිම දවසක හිස් අතින් ගියේ නැහැ. උදෑසන යනවා නම් කැඳ සහ අවුළුපත් රැගෙන යනවා. උදෑසන ආහාරයෙන් පසුව යනවා නම් ගිතෙල්, උක්හකුරු, වෙඬරු වැනි දේ රැගෙන යනවා. සවස්…
පින්වත, සුන්දර වස්සානයේ දෙවැනි මාසයත් ගෙවිලා ගියා. පින්වත, වැස්ස හිඟ වස්සානය, සියලු සංස්කාරයෝ අනිත්ය දහම බොහෝම සරල භාෂාවෙන් ම අපිට කියලා දුන්නා. පින්වත, ඍතු නියාමයෝ වෙනස් වෙලා යන වේගය, ලොව්තුරු දහමේ “අරටුව”, ඕපනයිකව පැවිදි අපි තුළ තව තවත් ශක්තිමත් කොට දෙනවා. පින්වත, අදත් උදෑසන භික්ෂුව වස් අධිෂ්ඨානය පිළිබඳ සිහිනුවණ නැවත ආවර්ජනය කොට ගත්තා. පින්වත, වස්…
පින්වත, විනෝදාස්වාදය උදෙසා කඳු ශිඛර තරණය කරන විනෝදකාමී පින්වතුන්ලා මොනතරම් නම් සිටිනවා ද? පින්වත, ගොඩාක් වෙහෙස මහන්සි වෙලා කඳු මුදුනට නැගගත්තට පස්සේ, වටාපිටාවේ තිබෙන අනෙක් සෑම කන්දක් ම, තමන් නැගගත් කන්දට වඩා ගොඩාක් ලස්සනටයි පෙනෙන්නේ. පින්වත, අවිද්යාවෙන් සහ තෘෂ්ණාවෙන් පණ ලබන ‘චක්ඛු විඤ්ඤාණයේ මායාව’, කන්දෙන් කන්දට නොසෑහීම සොයා යන සංචාරකයන් බවට අපිව පත් කරවනවා. පින්වත,…
“ඉමිනා මෙ අධිකාරෙන කතෙන පුරිසුත්තමෙ සබ්බඤ්ඤුතං පාපුණාමි තාරෙමි ජනතං බහුං” යනුවෙන් “මා විසින් පුරුෂෝත්තමයා කෙරෙහි කරන ලද මේ අධිකාරයෙන් සර්වඥත්වයට පැමිණෙන්නෙමි, බොහෝ ජනයා සසරින් එතර කරවන්නෙමි” යි සුමේධ පණ්ඩිතයන් වහන්සේ දීපංකර බුදුන් වහන්සේ ඉදිරියේ පැතුවාක් මෙන් ලොවුතුරා බුදු කෙනෙකුන් ඉදිරියේ ප්රථම කොට බුදුබව පැතීම අභිනීහාර නමි. බුද්ධත්වය පිණිස කරන අභිනීහාරය අෂ්ඨාංගයකින් යුක්ත විය යුතුය. “මනුස්සත්තං…
පින්වත, සිනාසෙන්න, විනෝද වෙන්න සුදුසු ලෝකයක් නොවේ, මේක. පින්වත, ඒත් අපි තළු මර මරා සිනාසෙනවා, විනෝද වෙනවා. පින්වත, කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකයේ දී සිනාසෙනවා, විනෝද වෙනවා යැයි කියන්නේත් පෙර පිනක් මයි. පින්වත, එම පිනට භික්ෂුව සාදු! සාදු! යැයි කියලා පෙරළා පින් අනුමෝදන් කරනවා. පින්වත, ලෝකය දෙස සිනහවෙන් හෝ විනෝදයෙන් නොව සිහිනුවණින් බලන්න. පින්වත, කල්ප විනාශයක්…
පින්වත, ලෝකය යැයි ධර්මයේ සඳහන් වෙන්නේ කැඩෙන, බිඳෙන, විසිරෙන අර්ථයට. පින්වත, රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයෝ කැඩිලා, බිඳිලා, විසිරිලා යන අපූරුව සමාජය තුළින් ඔබ දකිනවා නේද? පින්වත, මෙම සටහන ලියන මොහොතේ භික්ෂුව සිහිනුවණින් දකිනවා, අනාගතයේ යම් දිනක භික්ෂුවගේ රූපයත් කැඩිලා, බිඳිලා, විසිරිලා කොහේ හෝ සුසාන භූමියක බාහිර සතර මහා ධාතුවට මුහුවෙලා යන අපූරුව. පින්වත, ලෝකය…
පින්වත, වියළි කාෂ්ටක පරිසරය හරිම උණුසුම්. පින්වත, දහවල් කාලයට ආකාශය ගිනියම් හිරු එළියෙන් පුපුරු ගහනවා. පින්වත, අපිට හේතුඵල ධර්මයෝ කියලා දීලා, සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. පින්වත, වියළි පරිසරය ඉදිරියේ ඵලය නොව හේතුව මතු කොට දකින්න දක්ෂ වෙන්න. පින්වත, ලෝක නායකයෝ ඇතුළු අපේ නායකයෝ අධාර්මිෂ්ඨ වෙද්දී, පින්වත් ගිහි සහ පැවිදි පින්වතුන්ලා අධාර්මිෂ්ඨ වෙද්දී, ඉර, හඳ,…