දරුවන් යහපත් අය වීමට ඔවුනට තමන් විසින් ඉටු කළ යුතු යුතුකම් මාපියන් දැනගෙන ඒවා ඉටු කළ යුතු ය. මාපියන්ගේ යුතුකම් තථාගතයන් වහන්සේ “සිගාල” ගෘහපති පුත්‍රයා හට “පාපා නිවාරෙන්ති, කල්‍යාණෙ නිවෙසසෙන්ති, සිප්පං සික්ඛාපෙන්ති, පතිරූපෙන දාරෙන සංයොජෙන්ති, සමයෙ දායජ්ජං නීය්‍යාදෙන්ති” යනුවෙන් වදාළ සේක. පාපයෙන් වළක්වා ලීම ය, යහපතෙහි යෙදවීම ය, ශිල්ප උගැන්වීම ය, සුදුසු භාර්යාවක් හා යෙදවීම ය, සුදුසු කල්හි දායාදය පවරා දීම ය යන මේ පස දරුවන් සම්බන්ධයෙන්න මා පියන් විසින් ඉටු කළ යුතු යුතුකම් ය.
(බෞද්ධයාගේ අත්පොත – රේරුකානේ චන්දවිමල මහනාහිමි)
සියළු දානයන් අතර ධර්ම දානයම අග්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැරීමෙන් (share කිරීමෙන්) සහ ඔබගේ මිතුරන් මෙම පිටුවට එකතු කර (invite කර) ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න. තෙරුවන් සරණයි!