Article
ඔබේ රූපය තුළින් අට්ඨික සංඥාව දකින්න.
ගෞරවනීය පිංවත, ඔබ බුදු දහම දැකලා තිබෙනවා ද? බුදු දහම යම් තැනකද එතැන ආර්ය අෂ්ටාංගික මාර්ගය, සප්ත බොජ්ඣඬ්ඟයෝ, සතර සතිපට්ඨාන ධර්මයෝ, ඉන්ද්රීය ධර්ම, බල ධර්ම, සතර සම්යක්ප්රධාන, සතර ඍද්ධිපාද මේ සියල්ලෝම තිබෙනවා. මේ සියලු ලෞකික සහ විදර්ශනාත්මක ධර්මයෝ උතුම් චතුරාර්ය සත්යය ධර්මය නමැති එකම අම්මාගේ පුණ්යවන්ත දරුවෝ. පිංවත් ඔබ නිවැරදිව ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවිතයට එකතුකොට…
ඔබ ඉපදුනේ නොමඟ යන්න නොවේ.
පුංචි පාසල් දරුවෙක් භික්ෂුවගෙන් ප්රශ්නයක් ඇසුවා, ස්වාමීන් වහන්ස, මල් ගස්වල පිපෙන සමහරක් මල් හරිම සුවඳයි. නමුත් තවත් සමහර මල්වල කිසිම සුවඳක් නැහැ. ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඇත්තටම සමහරක් මල් ගොඩාක් ලස්සන වුණත්, වර්ණය සහ හැඩයක් තිබුණත්, ඒ මල්වල සුවඳ පොඩ්ඩක්වත් නැහැ. පිංවත, අජීවී බීජ නියාමයන් සකස් වෙන්නේ, සජීවී අපේ කුසල් සහ අකුසල් සංස්කාරයන්ට අදාළවයි. අනාගතයේ…
ඔබ අහිංසක ශිෂ්යයින්ට කල්යාණ මිත්රයෙක් වෙන්න.
සති අන්තයේ නිවාඩු දිනවල පාසල් වයසේ දරුවන් ගොඩාක් උදෑසන පිණ්ඩපාත මඩුවට පැමිණෙනවා. සමහරක් දරුවන් පසඟ පිහිටුවලා සංඝයාට වන්දනා කරනවා. බොහෝම ඉන්ද්රීය සංවරභාවයෙන් සංඝයාට දන් පූජා කරනවා. පුංචි දරුවන්ගේ මේ සංවරශීලී හැසිරීම් දකිද්දී, භික්ෂුවට සම්මා සම්බුද්ධ ශාසනයේ හෙට පිළිබඳව පුංචි බලාපොරොත්තුවක් ඇති වෙනවා. සියළු සංස්කාරයෝ අනිත්ය වුවත්, ඒ උතුම් අනිත්ය ධර්මයන් අපට උගන්වන මේ උතුම් සම්මා…
උපන් දිනය දවසේ මුලින්ම හිතන්න ඇයි මම ඉපදුණේ කියලා.
ආනන්ද මහෝත්තමයන් වහන්සේ මේ කය තෘෂ්ණාවෙන් වැඩුණාය කියලා කියන්නේ පිංවත් ඔබ යම් දවසක උතුම් රහත්ඵල අවබෝධය ලැබුවොත් ඔබ සතර මහා ධාතුවෙන් සැදුන අධ්යාත්මික රූපයන්, බාහිර රූපයන්, අධ්යාත්මික රූපයට බැසගත්තා වූ පටිච්චසමුප්පන්න විඤ්ඤාණයත්, අනිත්ය වූ ධර්මතාවන් බව අවබෝධකොටගන්නවා. ඒ නිසාම එම රහතන්වහන්සේ පස්සය තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ නැහැ. මන්ද එම රහතන්වහන්සේ තෘෂ්ණාව නිරෝධය කරලයි වැඩසිටින්නේ. ඒ නිසාම…
අසිහියෙන් යන මේ ගමනේ කෙළවර කොතනද?
වර්තමාන සමාජය ආර්යඅෂ්ඨාංගික මාර්ගයෙන් පෝෂණය වූ සතර සතිපට්ඨාන ධර්මයන් කෙරෙහි සිහිය පිහිටුවා නොගැනීම නිසාම, අසිහියෙන් යන මේ ගමන, මනුෂ්ය සමාජය, මෘග සංඥාව කරා ගමන් කිරීමේ, බීජයම අවස්ථාව හැටියටයි, ධර්මානුකූලව අර්ථ දක්වන්න පුළුවන්. අනාගත ලෝකයේ මනුෂ්යයා, ශීලයෙන් බැහැරව, මිථ්යා දෘෂ්ටිය කරපින්නාගෙන, තිරිසන් සතුන් සේ, හැසිරෙන, මෘග සංඥාව කරා ගමන් කරන, මෘග සංඥා කෝච්චිය, වර්තමානයේ ඉබි ගමනින්,…
අවිද්යාවේ හැඩය තේරුම් ගන්න.
පිංවත, අතීත, වර්තමාන සහ අනාගත පංච උපාදානස්කන්ධ ලෝකය, ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ පරාජයෙන් හෙම්බත්ව අපගේ ඵස්සයේ අවිද්යාව තව තවත් ජවසම්පන්න කරද්දී, සියල්ලම පරාජය වෙච්ච සමාජයක, බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සියළු සංස්කාරයෝ අනිත්යයි කියන එකම ධර්මය පමණක්ම අපරාජිතව අපි ඉදිරියේ වැඩ සිටිනවා. පිංවත, හෙට දවසේ ඔබ කුමන නැවුම් ජයග්රහණයක් බලාපොරොත්තු වුව ද, ඒ…
අපේ හමුවීම බැඳීම් වැඩෙන හමුවීමක් නොවේ.
පිංවත, මේ සටහන ලියන්න පටන් ගන්න මොහොතේ, භික්ෂුවට මේ ලිපිය ධර්ම ගෞරවයෙන් කියවන පිංවත් ඔබව සිහිපත් වුණා. පිංවත් ඔබව සිහිපත් වූ එම සිතුවිල්ල අනිත්ය වූ රූපයක් හේතුවෙන් සකස්වුණ අනිත්ය වූ ඵස්සයක් යැයි දැක භික්ෂුව පිංවත් ඔබව අමතක කොට දැම්මා. පිංවත් ඔබව අමතක කළාය කියලා, ඔබ භික්ෂුව සමග අමනාප වෙන්න එපා. භික්ෂුව ඔබව අමතක කළේ පිංවත්…
අනුන්ව වට්ටන්නට බොරුකීම.
පිංවත, ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළව ශීලය ගැන විමසා බලද්දී, බුදුරජාණන් වහන්සේ මුලින්ම පනවන්නේ, සම්මා වාචාවන්. ඒ කියන්නේ යහපත් සත්ය වචන සහ ප්රිය වචන. අපේ ජීවිත තුළින් සම්මා වාචාවන් දුර්වල කොටගත්තොත්, අපේ සමස්ත ශීලයම සෝදා පාළුවට ලක් වෙනවා. වර්තමාන සමාජයේ බොරු කරනවා ගොඩාක්ම වැඩි නිසා, එහි විපාකයන් හැටියට බොරු කියනවාත් ගොඩාක් වැඩිවෙලා. අනුනට චෝදනා කරන්නට, අනුනට…
අධ්යාත්මික සම්මා වායාමයකට සූදානම් වන්න.
පිංවත, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ජීවත්වෙන රටයි. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන රටයි. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ හද ගැහෙන රටයි. පිංවත, ඔබ වර්තමානයේ නොඅවදියෙන් සිටියොත්, පිංවත් අපේ විඳීම් මෝරා කාමච්ඡන්දයන් වැසි වසින මේ කෙලෙස් අනෝරා වැස්සේ අපි සියල්ලෝම ප්රමාදීභාවයට පත්වෙන්න පුළුවන්. පිංවත, මේ කෙලෙස් වැස්සේ අකුසල් වැසි දියෙන් බේරී සිටීමට පිනේ…
අකුසලයේ සහ පවේ උපත මිච්ඡා සතියයි.
පිංවත, අපිට සතුරන් හෝ මිතුරන් නැහැ. අපේ එකම සතුරා සහ මිතුරා, අපේම අතීත කුසල් සහ අකුසල් සංස්කාරයි. අපේම සතුරා සහ මිතුරා අපිම රැස්කොටගත් සංස්කාරයන්ගේ විවිධත්වය වෙද්දී, අපි වෛරයෙන්, ඊර්ෂ්යාවෙන්, අමනාපයෙන් එකිනෙකා දෙස බැලිය යුතු නැහැ. අපි, අපේ සතිය සහ සිහියේ අවි එසවිය යුත්තේ අනුනට නොව අපේම මිච්ඡා දෘෂ්ටියට, අපේම මිච්ඡා සංකප්පයන්ට සහ අපේම මිච්ඡා ශීලයටයි….