Article
විසි හතර පැයේ ගිලිහෙන සිල්පද.
පිංවත, අපේ රටේ දේශපාලනය කියන්නේ සම්මා ආජීවයක් ද එසේත් නැතිනම් මිච්ඡා ආජීවයක් ද? පිංවත, අපේ රටේ දේශපාලනය සම්මා ආජීවයක් නම් අපේ පිංවත් දේශපාලන පිංවතුන්ලාට සම්මා සතියක් සහ සම්මා සමාධියක් තිබෙන්නට ඕනේ. සත්‍යකින්ම අපේ රටේ දේශපාලනය මිච්ඡා ආජීවයක්. දේශපාලනය මිච්ඡා ආජීවයක් වූ කල්හි අපේ උරුමය වෙන්නේ මිච්ඡා සතියෙන් පෝෂණය වෙන පංච නීවරණ ධර්මයෝමයි. මේ උමතු පංච…
ලස්සන විතරක් නෙවෙයි මලක සුවඳත් තියෙන්න ඕනෑ.
පිංවත, මනුෂ්‍ය ලෝකයේ යම් ප්‍රජාවක් අවුරුදු නාමයෙන් සමරන ප්‍රණීතම, අර්ථවත්ම සංස්කාරයක් වන පුණ්‍යවන්ත තවත් සිංහල අළුත් අවුරුද්දක් ගෙවී ගියා. ලෞකික ප්‍රඥාවට මුල්තැන දෙමින් ශීලයෙන්, සතියෙන්, නිරෝගීභාවයෙන් ජීවිත අළුත් කරන සිංහල අළුත් අවුරුද්ද ගෙවී ගියත්, ඔබේ පුණ්‍යවන්ත ජීවිතය තුළින් සිංහල බෞද්ධකමේ අර්ථය නම් ගෙවී යන්න ඉඩ දෙන්න එපා. සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර තුළින් උතුම් තෙරුවන්ට ගරු…
රහත් සිත නම් පර්වතය, රූප සුළි සුළං හමුවේ නොසැලෙන අපූරුව.
අවිද්‍යාව හේතුවෙන් සකස් වෙන සංස්කාරයන් අනිත්‍ය භාවයට පත් වෙන්නේ පුදුමාකාර වේගයකින්. මේ නිමේෂයේදී දේවස්ථානයේ දෙවියන් යදිමින් සිටින පින්වතා, ඊළග නිමේෂයේදී, දේවස්ථානය තුළදීම, පිපිරීමකින් කැඩී බිඳී මියයනවා. ඒ විතරක් නොවේ, ඊළග තත්පරයේදී, එම මියගිය පින්වතා, පටිච්ච සමුප්පන්නව නැවත භවයේ උපතකුත් ලබනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පටිච්ච සමුප්පාද ධර්මය, මොන තරම් නම් වේගවත් භාවයෙන් සත්ත්වයාගේ ජීවිත…
මෛත්‍රී ශීලයෙන් පලා යන්න එපා.
පිංවත, අපි මලක් වගේ මෙලෙක් වෙන්න කොච්චර සිතුවත්, අපිටත් හොරා අපේ සිතුවිලි ගොරෝසු වෙනවා. සම්මා සංකප්පයන් පසුපස සක්කාය දිට්ඨිය ලුහුබඳිද්දී, මෛත්‍රියට හති වැටෙන්නේ බොහෝම වේගයෙන්. මෛත්‍රියට හති වැටෙද්දී මෛත්‍රියේ ආනිශංස ධර්මයෝ එකොළහක් අපිට අහිමි වෙනවා. මේ අහිමිවීම මොනතරම් පරාජයක් ද කියලා කියනවා නම්, අපේ ශීලය, සතිය, සමාධිය පංච නීවරණයන්ගෙන්ම අපවිත්‍ර කරනවා. පිංවත, ඔබටත් කේන්ති යනවා…
මිල කරන්න බැරි සිතුවිල්ල.
පිංවත, භික්ෂුව වැඩසිටින ගම්මානයේ පසුගිය සතියක අවුරුදු උත්සවයක් පැවැත්වුණා. උදෑසන පටන් සවස් යාමේ දක්වා ගොඩාක් තරඟ ඉසව් තිබුණා. ශබ්ද විකාශන හඬ කුටියට යාන්තමට ඇසුණා. උදේ සිටම සැඟවිලා සිටිය සැඟවුණු අමුත්තා සවස් වෙනකොට සොයා ගත්තා. අවුරුදු උත්සවයත් ජාතික ගීය වාදනය කරලා අවසන් වුණා. පිංවත, මෙතනින් ඔබ නවතින්න එපා. මේ මොහොතේ පටන් මෙත් සිත පෙරදැරිව හැමෝම එකතු…
මිථ්‍යාදෘෂ්ටි අළු ගසා නැගිටින සමාජයක පින මගහැර යන්න එපා.
පිංවත, අපි දකින්නට අකමැති ගොරහැඬි සිහින වගේම, අපි දකින්නට කැමති පාට පාට සිහින අපි කොතෙක් නම් දැක තිබෙනවා ද? පිංවත, අපි කොතෙක් නම් අනාගත පාට පාට සිහින දකින්න බලාපොරොත්තුවෙන් ජීවත් වෙනවා ද? පිංවත, සිහින කියන්නේ විඤ්ඤාණයේ මායාවක්. ගොරහැඬි වේවා, පාට පාට වේවා, සිහිනයක් උපදින්නේ මනෝසම්ඵස්සයෙන්. පිංවත, මනෝසම්ඵස්සය යැයි කියන්නේ ඔබගේ අධ්‍යාත්මික රූපය, බාහිර රූපය සහ…
මට්ටකුණ්ඩලී කුමරුගේ කථා වස්තුව.
පින්වතුනේ, පින්වත් දරුවනේ, අපේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩසිටින කාලයේ අදින්නපුබ්බක නමින් ඉතාම ලෝභ තාත්තා කෙනෙක් හිටියා. එයාගේ එකම පුතාගේ නම මට්ටකුණ්ඩලී. ඒ පුතාට කනේ පළඳින ආභරණ සාප්පුවෙන් ගත්තේ නැහැ. ඒ තාත්තා මොකද කළේ? රන් කැබලි දෙකක් තමන්ම තලලා කරාබු ජෝඩුවක් හදලා පුතාගේ කනේ පැළඳුව නිසා තමයි පුතාට මට්ටකුණ්ඩලී යන නම ලැබුනේ. පවුලේ කාටවත් කෑම…
භාවනාව සක්කාය දිට්ඨියට හොඳ ආහාරයක්.
පිංවත, සද්ධර්මයේ ඇසෙන් ලෝකය දෙස දකිද්දී, ලෝකය හරිම පහසුයි. ලෝකය හරිම සරලයි. පිංවත, සද්ධර්මයේ මුදුන් මුල වෙන්නේ සප්ත බොජ්ඣඬ්ඟ ධර්මයෝ. පිංවත, අධර්මයේ මුදුන් මුල වෙන්නේ පංච නීවරණ ධර්මයෝමයි. යම් ජීවිතයක කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, විසිරුණු සිතුවිලි, විචිකිච්ඡාව තිබෙනවා නම්, ඒ ජීවිතය අවිද්‍යාව දිශාවටම නැමුණු, අධර්මයට බරවුණු ජීවිතයක්. යම් ජීවිතයක් දුක කෙරෙහි, දුකට හේතුව තෘෂ්ණාව කෙරෙහි සතිය…
බඹසරෙහි සහ සත්‍ය වචනයෙහි ආනුභාවය.
අපේ භාග්‍යවතුන් වහන්සේ දන් වැළඳුවේ ඉතා තුනී ගල් පාත්තරයක. ශෛලමය පාත්‍රා ධාතූන් වහන්සේ කියලයි ඒ පාත්තරේට කීවේ.භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත්වෙලා සත්සතිය වැඩඉන්නැද්දී සත්වෙනි සතියේ වැඩ උන්නේ රාජායතන කියන කිරිපලු රුක්සෙවනේ. ඔය කාලේ තපුස්ස – භල්ලික කියන සහෝදර වෙළෙන්දෝ දෙන්නෙක් උක්කලා ජනපදයේ හිටං කරත්ත පන්සියයක බඩු පටවාගෙන යද්දී අපේ භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට කිට්ටුවෙන්…
බද්ධේරක ඇතාගේ කථා පුවත.
නොපමා බවෙහි ඇලෙව්. තොපගේ සිත රකිව්. (ගැඹුරු) මඩෙහි ගැලුනු ඇතු වෑයම් කොට එයින් නැගී ගොඩ පිහිටිය මෙන් තමා ඒ කෙලෙස් මඩින් ගොඩ නගවු. “අප්පමාදරතොති” යන මේ ධර්මදේශනය තථාගතයන් වහන්සේ ජේතවනාරාමයේ වැඩසිටියදී කොසොල් රජුගේ බද්ධේරක නම් ඇතෙක් පිළිබඳව දේශනා කළහ. එම ඇතා තරුණ කාලයේදී මහා බලවතෙක්ව සිට වැඩකර පසුව වයසට යාම නිසා ආබාධවලින් පෙළුනේ එක් මහා…