සතර පාරාජිකා.
උපසම්පදා ශීලයට අයත් අනේක සහස්ර ශික්ෂා අතුරන් පාරාජිකා සතර උපසම්පදාවේ ශීර්ෂය බඳුය. හිස සුන් වුවහොත්…
උපසම්පදා ශීලයට අයත් අනේක සහස්ර ශික්ෂා අතුරන් පාරාජිකා සතර උපසම්පදාවේ ශීර්ෂය බඳුය. හිස සුන් වුවහොත් ජීවිතය කෙළවර වන්නාක් මෙන් ම පාරාජිකාපත්තියට පැමිණිය හොත් එයින් උපසම්පදාව කෙළවර වේ. කඳින් වෙන් වූ හිස නැවත කඳට බද්ධ කර ජීවත් කරවීමට ක්‍රමක් නැතිවාක් මෙන් පාරාජිකාපත්තියට පැමිණියකු නැවත උපසම්පන්නයකු කිරීමට ක්‍රමයක් ද නැත්තේය. පාරාජිකාපත්තියට පැමිණි පුද්ගලයා නැවත උපසම්පදාව ලැබීමට නුසුදුස්සෙක්…
1. මෙවුන්දම් සේවනය කරනා භික්ෂූහු පාරාජිකා වූවෝ වෙති. යෝ පන භික්ඛු, භික්ඛූනං සික්ඛාසාජීවසමාපන්නෝ, සික්ඛං අපච්චක්ඛාය දුබ්බල්යං අනාවීකත්වා, මේථුනං ධම්මං පතිසේවෙය්‍ය, අන්තමසෝ තිරච්ඡානගතාය’පි, පාරාජිකෝ හෝති අසංවාසෝ. යම් භික්ෂුවක්, භික්ෂූන් ගේ ප්රාතිමෝක්ෂ ශික්ෂාපදවලට අනුව ජීවත් වීමට පොරොන්දු වී, උපසම්පදාව ලබා ගෙන සිටිය දී, ඒ උපසම්පදාව ප්‍රතික්ෂේප නොකොට, ශික්ෂා පද රැකීම පිණිස වීරිය නැති බව දුර්වල බව ප්‍රකාශ…
පින්වත, වෛරය ජය ගන්න පුළුවන් අවෛරයෙන් මයි. පින්වත, කර්මය කර්මඵල විශ්වාසය නොහඳුනන පින්වතුන් වෛරය, වෛරයෙන් ම ජය ගන්න උත්සාහ කරනවා. පින්වත, වෛරයේත් කෙටි ආස්වාදයක් තිබෙනවා. පින්වත, වෛරයේ කෙටි ආස්වාදයට ඔබේ හදවතින් අත්පොළසන් ලැබෙන බව ඇත්ත. එහෙත් වෛරයේ දීර්ඝ ආදීනවයෝ මෙලොව සහ පරලොව යන දෙකම දුකේ විකෘතියක් බවට ම පත් කොට දෙනවා. පින්වත, ප්‍රේත ලෝකයේ ජීවත්…
පින්වත, අනාගතයේ යම් දවසක ප්රාතිමෝක්ෂ ශීලය ලෝකයෙන් අතුරුදන් වෙයි ද, එදාට උතුම් ප්රාතිමෝක්ෂ ශීලය ආරක්ෂා කොට ගෙන ජීවත් වූ උපසම්පදා ස්වාමීන් වහන්සේලා අතුරුදන් වෙලා යනවා. පින්වත, විනයගරුක උපසම්පදා ස්වාමීන් වහන්සේලායි, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ ආරක්ෂකයා වෙන්නේ. පින්වත, විනයගරුක උපසම්පදා භික්ෂුවක් යැයි කියන්නේ මොනතරම් දුර්ලභ භාග්‍යවන්තභාවයක් ද? පින්වත, උපසම්පදා භික්ෂුව ඊළඟ පරපුර උදෙසා සම්මා සම්බුද්ධ ශාසනය…
පින්වත, සියලු සංස්කාරයෝ ලෝභ, ද්වේශ, මෝහයන්ට බර වෙන කොට, සංස්කාරයෝ හේතුවෙන් සකස් වන විඤ්ඤාණයේ මැජික් සන්දර්ශනයෝ හරිම සංකීර්ණ වෙනවා. පින්වත, ඔබ පසුගියදා මෙතෙක් නොදැක්ක නව මාදිලියේ විඤ්ඤාණයේ මැජික් සන්දර්ශනයක්, මත්ද්‍රව්‍ය සහ පැවිදි පක්ෂය අතර දැක්කා නේද? පින්වත, දුශ්ශීලභාවයට පිළියම් නොකළොත් මීටත් වඩා හද කම්පා වෙන විඤ්ඤාණයේ මැජික් සන්දර්ශනයෝ අනාගතයේ දී සමාජගත වේවි. පින්වත, මෙවැනි සිද්ධීන්…
පින්වත, මේ පුණ්‍යවන්ත රාත්‍රියේ වෙසක් සඳවතිය ආකාශයේ හරිම අපූරුවට පායලා. පින්වත, ආලෝකයෙන් ප්‍රභාස්වර සඳවතිය තවත් පින්බර වෙසක් සතියක උදාවයි අපිට කියන්නේ. පින්වත, ප්‍රභාස්වර වෙසක් සඳවතිය දකිද්දී, භික්ෂුවට සිතෙන්නේ, භික්ෂුවගේ භව ගමනේ භික්ෂුව මොනතරම් නම් ප්රමාදී ද කියලා. පින්වත, “අතීතයේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගණනක් පහළ වෙලා තිබෙනවා” යැයි සූත්රගත ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, සෑම අතීත…
පින්වත, සිංහල අලුත් අවුරුදු අසිරිය ගෙවී ගියත්, පුණ්‍යවන්ත සිංහල බෞද්ධකම නම් ඔබේ ජීවිතයෙන් ගෙවී යන්න දෙන්න එපා. පින්වත, සිංහල බෞද්ධකම අහිමි කොට ගත්ත ජීවිතයක් යැයි කියන්නේ, අකුසල් මාරයාගේ ඇලීම් සහ ගැටීම් තරග පවත්වන දිවා සහ රාත්‍රී කෙළි බිමක්. පින්වත, මෙම දිවා සහ රාත්‍රී අකුසල් කෙළිබිම ආලෝකවත් කරන්නේ අසත්පුරුෂ ආශ්‍රය, අසද්ධර්ම ශ්‍රවණය සහ අනුවණින් මෙනෙහි කිරීම…
පින්වත, “සත්ත්වයා කර්මය දයාද කොට ගෙන උපදියි” කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පින්වත, කර්මය යැයි කියද්දී, කුසල් සහ අකුසල් කියන කාරණා දෙකම අයිති වෙනවා. පින්වත, මෙය සටහන් තබන භික්ෂුවට නම් මේ කාලයේ දී කුසල් සංස්කාරයෝ විපාක දෙනවා වැඩියි. පින්වත, විපාක දෙන කුසල් සංස්කාරයෝ හේතුවෙන් විපාකයට පැමිණීමට නොහැකිව ළත වෙන අකුසල් සංස්කාරයෝ අවස්ථාවක් පැමිණෙන තෙක්…
පින්වත, තවත් සිංහල අලුත් අවුරුද්දක් හෙට දවසේ උදා වෙනවා. පින්වත, සිංහල බෞද්ධකම අර්ථවත් කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ, මෙලොව සහ පරලොව පිළිබඳ විශ්වාසයෙන් පෝෂණය වූ කර්මය කර්මඵල ගැන දන්නා ජාතියක, විනයගරුක මංගල්‍යයටයි සිංහල අලුත් අවුරුද්ද යැයි කියන්නේ. පින්වත, මෙම මංගල්‍යය පුරාවට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ රස සහ ගුණ යස අගේට තැවරිලා තිබෙනවා. පින්වත, සිංහල අලුත් අවුරුද්දේ නැකතට…
පින්වත, ඔබට මෙවැනි කතා සමාජය තුළින් ඇහිලා තිබෙනවා ද? අනුනට කොච්චර කළත් වැඩක් නැහැ. අනුනට කරනවාට වඩා හොඳයි ගෙදරට වෙලා ඉන්නවා. අහවලාට මම මොනතරම් කාලය, ධනය, ශ්‍රමය වියදම් කළා ද? ඒ සියල්ල ම අපතේ ගියා. පින්වත, ඉහත පරාජිත ප්‍රකාශ සම්මා දිට්ඨියට නම් අයිති නැහැ. පින්වත, ඉහත ප්‍රකාශ තුළ කර්මය කර්මඵල විශ්වාසය ගෑවිලාවත් නැහැ. පින්වත, අනුනට…