අපි හැමෝ්ම ජීවත් වෙන්න කැමැතියි’ නමුත් අපි හැමෝම මරණයට අකැමැතියි’ සමාජයේ ජීවත්වන සමහර පිංවතුන්” මරණය ගැන සිතන්න අකැමැතියි’ මරණය ගැන සිතන්න අකැමැති පිංවතා බොහෝම ඉක්මනට මරණය ජීවිතයට ළඟා කොට ගන්නවා’ එසේත් නැති නම්” ජීවත් වුණත් ඒ ජීවිතය මැරිච්ච ජීවිතයක්ම වෙනවා’
නොමැරී ජීවත් වුණත් වර්තමාන සමාජයේ වැඩිපුරම තිබෙන්නේ අලෝභ” අද්වේශ” අමෝහ ධර්මයන් මැරිච්ච ජීවිතයි’ බුදුරජාණන් වහන්සේ මෙවැනි ජීවිතවලට ධර්මානුකුලව කියන්නේ ඇවිදින ඇටසැකිලි කියලා’ එසේත් නැති නම් ඇවිදින මළකඳන් කියලයි’ මෙවැනි ඇවිදින මළකඳන්වලින් සමාජයටත්” තමන්ටත් වැඩක් නැහැ’ එවැනි ඇවිදින මළකඳන් තමනුත් අකුසල් සිදුකොට ගෙන” අනුන්වත් අකුසලයටම යොමු කරනවා’
අපි හැමෝම ජීවත් වෙන්න කැමැති වුණත්” මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවත් වෙන එක පුද්ගලයෙක් සිටිනවා’ එම පුද්ගයා ජීවත් වෙන්න අකැමැතියි’ නමුත් මැරෙන්න කැමැතියි’ මේ පුද්ගලයාගේ කැමැත්තත්” අකමැත්තත්” ඇලීම්” ගැටීම්” උපේක්ෂාවන්ගෙන් තොර ධර්මයේ උපේක්ෂාවෙනුයි පෝෂණය වෙලා තිබෙන්නේ’ ඒ ආශ්චර්යවත් මනුෂ්‍යයාට තමයි උතුම් රහතන් වහන්සේ කියලා කියන්නේ’
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා’ පිංවත ඔබලාට” නුවණින් දකින්නය කියලා’ ඇලීම් ගැටීම්” උපේක්ෂාවන්ගෙන් තොරව ජීවිතයත්් මරණයත් දකින්න කියලා’ මම කවදාද පස්සය වේදනාවෙන් කිලිටි නොකරන” ඒ ආශ්චර්යවත් රහතන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ කියලා දකිමින් ජීවත් වෙන්න කියලා’ නිදි යහනේ” කොට්ටෙට හිස තබාගෙන අපි මොන තරම් නම් සිහින දකිනවාද? ඒ සෑම සිහිනයක්ම දුක ඉතිරි කරලා සැපය නැවත සිහිනයක් බවටම පත් කරනවා’ අපිට ඉතිරි වෙලා තිබෙන්නේ සැපය හඹාගෙන නැවත නැවත සිහින දැකීම පමණක්මයි’
සිහින නොදකින රහතන් වහන්සේ අවබෝධයෙන්ම දන්නවා ජීවත් වීමත් මරණයත් යන දෙකම අතීත පටිච්චසමුප්පන්න සංස්කාරයන්ගේ” නූල් සුත්තරයක්ය කියලා’ අපේ දීර්ඝ පටිච්චසමුප්පන්න ජීවිතය” හරිම ගොරහැඩියි’ ඒ හොරහැඩි භාවය අතීත මළකඳන් කෝටි ගානක මහා මළමිනී කඳු යායක් වගේයි භික්ෂුවට පෙනෙන්නේ’ ඒ මළමිනී කඳුයායේ මනුෂ්‍ය මළකඳන්” සතර අපා සත්ව මළකඳන්” දිව්‍ය බ‍්‍රහ්ම මළකඳන්” දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් සහිත සක්විති රජ මළකදන්” හරිම අපූරු මළකඳන් ගොඩක චිත‍්‍රයක්” භික්ෂුවගේ මනසේ ගොඩනැෙඟනවා’ ඒ චිත‍්‍රය මොහොතකින් භික්ෂුවගේ පස්සය ඉදිරියේ මැකී යනවා’
ලෝකය මිරිගුවක්ද” ලෝකය ප‍්‍රශ්නාර්ථයක්ද ලෝකය අනවබෝධයක් ද” පංචඋපදානස්කන්ධ ලෝකය” අනවබෝධය නිසාම ප‍්‍රශ්නාර්ථයක් බවට පත්වූ මිරිගුවක් පමණක්මයි’
පිංවත් ඔබ සිත ළඟ නවතින්න” ඒ කියන්නේ දැක්කා” ඇසුණා” දැනුණා කියනතැන නවතින්න’ එවිට ලෝකය ඔබ ළඟ නවතීවි’ පිංවත් ඔබ පස්සය ළඟ නවතින්න” දැක්ක දෙය දැක්කා කියන තැන නවතින්න” ඇසුණ දෙය ඇසුණාය කියන තැන නවතින්න” ඇසුණ දෙය දැනුනාය කියන තැන නවතින්න” එවිට ඔබට දැනේවි ලෝකය පාලනය කරන්නේ ඇමරිකාවත්” රුසියාවත් නොව පිංවත් ඔබේ සතිය සිහියයි කියලා’
පස්සය කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කිරීමෙන් පංචඋපාදානස්කන්ධ ලෝකයට නිරෝධය කරන උත්තරීතර ධර්මය දේශනා කළේ ලොව්තුරු බුදුරජාණන් වහන්සේමයි’
තෘෂ්ණාවට පුළුවන් සම්මුති ලෝකයම ඔබේ පංචඋපාදානස්කන්ධ ලෝකයට ගෙන්න’ එවිට ජීවිතය හරිම සංකීර්ණයි’ ඒ සංකීර්ණ පංචඋපාදානස්කන්ධ ලෝකයේ එකම සරුසාර ඵලය” නැවත නැවත ලෝකය ගොඩනඟන සංස්කාරයන් පමණක්මයි’
කාම” රාග” පටිඝයන්ගෙන් බැහැරව ගත්තා වූ සිත හරිම ප‍්‍රභාෂ්වරයි’ එම ප‍්‍රභාෂ්වර සිත හරියට බොර නොවූ පැහැදිලි ජලයක් වගේ සිතේ පතුල හොඳින් පෙනෙනවා’ සිතේ් පතුල කියලා කියන්නේ අධ්‍යාත්මික සහ බාහිර රූපයන් සහ විඤ්ඤාණය සමඟ මුහුව සැදෙන පස්සයටයි’ සිතේ පතුල වන පස්සය” ඇලීම්” ගැටීම්වලින් තොරවූ තැන වේදනා” සඤ්ඤා” සංස්කාර” විඤ්ඤාණයන් නොකැළඹුන ස්වභාවයට පත් වෙනවා’ එවිට බොර පැහැයෙන් බැහැර වූ සිතේ පතුල වන දැක්කා” ඇසුණා” දැනුණා කියන පස්සය සතිය සිහිය නමැති සම්මා ඇසට හොඳින් දර්ශනය වෙනවා’
ඇලීම්” ගැටීම්” උපේක්ෂාවන්” නිරෝධයෙන්” මාරාන්තික භව විෂ බීජයෙන්” ජාතිය නිෂේද කොටගත් රහතන් වහන්සේ තම විදර්ශනාමය සම්මා ඇසෙන් දකිනවා’ පස්සය තෘෂ්ණාවෙන් තෙත් කිරීම හේතුවෙන් සකස්වන සංස්කාර නමැති විෂ බීජය විඤ්ඤාණයේ සහයෝගයෙන් සකස් කොට දුන් අතීත සංසාර දුක සංසාර ගැඹුර” සංසාර බිය පටිච්චසමුප්පන්නව කල්ප සියක් කෝටි ප‍්‍රකෝටි ගානක් ඈතට දිවයන හොරහැඩි අනවබෝධාත්මක” අසිහියෙන් යුත් උපාදානපච්චයා භවය කියන ධර්මතාවයේ පිහිටෙන් භවයෙන් භවය අල්ලා ගැනීමෙන් පැමිණි මේ නිස්සාර ජීවිතය ගැන රහතන් වහන්සේ ඇලීම්” ගැටීම්” උපේක්ෂාවන්ගෙන් තොරව හෙම්බත් වෙලයි සිටින්නේ’ අල්ලා ගත්තා වූ දෙයකුත් නැති” අතහැරියා වූ දෙයකුත් නැති අල්ල ගැනීමටත්” අතහැරීමටත් එකම හේතුව වූ තෘෂ්ණාව පමණක්මයි උන්වහන්සේලාගෙන් නිරෝධය වෙලා තිබෙන්නේ’
අපි හැමෝම මගේ කොටගෙන මේ අල්ලාගෙන සිටින්නේ අපිට අයිති නැති රූප” වේදනා” සඤ්ඤා” සංස්කාර” විඤ්ඤාණ නමැති පංචඋපාදානස්කන්ධ ලෝකයක්’ මගේ බිරිඳ මගේ ස්වාමිපුරුෂයා” දරුවා” මව” පියා” පෙම්වතා” පෙම්වතිය මේ සියල්ලම තෘෂ්ණාවේ ඵලය වන සංස්කාර හේතුවෙන් සකස් වෙන විඤ්ඤාණයේ අසත්පුරුෂ ගුරුවරයා පිංවත් ඔබට උගන්වන දුකට හේතුවන ඉගැන්වීම්ය’
පස්සය” ඔබට පුළුවන් පංචඋපාදානස්කන්ධ ලෝකය” සංස්කාරයන්ගේ ගිනිදැල්වලින් බුර බුරා අවුළුවන්න’ ඇසේ පස්සය” කනේ පස්සය” නාසය” දිව” ශරීරය” මනසේ පස්සය” විදර්ශනාමය ප‍්‍රඥාවෙන් තොරවූ ප‍්‍රඥාවේ ඇස දුර්වල” මනුෂ්‍ය” දිව්‍ය” බ‍්‍රහ්ම ප‍්‍රජාවගේ සිතුවිලි කාම” රාග” පටිඝයන් ගෙන් කුල්්්මත් කරනවා’ කාම සිත්” රස නහර පිනවනවා’ රාග සිත්” ඇඟ කිලිපොලා යනවා’ ද්වේශ සිත්” ශරීරයේ ලේ රත් කරනවා’
පස්සය තෘෂ්ණාවෙන් තෙත් වීමේ ඇස්බැන්දුම තේරුම් ගැනීමට අවශ්‍ය ප‍්‍රඥාවේ ඇසේ දුර්වල භාවය නිසා තෘෂ්ණාවේ ඵලය වන පස්සයේ ඇස්බැන්දුම ඔබේ රාගයත්” කාමයත්” ද්වේශයත් මගේම කොට ගන්නවා’ අවිද්‍යා සහගත සිතුවිල්ලක් අනාගත ලෝකය ගොඩනඟන බව ඔබ දකින්නේ නැහැ’
සිතට ඉඩ දීලා ඔබ බලා සිටිනවා’ හරියටම රටේ බලධාරි මහ ඇත්තෝ තමන්ගේ පොඩි ඇත්තෝ වැරදි කරනවා බලා සිටිනවා වගේ හැඩ වැඩ විතර්ක මතු කරමින් සිතට තව තව අල්ලස් දෙනවා’ සුවසේ දුකට හේතුවන සංස්කාරම රැස් කරන්න’ නායකයාට වැරදුන තැන සියල්ලම වැරදිලා යනවා’ ජනතාවගේ ලෞකික ප‍්‍රඥාවේ ඇස හෙවත් සම්මා දිට්ඨිය දුර්වල වෙච්ච තැන තෘෂ්ණාව විසින් පස්සය නන්නන්තාර කරලාම දමනවා’ මේ නන්නන්තාර වීම” මගේ ජීවිතය තුළිනුත් ඔබේ ජීවිතය තුළිනුත් රටේ පාලක පිංවතුන්ලාගේ ජීවිත තුළිනුත් සක්සුදක්සේ ජාති අන්ධයෙකුට හැර” අන් ඕනෑම කෙනෙකුට හොඳින් දර්ශනය වෙනවා’
ඇත්තෙන්ම ලෝකය කියන්නේ ඇස්බැන්දුමක්” මේක හරියට සිංහල අවුරුදු උත්සවවල” කනා මුට්ටියට පොල්ලෙන් ගහනවා වගේ වැඩක්’ මේ ලෝක විහිළුව” නැති නම් ඇස්බැන්දුම” ජීවිතගත කරන්නේ පස්සය අසලම ගැවසෙන අවිද්‍යාවේ මූල බීජය වන තෘෂ්ණාවයි’
අපි තුළින් ආර්ය අෂ්්ඨාංගික මාර්ගය දුර්වල වෙන ප‍්‍රමාණයට අවිද්‍යාවේ මූල බීජය වන තෘෂ්ණාව කොළ අතු” රිකිලි දමමින් සරුසාරව වැඩෙනවා’ සරුසාරව වැඩෙන තෘෂ්ණාව අපට ලබාදෙන එකම ඵලය පංචඋපාදානස්කන්ධ දුක පමණක්මයි’
තෘෂ්ණාව” ඔබ කවදාද මාව මේ අධිවේගී විනාශයෙන් මුදවන්නේ’ ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඔබ කවදාද” මට මා කෙරෙහිම අනුකම්පාවෙන් ඔබ මගේ පිහිටට එන්නේ’ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ප‍්‍රමාදය නිසාම තෘෂ්ණාවේ කුණු සතුට” ඇළ වේලිවල ගලාගෙන යන ජලය වගේ අපේ පස්සය ඇලීම් ගැටීම් ඔස්සේම හඳුනා ගැනීම සංස්කාර” පෝෂණය කරමින් අකුසලයටම දැනීම් සකස්කොට දෙනවා’
භික්ෂුව වැඩ සිටින කුටිය අවට පරිසරය” අව්කාශ්ඨකයෙන් හොඳටම වියළිලා’ කේඩැරී වෙච්ච හරක් රංචු” තණකොළවලට වඩා උලා කන්නේ වැලි සහිත පොළවයි’ තණකොළ වෙනුවට වැලි සහිත පොළව උලා කන මේ අහිංසක සතුන් දකින කොට” භික්ෂුවට මැවිලා පෙනෙන්නේ් පෙර ජීවිතයක දන් නොදුන් සත්ව ඝාතනයන් කළ මනුෂ්‍යයන්මයි’ දන් නොදීම නිසාම දිවට රසට ආහාරයක් නැහැ’ සත්ව ඝාතනයන් නිසා අවසානයේ මස් මුදලාලිගේ ලොරියටයි ගොඩ වෙන්නේ’
මේ අහිංසක හරක්” හේතුඵල ධර්මයන්ට අදාළව අවසානයේ මස් කඩයට පටවන එක ගැන භික්ෂුවට එතරම් පුදුමයක් නැහැ’ භික්ෂුවට පුදුමයක් වෙන්නේ වර්තමානයේ මේ සුන්දර ධර්මයක උරුමය ලද මනුෂ්‍යයෝ ඇයි දන් පූජා කිරීම දුර්වල කොට ගනිිමින් මනුෂ්‍ය ඝාතන” සත්ව ඝාතන” මනුෂ්‍ය සහ සත්ව හිංසනයන් සිදුකොට ගනිමින් අනාගත භව ගමනේ මස් කඩයට පටවන සත්වයන් බවට පත් වෙන්න උත්සාහ ගන්නේ කියලා’
සමහර පිංවතුන් සිටිනවා දානය පූජා කිරීමට උනන්දුවක් ඇත්තේම නැහැ’ දානයක් පූජා කරන්න පැමිණියත්” එය ඉතිරි කොටගෙන රැගෙන යන්න බලාපොරොත්තුවෙන්මයි දන් පූජා කරන්නේ’
කරුණාකර ලෝභ සිතින් දන් පූජා කරන්න එපා’ ඒවා පිංවත් ඔබේ පරිහරණයට ගන්න’ එවිට එය ඔබේ තාවකාලික සතුටට හෝ හේතු වේවි’ එම තාවකාලික සතුට අනාගත භව ගමනේ වැලි උලාකන හරකෙක් බවට පත් කළොත් එදාට රට තණකොළ කන පුන්නක්කු බොන සැපට හැදෙන හරකුන්ට නම් දොස් කියන්න එපා’
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා’ රූපය කියන්නේ මාරයාය කියලා’ මේ ප‍්‍රදේශයේ් ඉඩෝරය සමඟ ජීවත්වන කේඩැරිවී ගිය හරකුන් දකිත්දි එම සතුන් තුළින් භික්ෂුව දකින්නේ මාරයාමයි’
ඔය සැම හරකෙක්ම අවම වශයෙන් මනුෂ්‍යයෝ දහ දෙනෙක්වත් අනාගත භව ගමනේ හරකුන් බවට පත් කරනවා’ මාරයාගේ ගණිත සාස්තරයේ තිබෙන අපූරු සමීකරණයක් මේක’ අවිද්‍යාවේ ගුරුවරු මේ ගණිත සාස්තරයන් සහිත පාඩම් පොත්” අපේ භාවිතයෙන් ඉවත් කරලයි තිබෙන්නේ’ එය හරියට අපේ පාසල් දරුවාගෙන් ඉතිහාසය පාඩම් පොත ඉවත් කරලා තිබෙනවා වගේ’ ඇත්ත දැනගන්නවාට බොරුව සමඟ ජීවත්වන මිච්ඡා මනුෂ්‍යයෝ කැමැති නැහැ’
භික්ෂුව මේ සටහන් තබන්නේ උතුම් ශී‍්‍ර සද්ධර්මයයි’ ඒ පිංවත් ඔබට ගැටීමට නොවේ’ නිවැරදි වීම සඳහාමයි’ ඔබගේ අවබෝධය උදෙසාමයි’
____________________________________
මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.