ආර්ය ශ්‍රාවකයෝ වැඩ සිටින තැන අමනුෂ්‍යයන්ට, ප්‍රේතයන්ට පවතින්න බැහැ.
පින්වත, ඔබ ගිහි පින්වතෙක් නම් ඔබට රැකගන්නට සහ ආරක්ෂා කොට ගන්නට තිබෙන්නේ ධනය, බලය, නිලතල,…
පින්වත, ඔබ ගිහි පින්වතෙක් නම් ඔබට රැකගන්නට සහ ආරක්ෂා කොට ගන්නට තිබෙන්නේ ධනය, බලය, නිලතල, දේපළ ආදි වූ දුක පිණිස හේතු වන සහ කවදා හෝ දවසක අන්සතු කොට දමා ඔබ මිය පරලොව යන ධර්මතාවයන් මයි. පින්වත, බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවක සංඝ රත්නය වන අපිට, රැකගන්නට සහ ආරක්ෂා කොට ගන්නට තිබෙන්නේ දුක පිණිස හේතු වන…
පින්වත, මෙය සටහන් තබන භික්ෂුව තමන් දිවිහිමියෙන් සුරකින ප්රාතිමෝක්ෂ ශීලය සිහිපත් වෙද්දී, “සියලු සංස්කාරයෝ අනිත්‍ය” යැයි ධම්මානුපස්සනාව මයි මතු කොට දකින්නේ. පින්වත, භික්ෂුව ශීලයෙන් දුර්වල යම් ස්වාමීන් වහන්සේ නමක් සිහිපත් වෙද්දී, “සියලු සංස්කාරයෝ අනිත්‍ය” යැයි ධම්මානුපස්සනාව මයි මතු කොට දකින්නේ. පින්වත, තමන්ගේ සිල්වත්භාවයත්, අනුනගේ දුසිල්වත්භාවයත් ඉලක්ක කොට ගෙන, භික්ෂුවගේ ඉලක්කය වෙන්නේ සම්මා ඥානයෝ මයි. පින්වත,…
පින්වත, මේ උදා වෙලා තිබෙන්නේ පුණ්‍යවන්ත චීවර මාසය. පින්වත, මනුෂ්‍ය ලෝකයේ වැඩිපුරම අටමහා කුසල් ධර්මයෝ සිදු වන මාසය චීවර මාසයයි. පින්වත, ගෞරවනීය මහා සංඝ රත්නය වස් පවාරණයන් සිද්ධ කරලා, චීවර මාසයට එළඹෙන්නේ, අයෝමය කුසල් ශක්තියකින් තම පැවිදි ජීවිත ආලෝකවත් කොට ගෙනයි. පින්වත, උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ජීවත් කරවන්නේ උපසම්පදා ස්වාමීන් වහන්සේලාගේ උතුම් ප්රාතිමෝක්ෂ ශීලයේ ශක්තිය…
පින්වත, කාමයේ සහ රූපයේ ආස්වාදයෝ සමාජය තුළ ඒකාධිපති වෙන කොට තෘෂ්ණාවේ උපාදානයෝ ගොඩාක් තරගකාරී වෙනවා. පින්වත, එවිට ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව දුකේ සැඟවුණ අමුත්තා වන ‘තෘෂ්ණාව’ අපිව මෙහෙය වන්නේ එකිනෙකා පරයා ආධ්‍යාත්මික සහ බාහිර රූපයෝ ම සතුටින් පිළිගන්නයි. පින්වත, රූපයට වටිනාකමක් දෙද්දී, ප්‍රඥාව නොවටිනා දෙයක් බවට පත් වෙලා, මෝහයට හොඳ මිලක් ලැබෙනවා. පින්වත,…
පින්වත, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ මනුෂ්‍ය ජීවිතවලට හරිම අභියෝගයක්. පින්වත, මේ අභියෝගයන් ඉදිරියේ පින්වත් මනුෂ්‍යයෝ සම්මතයන් ඉරාගෙන, අසම්මතයන් තුළ හැසිරෙනවා. පින්වත, සමාජයට අවශ්‍ය දුකෙන් මිදෙන්න දහමක් නොවේ. පින්වත, සමාජයට අවශ්‍ය දුක මඟ හැර ජීවත් වීමට ආරක්ෂාකාරී දහමක් පමණක් මයි. පින්වත, සංඝ සමාජයේ පුද්ගලයන් අටදෙනෙක් සිටිනවා. පින්වත, මෙම උතුම් පුද්ගලයන් අටදෙනා ශ්‍රද්ධානුසාරී සහ ධම්මානුසාරී…
පින්වත, දුක ඉදිරියේ බලෙන් සතුට සොයන්න එපා. පින්වත, දුක ඉදිරියේ, සැප ලබන මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් සැප මතු කොට ගන්න දක්ෂ වෙන්න. පින්වත, දුක පෙරළා දුක උදෙසා ම ආයෝජනය කරන අධර්මයෝ, අධර්මයන් ම විකසිත කොට දෙන සමාජයක් අපි ඉදිරියේ දිග හැරෙමින් පවතිනවා. පින්වත, හුඟාක් ඇත්තෝ දුක මකා ගන්න, මනුෂ්‍ය හිංසනය, කාමයේ වරදවා හැසිරීම…
පින්වත, පංච නීවරණයන්ට ජීවිතයෙන් සමුදීලා දස දිශාවට ම මෙත් වඩන්න. පින්වත, බාහිර වේවා, ආධ්‍යාත්මික වේවා පංච උපාදානස්කන්ධ ලෝකයේ පුංචි හෝ වරදක් නැහැ. පින්වත, අතීතයේ අපි වපුරපු සංස්කාරයෝ, අස්වැන්න හැටියට වර්තමානයේ අපිට ලැබිලා තිබෙනවා. පින්වත, ලැබුණ දෙය සතුටින් පිළිගන්න. පින්වත, ඔබට ලැබිලා තිබෙන දෙය ගැන ඔබ සෑහීමකට පත් වෙන්නේ නැති නම්, ලැබීමට අදාළ උතුම් ආර්ය අෂ්ටාංගික…
අනාථපිණ්ඩික සිටුතුමා කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අතිශයින්ම ශ්‍රද්ධාවෙන් සිටි ශ්‍රේෂ්ඨ උපාසකයෙක්. ජේතවනාරාමය බුදුරජාණන් වහන්සේ එහි වැඩ සිටින කාලයේ, සිටුතුමා දවසට තුන් වතාවක්ම උන්වහන්සේ බැහැදැකීමට ජේතවනාරාමයට යනවා. හැබැයි ඔහු කිසිම දවසක හිස් අතින් ගියේ නැහැ. උදෑසන යනවා නම් කැඳ සහ අවුළුපත් රැගෙන යනවා. උදෑසන ආහාරයෙන් පසුව යනවා නම් ගිතෙල්, උක්හකුරු, වෙඬරු වැනි දේ රැගෙන යනවා. සවස්…
පින්වත, සුන්දර වස්සානයේ දෙවැනි මාසයත් ගෙවිලා ගියා. පින්වත, වැස්ස හිඟ වස්සානය, සියලු සංස්කාරයෝ අනිත්‍ය දහම බොහෝම සරල භාෂාවෙන් ම අපිට කියලා දුන්නා. පින්වත, ඍතු නියාමයෝ වෙනස් වෙලා යන වේගය, ලොව්තුරු දහමේ “අරටුව”, ඕපනයිකව පැවිදි අපි තුළ තව තවත් ශක්තිමත් කොට දෙනවා. පින්වත, අදත් උදෑසන භික්ෂුව වස් අධිෂ්ඨානය පිළිබඳ සිහිනුවණ නැවත ආවර්ජනය කොට ගත්තා. පින්වත, වස්…
පින්වත, විනෝදාස්වාදය උදෙසා කඳු ශිඛර තරණය කරන විනෝදකාමී පින්වතුන්ලා මොනතරම් නම් සිටිනවා ද? පින්වත, ගොඩාක් වෙහෙස මහන්සි වෙලා කඳු මුදුනට නැගගත්තට පස්සේ, වටාපිටාවේ තිබෙන අනෙක් සෑම කන්දක් ම, තමන් නැගගත් කන්දට වඩා ගොඩාක් ලස්සනටයි පෙනෙන්නේ. පින්වත, අවිද්‍යාවෙන් සහ තෘෂ්ණාවෙන් පණ ලබන ‘චක්ඛු විඤ්ඤාණයේ මායාව’, කන්දෙන් කන්දට නොසෑහීම සොයා යන සංචාරකයන් බවට අපිව පත් කරවනවා. පින්වත,…