අවිද්‍යාවේ හේතුඵල ධර්මයන් හැටියට දකින්න.

පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, උතුම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව අහිමි පින්වතුන්, අකුසල් අභියෝගයන් ජය ගන්නා මාර්ගය වන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන නොදන්නවාය කියලා. පින්වත, “ශ්‍රද්ධාව අහිමි පින්වතා තමන්ට බාහිර කෙනෙකුගෙන් පිහිටක් ලැබේවි යැයි සිතමින් හැමෝගේ ම මුහුණු බලමින් යනවා” ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පින්වත, ඉහත දුර්වලතාවයන් පුද්ගල සඤ්ඤාවෙන් නොව අවිද්‍යාවේ…

Read More

සැප සම්පතට ඉදිරියෙන් තැබිය යුතු පින.

පින්වත, අපේ ජීවිත තුළින් පංචශීලය දුර්වල වුණොත්, එහි ඵලය ඉන්ද්‍රිය අසංවරභාවයයි, පින්වත, එවිට සළායතනයන්ගේ ඵස්සය ඇලීම් සහ ගැටීම්වලින් අසංවර වෙනවා. පින්වත, ඔබ කුමන ආගමක වේවා, ඔබේ කල්‍යාණ මිත්‍රයා බවට පංචශීලය පත් කොට ගන්න. පින්වත, සමාජය තුළ බාල, තරුණ, මහලු භේදයකින් තොරව ඔඩුදුවන ඉන්ද්‍රිය අසංවරය දඬුවමෙන් යටපත් කරන්න බැහැ. පින්වත, අද දවසේ සමස්ත ජාතියට අත්‍යවශ්‍ය පංචශීලයේ…

Read More

හේතුඵල ධර්මයෙන් ලෝකය දකින්න.

පින්වත, සම්මා වාචාවෝ යැයි කියන්නේ යහපත් වචනවලට, පින්වත, මිච්ඡා වාචාවෝ යැයි කියන්නේ අයහපත් වචනවලට. පින්වත, අපි අදහස් ප්‍රකාශ කරද්දී, බොහෝම සිහිනුවණින් අදහස් ප්‍රකාශ කරන්න ඕනේ. පින්වත, වචන භාවිතයේ දී අපි ආවේගශීලී වුණොත්, මෙතෙක් සඟවා ගෙන තිබුණ මතවාදයෝ ප්‍රකාශ වෙන්න පුළුවන්කම තිබෙනවා. පින්වත, අපි උතුම් සෝවාන්ඵල අවබෝධය ලබන තාක් කල් ම, එකක් සඟවාගෙන, තවත් එකක් කතා…

Read More

වැරදිකරුවා තුළින් ධර්මය දැකීම.

පින්වත, ලෝකය දුවන්නේ සංස්කාර හේතුවෙන්, පින්වත, ලෝකය ඉබි ගමනින් යන්නේත් සංස්කාර හේතුවෙන්, පින්වත, ලෝකය කඩා වැටෙන්නේත් සංස්කාර හේතුවෙන් මයි. පින්වත, සංස්කාරයන්ට හේතුව වන්නේ අවිද්‍යාවයි. පින්වත, අපි හැමෝටම සුන්දර අනාගත බලාපොරොත්තු තිබෙනවා. පින්වත, බලාපොරොත්තු තිබිලා විතරක් හරි යන්නේ නැහැ. පින්වත, එම සුන්දර බලාපොරොත්තු යථාර්ථයක් බවට පත් කොට ගන්න නම්, ඊට අදාළ පිනත් අපිට තිබෙන්න ඕනේ. පින්වත,…

Read More

ජීවිතයට පණ දෙන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය.

පින්වත, ඔබේ ජීවිතය ඉල්ලන හැම දෙයක් ම, ඉල්ලන පළියට දෙන්න යන්න එපා. ඔබේ ජීවිතය ඉල්ලන දේවල් ඉල්ලන පළියට දෙන්න ගියොත්, දුන්න දෙයටත් වැඩි දේවල් ජීවිතය ඉල්ලාවි. පින්වත, කාම, රූපී, අරූපී උවමනා එපාකම් අඩු සහ වැඩි වශයෙන් ඕනෑ ම ජීවිතයකට පොදු ධර්මතාවයන් වෙනවා. පින්වත, සුගතිය, දුගතිය සහ භව නිරෝධය හැටියටත් ඉහත උවමනා එපාකම් විග්‍රහ කොට ගන්න…

Read More

කුඩා වරදේත් බිය දකින්න.

පින්වත, සැප අහිමි, දුකට බර ජීවිත මොනතරම් නම් සමාජය තුළ තිබෙනවා ද? පින්වත, මාසික වැටුපෙන් පමණක් අඹුදරුවන් පෝෂණය කර ගෙන ජීවත් වන දෙමාපියන්, ලෝකයාට හොරා අත්විඳින මානසික පීඩනය කවදාහරි දවසක අවසන් කරන්නේ රජයේ රෝහලක ඇඳක් මත නේද? පින්වත, පණ යන මොහොතේ දරුවෙක්වත් ළඟපාතක නැහැ. ජීවිතය පුරා ම අඹුදරුවන් වෙනුවෙන් දුක් විඳලා කාටවත් ම නොකියා ම…

Read More

දුක සහ සතුට යන අන්ත දෙකෙන් ම නිදහස් වන්න.

පින්වත, 2026 වසර උදා වුණා නේද? පින්වත් ඔබ උදා වූ නව වසර පංච නීවරණයන්ගෙන් ද, එසේත් නැතිනම් සප්ත බොජ්ඣංගයන්ගෙන් ද පිළිගත්තේ? පින්වත, ඔබ උදා වූ නව වසර කාමච්ඡන්දයන් ආදි වූ පංච නීවරණයන්ගෙන් පිළිගත්තා නම්, අධර්මයෝ අධර්මයන් මයි ධර්මානුකූලව වඩවලා දෙන්නේ. පින්වත, ඔබ ලෞකික සැපයට එකම මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙරෙහි සතිය, සිහිය මුල්කොට ගත්,…

Read More

කුණාටුවේ නොව, අවිද්‍යාවේ හැඩරුව දකින්න.

පින්වත, පසුගියදා ඇති වූ මහා ගංවතුර සහ නායයෑම්වල වගකීම දිට්වා කුණාටුවට භාර දීලා අත පිසදා ගන්න හදන්න එපා. පින්වත, දිට්වා කුණාටුව ඇති වීමට හේතුව සිහිනුවණින් දකින්න දක්‍ෂ වෙන්න. පින්වත, දිට්වා කුණාටුව ඇති වීමට හේතුව, මනුෂ්‍ය අපි විසින් සිදු කළ පාරිසරික විනාශයන් හේතුවෙන් සකස් වූ බාහිර සතර මහා ධාතුවේ කිපීමයි. පින්වත, මෙම පාරිසරික විනාශයන්ට මුල් වුණේ…

Read More

සැබෑ සතුරා ඔබ තුළින්ම හඳුනා ගන්න.

පින්වත, මහ දවාලේ දැක්ක පාට, පාට සිහින, රාත්‍රියේ මහා වැස්සට සේදී ගිය හැටි සිහිනුවණින් දකිද්දී, “සියලු සංස්කාරයෝ අනිත්‍යයි” කියන අර්ථය හැර, වෙන කිනම් අර්ථයක් පංච උපාදානස්කන්ධ ලෝකය තුළ නිත්‍ය වෙන්න ද? පින්වත, මනුෂ්‍යත්වයේ දෑතකින් ඔබට දිගු කරන ආහාර පාර්සලයක, වතුර බෝතලයක, වියළි සලාකයක, කරුණාව, මෛත්‍රිය සැඟවී තිබුණත්, සාගින්නෙන්, පිපාසයෙන්, අහිමි වීමෙන් රිදුම් දෙන සිතින් සියලු…

Read More

වැරදි තේරුම් ගෙන ඇත්තට විවෘත වෙන්න.

පින්වත, ඔබ ‘දිට්වා කුණාටුව’ හේතුවෙන් රට තුළ ඇති වුණ විනාශය ගැන, ජීවිත හානි ගැන කුමක් ද සිතන්නේ? පින්වත, ඔබට මේ විනාශය සිතා ගන්න බැරි පුදුමයක් ද? පින්වත, මේ විනාශය ඔබට මහා පුදුමයක් නම්, භික්ෂුව බොහෝම පැහැදිලිව කියනවා, පින්වත් ඔබ තවමත් ධර්මය දැකලා නම් නැහැය කියලා. පින්වත, ධර්මය දකිනවා යැයි කියන්නේ රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයන්ගේ…

Read More