වේදනාස්කන්ධය.

සිතට දැනෙන්නා වූ සිතින් දත හැක්කා වූ සියල්ලට අරමුණු යයි කියනු ලැබේ. අරමුණු අතුරෙන් ශෝභන ස්ත්‍රී පුරුෂ රූප, ඇඳුම් පැළඳුම්, ගෙවල්, ඇඳ පුටු මේස, භාජන-ශබ්ද-රසවත් ආහාර පාන, සුවඳ ද්‍ර‍ව්‍ය යනාදීන්හි අරමුණු කරන්නා වූ සිත පිනවන ස්වභාවයක් ඇත්තේ ය. මළකුණු, මලමුත්‍ර‍, ලේ සැරව, කෙළ සොටු ආදි වස්තූන්හි අරමුණු කරන සිත, රිදවන ස්වභාවයක් ඇත්තේ ය. වෘක්ෂ, පර්වතාදි…

Read More

විඥානස්කන්ධය.

විඥානය යනු සිතට ම ව්‍යවහාර කරන නමෙකි. අතීතාදි වශයෙන් භින්න වූ අනේක ප්‍ර‍කාර විඥානයන් එක් සමූහයක් කොට සලකා ඒ සියල්ලට ම විඥාන ස්කන්ධය යි කියනු ලැබේ. සිත් සමූහය යනු එහි තේරුමයි. සිත උපදිනුයේ චක්ෂු ශ්‍රෝත්‍ර‍ ඝ්‍රාණ ජිහ්වා කාය මන යන සදොරෙහි ය. එබැවින් උත්පත්ති ද්වාරයන්ගේ වශයෙන් විඥානස්කන්ධය දක්වන සේක් – “කතමඤ්ච භික්ඛවෙ! විඤ්ඤාණා? ඡයිමෙ භික්ඛවෙ…

Read More

විඥ්ඥාණ මැජික්කරුවාගේ රූකඩයක් නොවන්න.

පිංවත ඔබේ බලාපොරොත්තු බිඳවැටුණාය කියලා, ඔබ උපන් මාතෘභූමිය අතහැරදමා විදේශගත වෙන්න තීරණය කරන්න එපා. මම උපන් මාභූමිය නරකයි, අහවල් රටවල් හොඳයි යැයි කියන මිත්‍යාව මත ජීවත්වෙන්නත් එපා. පිංවත් ඔබ සිහිනුවණින් දකින්න, ඔබ උපන් පිංවන්ත මාතෘභූමිය, ඔබටම එපාවෙන්න ඔබ විසින්ම සිදුකොටගත් අතීත අකුසල් මොනවාද කියලා. මෙය සටහන් තබන් භික්ෂුවට නම් තවමත් උපන්බිම එපාවෙලා නැහැ. මනුෂ්‍යයකුගේ උපන්…

Read More

විජය සූත්‍ර‍ය.

මෙය සූත්‍ර‍නිපාතයේ උරග වර්ගයේ සූත්‍රයෙකි. මෙයට කායවිච්ඡන්දනික සූත්‍ර‍ය කියා තවත් නමක් ඇත්තේ ය. මේ සූත්‍ර‍ය තමාගේ රූප සෞන්දර්යය නිසා ඇති වූ මානයෙන් කලක් බුදුන් වහන්සේව දක්නට ද නො ගොස් සිටි ජනපද කල්‍යාණි නන්දා නමැති භික්ෂුණියට තථාගතයන් වහන්සේ විසින් වරක් වදාරන ලද්දේ ය. සිරිමා නම් ගණිකාවගේ රූප ශෝභාව දැක උපන් රාගය නිසා ආහාර වැළඳීමත් හැර නිදා…

Read More

රූපස්කන්ධය.

සෑම කල්හි ම එකසේ පැවැත්මක් නැතිවැ ශීතෝෂ්ණාදිය හේතු කොට නැවත තිබූ ආකාරයෙන් අනෙක් ආකාරයකට හෝ අභාවයකට පැමිණෙන්නා වූ ඖදාරික වූ ධාතු සමූහයට රූපස්කන්ධය යි කියනු ලැබේ. රූප සමූහය යනු එහි තේරුමයි. රූපය ය, රූපස්කන්ධය ය යන වචන දෙක්හි අර්ථ වශයෙන් වෙනසක් නැත. රූපය හෙවත් රූපස්කන්ධය කුමක් ද යන බව දක්වනු පිණිස, “කතමඤ්ච භික්ඛවෙ රූපං? චත්තාරෝ…

Read More

රමණීය කුටික රහතන් වහන්සේ.

ලඳුනි, මට ඔබ කුමටද? ඔහු ද විශාලා මහනුවරය. තුන් බිය දුරු කිරීමට විශාලාවට වැඩම කළ බුදු රජාණන් වහන්සේ දැක පැහැදී තෙරුවන් සරණ ගිය පිරිසට ඔහුද අයත් විය. බුදු රජාණන් වහන්සේ එදා දේශනා කළ ධර්ම කාරණා පිළිබඳව මෙනෙහි කළ ඔහු සසර දුකෙන් පිරී ඇති සැටි දුටුවේය. වහා සසරෙන් මිදීමේ වුවමනාවද ඔහුට ඇති විය. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම…

Read More

යෝගාශ්‍රම සංස්ථාවේ හදවත, සදානුස්මරණීය නාඋයනේ අරියධම්ම මහා සංඝනේතෘන් වහන්සේගේ සංක්ෂිප්ත චරිතය.

ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ සමුත්පාදක කඩවැද්දුව ශ්‍රී ජිනවංසාභිධාන මාහිමිපාණන් වහන්සේ විසින් ‘යෝගාශ්‍රම සංස්ථාවේ හදවත’ යනුවෙන් හඳුන්වා සම්භාවනාවට පාත්‍ර කරන ලද්දා වූ ශ්‍රීමත් සුගත තථාගත ශ්‍රී සම්බුද්ධ පාදස්පර්ෂයෙන් පරම පවිත්‍රත්වයට පත් වූ ජය භූමිය වන මේ ශ්‍රී ලංකාද්වීපයෙහි ත්‍රිවිධ ශාසනභාරධාරීව වැඩවිසූ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාධිපති, ප්‍රධාන අනුශාසක මහා බෝධිසත්ව ගුණ සමන්වාගත අතිපූජනීය නාඋයනේ අරියධම්මාභිධාන ශ්‍රී ලංකා…

Read More

මේ ජාතියේ දී මඟපල ලැබීමට කොතෙක් කල් පිරූ අතීත පාරමිතාවක් තිබිය යුතු ද?

එක් දවසක් ආනන්ද ස්ථවිරයන් වහන්සේ තථාගතයන් වහන්සේ කරා එළඹ, “ස්වාමීනි, බුදුවරුන් ගේ ප්‍රාර්ථනාව සිදුවීමට කොතෙක් කල් ගත විය යුතුදැ”යි විචාළෝය. “බුද්ධානං ආනන්ද, හෙට්ඨිම පරිච්ඡේදෙන චත්තාරි අසංඛෙය්‍යානි කප්පසතසහස්සඤ්ච මජ්ඣිම පරිච්ඡෙදෙන අට්ඨ අසංඛෙය්‍යානි සප්පසතසහස්සඤ්ච උපරිම පරිච්ඡෙදෙන සොළස අසංඛෙය්‍යානි කප්පසතසහස්සඤ්ච.” “ආනන්දය, බුදුවරුනට යටත්පිරිසෙයින් චතුරසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් ද, මධ්‍යම පරිච්ඡේදයෙන් අෂ්ටාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් ද, උපරිම පරිච්ඡේදයෙන් ෂෝඩශාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක්…

Read More

මාරයාගේ ගොදුරු බිමක් නොවන අභය භූමියක් ඔබ අසලම ඇත.

ද්වේශය ඇති වූ සිතකට ද්වේශය හැර වෙන මුකුත්ම පෙනෙන්නෙ නැහැ. සිතක ඇතිවෙන මෛත්‍රී සිතුවිල්ල ඊට වඩා හුඟාක් වෙනස්. මෛත්‍රී සිතුවිල්ලත් හරියටම පසළොස්වක සඳ එළිය වගේ ප්‍රීති, පස්සද්ධි, සමාධියෙන් පෝෂණය වූ මෛත්‍රී සිත හරිම ප්‍රභාෂ්වරයි. ඒ සිතට හොඳ සහ නරක වෙන්කොට දකින්න හොඳට පෙනෙනවා. ආලෝකයෙන් ප්‍රයෝජන නොගන්නා පිංවතුන් නිරතුරුවම අඳුරට බණිනවා. අඳුරට සාප කරනවා. පිංවත් ඔබ…

Read More

මනුෂ්‍යය ලෝකයේ දුක්ඛය.

මිනිසත් බව හෙවත් මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකය ද දාන ශීලාදි පින්වලින් ම ලැබිය යුත්තකි. නිකම් ම ලැබෙන දෙයක් නො වේ. පින් කොට උපදවා ගත යුතු බව ලබා ගත යුතු බව මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකයේ සංඛත ස්වභාවයයි. ඒ මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකය මඳ පිනකිනුදු ලැබිය හැකි බැවින් ලබා ගැනීම පිළිබඳ සංස්කාර දුඃඛය, දිව්‍ය බ්‍ර‍හ්ම ස්කන්ධ සම්බන්ධයෙන් වන සංස්කාර දුඃඛය…

Read More