Article
‘ඇලීම්’ සහ ‘ගැටීම්’ ගැන හොඳින් සිහිනුවණ ඇති කොට ගන්න.
පින්වත, කල්‍යාණමිත්‍ර ආශ්‍රය දුර්වල වෙලා, උතුම් සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමේ ශක්තිය වඳ බහින කොට, එම අසරණ ජීවිතවල උපදින්නේ උතුම් ශ්‍රී සද්ධර්මය විකෘති කිරීමේ අසත්පුරුෂ ආශාවයි. පින්වත, භික්ෂුව වැඩිහිටි ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමකගෙන් ආරංචි වුණා, විදේශීය රටක දී ශාසන විරෝධී නව නිකායක් අදාළ රට තුළ දී ලියාපදිංචි කොට ගත්තාය කියලා. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ…
වර්තමානය මිථ්‍යා ධර්මයන්ගෙ විකෘතියක්.
පින්වත, භික්ෂුව ධර්ම දේශනයකට විහාරස්ථානයකට වැඩිය අවස්ථාවක දී, විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේට වන්දනා කරන්න ආවාසයට වැඩියා. එම ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ වස් හතළිහකට වැඩි නායක ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ භික්ෂුව දුටු හැටියේ ම තම ආසනයෙන් නැගිට්ටා. භික්ෂුව බොහොම ගෞරවයෙන් කිව්වා, “නායක ස්වාමීන් වහන්ස, මම වස් දහ අටක පුංචි භික්ෂුවක්, ඔබවහන්සේ වැඩ සිටින්න” ය කියලා. පින්වත,…
කඨින පිංකම සැබෑ සම්මා වායාමයක් බවට පත් කොට ගන්න.
පින්වත, ඔබ වරදට දඬුවම් දිය යුත්තේ ද්වේශයෙන් හෝ පළිගැනීමේ චේතනාවෙන් නොවේ, ඔබ වරදට දඬුවම් දිය යුත්තේ වරදකරු කෙරෙහි මෛත්‍රී චේතනාවෙන් මයි, වරදකරු යළි වැරදි නොකරන ස්වභාවයට පත් කොට ගැනීමේ චේතනාවෙන් ම ය. පින්වත, ඔබේ වැරදි, සීමාවන් ඉක්මවා යාමේ දී, අනුනගේ වැරදිවලින් ඔබේ වැරදි වසා ගැනීම සමාජය නිවැරදි කිරීමක් නම් නොව, සමාජය භේදභින්න වීමට උපකාරක ධර්මයන්…
හොඳයි කියන ලෝකයට ඇලෙන්න එපා.
පින්වත, අපේ ජීවිතවල පංච නීවරණ ධර්මයෝ වැඩි වෙන කොට, අපේ අසත්පුරුෂ යහළුවන් බවට පත් වන්නේ ලෝභ, ද්වේශ, මෝහයෝ මයි. පින්වත, මේ අසත්පුරුෂ යාළුවෝ මෛත්‍රියෙන්, ශීලයෙන්, දානයෙන් අපිව හොඳටෝම දුරස් කරනවා. පින්වත, මේ රෝගයට කියන්නේ මිථ්‍යා දෘෂ්ටියේ මුල් අවස්ථාවයි කියලා. පින්වත, මේ රෝගයේ ප්‍රධාන ම රෝග ලක්ෂණය වන්නේ “මැරුණාට පස්සේ නැවත පටිච්චසමුප්පන්න උපතක් නැහැ” කියලා ඇති…
අෂ්ට ලෝක ධර්මයන් ඉදිරියේ ඔබ අවුල් නොවන්න.
පින්වත, දැන් වෙලාව උදෑසන නවයට පමණ ඇති. අවට පරිසරයේ කොළ පැහැය තාවකාලිකව අතුරුදන් වෙලා. මුළු පරිසරය ම තද මීදුමින් වැහිලා. පින්වත, භික්ෂුව වැඩ සිටින කුටිය වලාකුළු මැද්දේ ඉදිවෙලා තිබෙන කුටියක් වගේ මයි. පින්වත, තේජෝ ධාතුවේ ආධිපත්‍යය දරන හිරු අසරණ වෙලා, ආපෝ ධාතුව පරිසරයේ ආධිපත්‍යය තාවකාලිකව දරනවා. පින්වත, භික්ෂුව මේ දකින්නේ ආපෝ ධාතුවේ කෙටි ආස්වාදයයි. පින්වත,…
අතීත සංස්කාරයන් “මම” යැයි දකින්න එපා!
පින්වත, සියලු කුසල් සහ අකුසල් සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. පින්වත, අපි අවට තිබෙන සුන්දර මනස්කාන්ත පරිසරයත්, අපි අවට තිබෙන විකෘති කළ අවලස්සන පරිසරයත් යැයි කියන්නේ, පින්වත් මනුෂ්‍යයාගේ ම සංස්කාරයන්ගේ ඵලයක්. පින්වත, අපේ පිනට වර්තමානයේ සුන්දර මනස්කාන්ත පාරිසරික අත්දැකීම් වින්දත්, අපේ ම පවට අනාගතයේ දී වියළි, ශුෂ්ක, අවලස්සන පාරිසරික අත්දැකීම් අපිට අත්දකින්න සිද්ධ වෙන්න පුළුවන්. පින්වත,…
අටලෝ දහම ලෝකයේ සැබෑ හැඩරුවයි.
පින්වත, අවිද්‍යාවේ මහ ගෙදර පංච නීවරණයෝ නිසා ම, කාමච්ඡන්දයෝ වැඩි වෙද්දී, සද්ධර්මයට අදාළ යහපත් පුරුදු අපිට අමතක වෙලා යන්න පුළුවන්. පින්වත, කාමච්ඡන්දයෝ නිවෙන, සංසිඳෙන, උපේක්ෂාසහගත වෙන සිතුවිලිවලට ප්‍රිය නැහැ. පින්වත, කාමච්ඡන්දයෝ කැමති ආස්වාදයෙන් ඇවිළෙන සිතුවිලිවලට. පින්වත, ඔබේ ඵස්සය තෘෂ්ණාවෙන් ආරක්ෂා කොට ගන්න. පින්වත, ආර්ය අෂ්ටාංගික මාර්ගයට එරෙහිව මෙහෙයවන, අවිද්‍යාවේ මුල් ම ප්‍රහාරක බල ඇණිය, ඵස්සය…
ලෝකය තුළින් ලෝකය ම දකින්න.
පින්වත, මේ ගෙවී යන්නේ සුන්දර වස්සානයේ දෙවැනි සතිය. අදත් උදෑසන භික්ෂුව පිණ්ඩපාතයට උදැසන කුටියෙන් එළියට වඩින්න පෙරාතුව, “මේ උදෑසන මා විසින් අධිෂ්ඨානය කළා වූ වස් සීලය යළි ආවර්ජනය කරමි” යි, වස්සානය කෙරෙහි සතිය, සිහිය නැවුම් කොට ගත්තා. පින්වත, නැවුම් වන සතිය, සිහිය තුළ ජීවමාන ශාස්තෘන් වහන්සේ වන උතුම් ධර්ම විනය වැඩ සිටිනවා. පින්වත, ආයාසයකින් තොරව…
අකුසලයට අභියෝග කොට, කුසලයෙන් නැගී සිටින්න.
පින්වත, උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට වර්ණය, සැපය, බලය ලබා දෙන සුන්දර වස්සානයේ පළමුවෙනි සතිය ගෙවී ගියා. පින්වත, වස්සානය තවම නැවුම් වුණත්, හැමදාමත් උදෑසනට විසිපහකට වැඩි ගම්වාසීන් පිරිසක් පිණ්ඩපාතය බෙදන්න පැමිණෙනවා. පින්වත, ඈත ගම්මානවල පින්වත් මනුෂ්‍යයෝ සමථ සහ විදර්ශනා භාවනාවන්ට ගොඩාක් කැමතියි. එම පින්වතුන්ලා දෑස් පියාගෙන සමාධිමත් සිතින්, සළායතනයෝ අනිත්‍ය යැයි නුවණින් දකිද්දී, උතුම් සම්මා සම්බුද්ධ…
බැඳුණ තැන ඉදි වන්නේ පංච උපාදානාස්කන්ධ ලෝකයයි.
පින්වත, උපසම්පදා භික්ෂු ජීවිතයේ හෘද සාක්ෂිය හැටියට ගැනෙන තවත් අර්ථවත් වස්සානයක් උදා වෙලා. පින්වත, උතුම් උපසම්පදා ප්රාතිමෝක්ෂ සීලයටත් වඩා පියවරක් ඉදිරියට තබන වස්සානයේ සීලය, උපසම්පදා භික්ෂුවකගේ නොකැලැල් සීලයෙන් සවිමත් වන සම්මා වායාමයන්ගේ විවේකී පාරාදීසයක් වෙනවා. පින්වත, උපසම්පදා භික්ෂුවකගේ විවේකී සම්මා වායාමයෝ බාහිර ලෝකය මඟ හැර තමා තුළිනුයි විවේකය සොයන්නේ. පින්වත, ලෝකයේ සැබෑ විවේකය තිබෙන්නේ තෘෂ්ණාවේ…