Article
මධ්යම ප්රතිපදාව තුළ ජීවත් වෙන්න.
පින්වත, මෙම සටහන තබන මොහොතේ භික්ෂුව වැඩ සිටින ප්රදේශයට අනුකම්පාවකින් තොරව ම වහිනවා. ඊයේ සවස හතරට පමණ පටන් ගත්ත වැස්ස, දැන් පාන්දර තුනයි තවමත් වහිනවා. පින්වත, භික්ෂුව වැඩ සිටින කුටිය මායිමේ තිබෙන මහා ජලාශයේ බඩකට පිරෙන්න ම වතුර පිරිලා. ගම පුරා ම කුඹුරු යායවල පුංචි පැළ ගොයම, තල, රටකජු, ගොඩ ගොවිතැන් වැසි දියෙන් හොඳටෝම හෙම්බත්…
විඤ්ඤාණයේ මායාවට නොරැවටෙන්න.
පින්වත, උතුම් ප්රාතිමෝක්ෂ ශීලයේ අර්ථයන් නොසලකා හරිමින් සමාජ මාධ්යය නමැති මාර ධර්මය භාවිතයට ගැනීමෙන්, පැවිදි අපේ භව භෝග සම්පත් වන උතුම් සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ගුණයන් පිරිහීමට පත් වෙන්න පුළුවන්. පින්වත, පැවිදි අපි සමාජ මාධ්ය ජාලා පරිහරණය කළ යුත්තේ උතුම් චතුරාර්ය සත්යය ධර්මයෝ සමාජගත කිරීමට මිස, සංඝ සමාජයට ම හානි කරන මිච්ඡා වාචාවන් උදෙසා නම්…
ඉන්ද්රිය සංවරයට ගරු කරන්න.
පින්වත, අලුත විවාහ වෙච්ච තරුණ යුවළක් භික්ෂුවට කියනවා, “ස්වාමීන් වහන්ස, අපි දරුවන් නොහදන්න තීරණය කළා” ය කියලා. පින්වත, එම දෙපළ සිතන්නේ දරුවන් ජීවිතයට බරක්ය කියලා. පින්වත, හැමෝම මෙහෙම සිතුවොත් සිංහල බෞද්ධයාට අනාගතයේ දී කුමක් සිදු වෙයි ද? මෙය සටහන් තබන භික්ෂුවගේ තාත්තාට සහෝදර, සහෝදරියන් පස් දෙනෙක් සිටියා. භික්ෂුවගේ අම්මාට සහෝදර, සහෝදරියන් හත් දෙනෙක් සිටියා. පින්වත,…
මෛත්රියේ ගිණුම ශක්තිමත් කර ගන්න.
පින්වත, අපි හැමෝට ම පිරිවර සම්පත් ලබන්නට බැහැ. පින්වත, පෙර ජීවිතවල පුහුණු කළ මෛත්රිය, ශීලය, ත්යාගය වගේ ම හැමෝගේ ම සහභාගිත්වයෙන් සහ උපකාරයෙන් පිරී ඉතිරී යන්න පින්කම් සිදු කිරීමේ ඵලයයි, පිරිවර සම්පත් කියන්නේ. පින්වත, සමහර පින්වතුන් සිටිනවා, තමන් පූජා කරන පිරිකර අනුනට අත ගස්සවන්නවත් කැමති නැහැ. අනුන් අත ගැසුවොත් පින අඩු වෙයි කියලා හිතනවා. සමහරක්…
දුක සකස් වෙන්නේ තෘෂ්ණාව නිසයි.
පින්වත, අපි ජීවත් වෙන්නේ බොහෝම වේගයෙන් මනුෂ්යකම් දුර්වල වෙන සමාජයක. පින්වත, මනුෂ්යකම් දුර්වල වෙද්දී, පින්වත් මනුෂ්යයා ආත්මාර්ථකාමී වෙනවා. පින්වත, අනුන් ගැන නොසිතන, තමා ගැන පමණක් සිතන කෙනෙක් වෙනවා. පින්වත, ආත්මාර්ථකාමීභාවය අපිට සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයෝ අහිමි කරනවා. පින්වත, ඔබ ආත්මාර්ථකාමී වන මොහොතක් පාසා මෛත්රියට අදාළ ආනිශංස ධර්මයෝ එකොළහක් අහිමි කොට ගන්නවා. පින්වත, බලන්නකෝ, අපේ…
ලෝකයේ නොතැවරී ජීවත් වෙන්න.
පින්වත, කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකය දවසින් දවස අලුත්, අලුත් විඤ්ඤාණයේ අකුසල් මැජික් සන්දර්ශනයෝ සමාජගත කරනවා නේද? පින්වත, පාතාල මර්ධනය, මත්ද්රව්ය, නඩු, උසාවි, බන්ධනාගාර විඤ්ඤාණයේ අකුසල් මැජික් සන්දර්ශනයෝ නැවත, නැවත දැකීමෙන්, පින්වත් ඔබ මේවාට ඇලීමෙන් හෝ ගැටීමෙන් නේද, ජීවත් වෙන්නේ? පින්වත, අවිද්යාවේ ජන්ම ගතිය කුසල් හෝ අකුසල් සංස්කාරයෝ උපයෝගී කොට ගෙන විඤ්ඤාණයේ මැජික් සන්දර්ශනයෝ සමාජගත…
සද්ධර්මය තම ජීවිත වලට එකතු කොට ගන්න.
පින්වත, පාතාල ලෝකයේ අතීත කෙටි ආස්වාදයෝ සහ වර්තමානයේ දීර්ඝ ආදීනවයෝ පින්වත් ඔබට පෙනෙනවා නේද? පින්වත, වර්තමානයේ ඔබ අත්දකින පාතාල ලෝකයේ ආදීනවයන් දැකලා කරුණාකර පෙරළා ආස්වාදයෝ නම් ඇති කොට ගන්න එපා. පින්වත, පාතාල ලෝකයේ කෙටි ආස්වාදයෝ සහ දීර්ඝ ආදීනවයෝ තුළින් ඔබ ධර්මය දකින්න දක්ෂ වෙන්න. පින්වත, මහා සමුදුරෙන් එහා සිටියත්, සියලුම සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. පින්වත,…
කය ලෙඩ වුණත්, සිත ලෙඩ නොකර ගන්න.
පින්වත, මනුෂ්ය ජීවිතවලට වැළඳෙන රෝගීභාවයන් හේතුවෙන් බලවත් ජරා, ව්යාධි, මරණ, ශෝක, පරිදේවයෝ සමාජගත වෙමින් පවතිනවා. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ කායික සහ මානසික නීරෝගීභාවය මොනතරම් නම් ලාභයක් ද කියලා අපිට දැනෙන්නේ, සමාජගත වන රෝගීභාවයන්ගේ සංකීර්ණභාවය නිසා මයි. පින්වත, රෝහල්, ඖෂධ සහ වෛද්ය ගාස්තු මහා වේගයෙන් ඉහළ යද්දී, රෝගීභාවයන්ට අදාළ අපේ ම අකුසල්, අපේ ජීවිතවලට…
ධර්මය තුළින් ධර්මය ම දකින්න.
පින්වත, තවත් සුන්දර වස්සානයක් ගෙවී ගියා. පින්වත, ගෙවී ගිය වස්සානයේ මතකය අතීත පංච උපාදානස්කන්ධයක් පමණක් මයි. පින්වත, කුටියෙන් නික්ම යන භික්ෂුව තුළ ඉතිරි වෙලා තිබෙන්නේ, සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ගුණයෝ පමණක් මයි. පින්වත, ඉහත ගුණයන් හතරත් අරගෙන යන එකේ තේරුමක් නැහැ. සංඝයා සතු එම උතුම් ගුණයන් සතරත්, උතුම් සතර සතිපට්ඨාන ධර්මයන් තුළ විසිරුවා දකිද්දී, අපේ…
ඔබේ ආරක්ෂකයා, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.
පින්වත, ධර්මය සොයමින් ලෝකෙ වටා, රට වටා ඇවිදින්න අවශ්ය නැහැ. පින්වත, මෙවන් සුන්දර වස්සානයක බුදුරජාණන් වහන්සේ විනය කාරණාවන් පනවා, උපසම්පදා භික්ෂූන් වහන්සේලා වන අපගේ චාරිකාවන් පවා සීමා කරන්නේ, රට තුළින්, ලෝකය තුළින් නොව, තමා තුළින් ම උතුම් ධර්මය මතු කොට ගැනීමට මයි. පින්වත, ඔබේ පුණ්යවන්ත ජීවිතය යැයි කියන්නේ, ධර්ම පාරාදීසයක්, හැබැයි එම ධර්ම පාරාදීසය සක්රිය…