Article
තෘෂ්ණාව මරා දමා දුකෙන් නිදහස් වෙන්න.
පින්වත, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ මුල්ම පාඩම් පොතේ දුකට එකම හේතුව තෘෂ්ණාව යැයි සඳහන් කොළය අපේ ජීවිතවලින් ගැලවී ගියත්, අපේ සක්කාය දිට්ඨියේ පාඩම් පොත නම්, දිලිසෙන සුදට සුදේ පිට කවරයක් දමලා හරිම අගේට තිබෙනවා. පරණ බවක් පේන්න ම නැහැ. සක්කාය දිට්ඨිය පොතේ සුදෝ සුදු පිට කවරයේ නම, ලිපිනය, දූරකථන අංකය, ඊ මේල් තව ගොඩාක්…
ඉවසීම නැති ආදරය රාගයේ ඉදුල් කඩක්.
පින්වත, වර්තමානයේ ආදරය කියන අර්ථයට මොකද මේ වෙලා තිබෙන්නේ? පින්වත, අතීතයේ මනුෂ්‍යත්වයේ සුදු පැහැයට අයිතිව තිබූ ආදරය, වර්තමානයේ රාගයේ රතු පැහැයේ ගොදුරු බිමක් වෙලා. පින්වත, වර්තමාන ආදරයට ඉවසීම නැහැ. පින්වත, ඉවසීම නැති ආදරය රාගයේ ඉඳුල් කඩක් ම වෙනවා. පින්වත, අධර්මිෂ්ඨ පාලක පින්වතුන්ලා අතින් රටක ආර්ථිකය කඩා වැටෙන කොට, රටක ණය බර වැඩි වෙන කොට, හැදියාවට,…
නොලද දෙය ලබා ගැනීමට වීර්යය වැඩීම.
පින්වත, ඔබ කැමති කරන දේවල් ගොඩාක් තිබෙනවා නේද? ඒත් ඉතින් කැමැත්ත තිබිලා විතරක් හරි යන්නේ නැහැ. ඔබේ කැමැත්ත යථාර්ථයක් බවට පත් කොට ගන්න අවශ්‍ය පිනත් ඔබට තිබෙන්නට ඕනේ. පින්වත, ඔබේ පින දුර්වල නම්, සෑමවිටම ඔබේ කැමැත්ත බලාපොරොත්තු කඩවීමක් ම වෙනවා. පින්වත, දේවදත්ත හාමුදුරුවන්ටත් උතුම් බුද්ධත්වයට පත් වීමේ බලාපොරොත්තුව තිබුණ නේ. පින්වත, එම මිච්ඡා බලාපොරොත්තුව අවසන්…
ආර්ය විමුක්තියේ නිදහස.
පින්වත, ලෝකය යැයි කියන්නේ කුසල් සහ අකුසල් සංස්කාරයෝ හේතුවෙන් සකස් වන විඤ්ඤාණයේ මැජික් සන්දර්ශනයක්. පින්වත් මනුෂ්‍ය ජීවිතවල ඇලීම් සහ ගැටීම් වැඩි වෙන කොට මේ සන්දර්ශන වේදිකාව උණුසුම් වෙනවා. පින්වත, හිටපු පින්වත් ඇමතිවරු සහ නිලධාරීන් දීර්ඝ සිර දඬුවම් ලබනවා. ඒ කියන්නේ තනතුරු දැරූ කාලයේ අසිහියෙන් අත්විඳි කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයේ දීර්ඝ ආදීනවයෝ ලබනවා. පින්වත, මේවා…
මරණානුස්සතිය නිදහස් මරණයකට ඔබව සූදානම් කරනවා.
පින්වත, බීජ නියාමයන්ගෙන් හට ගන්නා අජීවී ගස්වල ලස්සන මල් පූදිනවා. පින්වත, අජීවී ගස්වල ලස්සන මල් පූදින්නේ ගසේ පිනට නොවේ. පින්වත, අජීවී ගස්වල ලස්සන මල් පූදින්නේ, එම ලස්සන මල් දැකලා, එම ලස්සන මල් විඳලා සතුටු වෙන, පින්වත් ඔබේ පින නිසා මයි. පින්වත, ඔබේ පුණ්‍යවන්තභාවය ඔබව විතරක් නොවේ, ලෝකයත්, පරිසරයත් ලස්සන කරනවා. පින්වත, මොනතරම් විසිතුරු වුණත් අවිද්‍යාවේ…
අකුසල් යටපත් කොට විදර්ශනාවෙන් නැගී සිටීම.
පින්වත, සියලු සංස්කාරයෝ අනිත්‍ය වූ ලෝකය තුළ නිත්‍ය වූ සැපයක් කොයින්ද? පින්වත, ලෝකයට අයිති නැති, ලෝකයට බරක් නැති, සම්මා විමුක්තියේ ආර්ය උපතකට ඡන්දය ඇති කොට ගන්න. පින්වත, අවිද්‍යාවෙන් වැසුණ ලෝකයක, දිට්ඨි විශුද්ධියෙන් විවෘත කොට දෙන සම්මා දැක්මයි, ආර්ය උපතකට තිඹිරි ගෙය සූදානම් කොට දෙන්නේ. පින්වත, පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යභාවය නමැති වින්නඹුව ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි,…
සංස්කාරයෝ කෙරෙහි තෘෂ්ණාව භව දුකට මුල ය.
පින්වත, ඔබ පංච උපාදානස්කන්ධයෝ සතුටින් ම පිළිගන්න කෙනෙක් ද? එසේත් නැතිනම් පංච උපාදානස්කන්ධයෝ විදර්ශනාවෙන් දකින පින්වතෙක් ද? පින්වත, පංච උපාදානස්කන්ධයෝ විනිවිද දකින්න නම් සති සම්බොජ්ඣංගය තිබෙන්න ම ඕනේ. පින්වත, සන්දර්ශන අසිරියෙන් සමාජගත වන කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයෝ මධ්‍යම ප්‍රතිපදාව වන ආර්ය අෂ්ටාංගික මාර්ගයට බරපතළ අනතුරක් මයි. පින්වත, ගෙවී ගිය පුණ්‍යවන්ත වෙසක් මංගල්‍යයේ දී පින්වත්…
සෑම ක්‍රියාවක් තුළින් ම ඔබේ ආත්මීය දෘෂ්ටිය ගලවා දමන්න.
පින්වත, පුණ්‍යවන්ත වෙසක් මංගල්‍යය සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයන්ට අදාළව අනිත්‍ය වී ගියා නේද? පින්වත, අතීතයට එකතු වුණ වෙසක් සතියේ දී ඔබ, ඔබේ ජීවිතය පිනෙන් පුරවා ගත්තා ද? එසේත් නැතිනම් ඔබේ ජීවිතය තුළ ඉතිරි වෙලා තිබුණ පිනත් දුර්වල කොට ගත්තා ද? බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, කාය කර්ම සහ වචී…
බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීමේ කුසලය.
බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රය කෙරෙහි සිත පහදා ගැනීම චිත්තප්‍රසාද කුශලය ය. තුනුරුවන් හැඳින ගැනීමට තුනුරුවන් ගුණ තේරුම් ගැනීමට නො සමත් කරවන, තුනුරුවන් ගුණ වසන මෝහය දේවාදීන් මැවුම්කරුවන් ගැලවුම්කරුවන් ලෙස වරදවා පිළිගන්නා දෘෂ්ටිය, පරලොවක් නැත, පින්පවු වල විපාක නැත ය කියා පිළිගන්නා දෘෂ්ටිය, එසේද, මෙසේද කියා දෙපැත්තට ඇදෙන විචිකිත්සාව, අන්‍යන්ගේ ගුණවත් බව, උසස් බව, පූජ්‍ය…
සප්ත බොජ්ඣංගයන්ගෙන් හැදෙන වෙසක් කූඩුව.
පින්වත, වෙසක් පුර පසළොස්වක සඳවතිය, වෙසක් දවසේ ලස්සනට, ප්රභාෂ්වරව පායන්න, මේ දවස්වල ආකාශයේ රාත්‍රියට හැඩවැඩ වෙනවා නේද? පින්වත් ඔබේ කුටියේ ජනෙල් කවුළුවෙන්, රාත්‍රියට ආකාශය දෙස බලන්නකෝ, නවයොවුන් ඇය කහ පාට සේල පලඳිමින් හැඩවැඩ වෙන අපූරුව. පින්වත, ඇය මේ මොහොතේ මොනතරම් හැඩවැඩ වුවත්, තවත් සති දෙකක් ගෙවුණ තැන ඇය ආකාශයේ විරූපී වෙලා, මැකිලා ම යනවා. පින්වත,…