Article
පළමුවන චක්ඛුපාල තෙරුන් වහන්සේගේ කථා වස්තුව.
මනොපුබ්බඞ්ගමා ධම්මා, මනොසෙට්ඨා මනොමයා; මනසා චෙ පදුට්ඨෙන, භාසති වා කරොති වා; තතො නං දුක්ඛමන්වෙති, චක්කංව වහතො පදං. (අරූප) ධර්මයෝ (කර්ම) සිත පෙරටුකොට ඇත්තාහ සිත උතුම් කොට ඇත්තාහ. සිතින් උපදනා හෙයින් මනෝමයහ. ඉදින් දූෂිතවූ සිතින් යුක්තව (චතුර්විධි වාග් දුශ්චරිතය) බෙනේ නම් හෝ (ත්‍රිවිධ කාය දුශ්චරිතය) කෙරේ නම් හෝ ඒ හේතුවෙන් (විපාක) දුක්ඛය ඒ පුද්ගලයා අනුව යන්නේය….
පරාජිත මානසිකත්වයක් ඇයි?
පිංවත, අපි වැටෙන්නේ නිදා ගන්න නොවේ. යළි පුරුෂ ධෛර්යයෙන් යුතුව නැගී සිටීමටයි. පිංවත, අපිව වැට්ටුව බව ඇත්ත. දැන් ඉතින් අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන යළි නැගී සිටින්න. පිංවත් ඔබ මේ දෙපා තබාගෙන සිටින්නේ පූජනීය බිම්කඩක. මේ ලෝක ධාතුවේ දුර්ලභම අර්ථයන් හතර වන උතුම් සම්මා සම්බුද්ධ ශාසනය, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ, උතුම් විදර්ශනාමය ඥානයන් සහ කෘතවේදීභාවය මේ…
නිවනට පක්ෂව උඩුගම් බලා යන විඤ්ඤාණය.
පින්වත කාමයේ ආශ්වාදය කියන්නේ, රූපයේ ආශ්වාදය යැයි කියන්නේ පෘථග්ජන ගතියක් පමණක්ම නොවේ. ශ්‍රද්ධානුසාරී සහ ධම්මානුසාරී දෙදෙනා තුළත් රූපයේ සහ කාමයේ ආශ්වාදය හටගන්නවා. උතුම් සෝවාන්ඵලයට පත් වූ පුද්ගලයා තුළ රූපයේ සහ කාමයේ ආශ්වාදය අපායගාමී නොවී විවෘතව සහ ප්රකටව තිබෙනවා. සකෘදාගාමීඵල අවබෝධයේ දී රූපයේ සහ කාමයේ ආශ්වාදය අනුශය වශයෙන් තිබෙනවා. අපි කාමරාග, පටිඝයෝ පරිපූර්ණ වශයෙන්ම නිරෝධය කරන්නේ…
නිරෝධය යනු ඔබේ ලෝකයයි.
පිංවත, ආදරයට සීමා මායිම් තිබෙන්නම බැහැ. ආදරය සීමා මායිම් වලින්, කොටු වලින් කොටු කරගත්තොත් ආදරය ආත්මාර්ථකාමී වෙනවා. ආදරය පෞද්ගලීකරණය වෙනවා. ආදරයට නිදහසේ ගලාගෙන යන්න ඉඩ දෙන්න. එවිටයි අපි ජීවත්වෙන ලෝකය ආදරයෙන් ලස්සන වෙන්නේ. අද ලෝකය තුළ ආදරය තිබුණත්, ආදරයෙන් ලෝකය ලස්සන වෙන්නේ නැහැ. ආදරය අපි මගේ කමට පමණක් සීමා කරගෙන. පිංවත, ඔබේ ආදරයට ලෝකය දෙසට…
නිර්වාණය.
බෞද්ධයන් විසින් නිර්වාණය යි කියා පතන්නා වූ ලැබීමට උත්සාහ කරන්නා වූ යමක් වේ නම් එද අනිකක් නො ව මේ දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය ම ය. දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍ය සංඛ්‍යාත නිර්වාණය වනාහි ඇතමුන්, සිතන හැටියට කිසි වටිනාකමක් නැති සැපයකුත් නො වන, නො පැතිය යුතු, බිය විය යුතු හිස් බවක් නො ව අති ප්‍රණීත සැපයකි. වටිනාකම පමණ කළ…
දුටුගැමුණු රජතුමා භාවිතා කල ආරක්ෂක ගාථා තුන.
බුද්ධෝ තිලෝක සරණෝ – බුද්ධෝ සුරියෝ තමෝනුදෝ ඒවං තං සරණං ඛේමං – බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං – නත්ථි මය්හං භයං සදා බුදුරජාණන් වහන්සේ තුන් ලොවට ම එක ම සරණ වූ සේක. ඒ අපගේ බුදුරජාණන් වහන්සේ ලෝකයාගේ මෝහාන්ධකාරය දුරලන සූර්යයා වන සේක. මෙසේ ඒ බුදුරජාණන් වහන්සේගේ සරණ බිය රහිත වූ උතුම් ශ්‍රේෂ්ඨ සරණ…
දුටුගැමුණු නිරිඳුන්ගේ පින් පොතෙන් බිඳක්.
ලිඛිත හෝ උපකල්පිත ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙවන් පුණ්‍යවන්ත වූ , නිර්භීත වූ, දක්ශ වූ, නරේන්ද්‍රයෙක් නොසිටියේම ය. බුද්ධ ශාසනයටත් ශ්‍රී ලංකාද්වීපයටත් මේ මහා පුරුෂයා විසින් කළ සේවයෙන් කෙස් ගසක් තරම් වත් කළාවූ ශ්‍රී ලාංකික රජෙක් නම් නැත. මතු මෙත් බුදු සසුනේ උතුම් නිර්වාණ සම්පත්තිය ලබන්නාවූ ගැමුණු මහ රජතුමාගේ මරණාසන්න අවස්ථාවේදී , ථේරපුත්තාභය මහරහතන් වහන්සේ ගේ…
දුකෙන්, සැපෙන් පිරුණු ලෝකය.
පින්වත ඔබ දෑස් පියා ගනිද්දී, ඔබට කිසිම අරමුණක් නොදැනෙනවා නම්, ඔබේ සළායතනයෝ අක්‍රීයව පවතිනවා නම් පටිච්චසමුප්පන්න විඤ්ඤාණයට සිද්ධ වෙන්නේ ආයුෂයත්, උණුසුමත් ඇසුරේ නිරාහාරව පවතින්න. පින්වත ඵස්සය ඉදිරියේ නිවුණු සළයාතනයෝ පින්වත් ඔබව පංච උපාදානස්කන්ධ ලෝකයෙන් හිස් කරනවා. හිස් වූ පංච උපාදානස්කන්ධය තුළ කායානුපස්සනාවෙත්, චිත්තානුපස්සනාවෙත්, වේදනානුපස්සනාවෙත් අර්ථයන් නිවී යනවා. එවිට ආයුෂයත්, උණුසුමත්, ආහාර අහිමි වූ පටිච්චසමුප්පන්න විඤ්ඤාණයත්…
දහම සමග ගලා යන ජීවිතය.
පිංවත, මහා බ්‍රහ්ම ගුණයන් යැයි බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙන්නේ, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන්ටයි. කාම ලෝකයේ ආශ්වාදයන්ගෙන් තාවකාලිකව මිදී, වේදනාවේ ආශ්වාදය හෙවත් රූපාවචර සහ අරූපාවචර ධ්‍යාන සුවය විඳින බ්‍රහ්මයින් වගේම, කාමරාග, පටිඝ ධර්මයෝ පරිපූර්ණ වශයෙන් නිරෝධය කොට පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනුශය අනිත්‍යභාවය නුවණින් දකිමින් සිටින අනාගාමී බ්‍රහ්ම තලවල බ්‍රහ්මයින්ගේ ද, බ්‍රහ්ම ගුණයන් වෙන්නේ මෙත්තා, කරුණා,…
තෘෂ්ණාවෙහි අනාගත භව දුක්ඛයට හේතුවන ආකාරය.
තෘෂ්ණාවෙහි අනාගත භව දුඃඛයට හෙවත් මතු උත්පත්තියට හේතුවන ආකාරය මේ චතුරාර්‍ය්‍ය සත්‍ය කථාවෙහි ඉතාමත් ගැඹුරු වූ ද දුරවබෝධ වූ ද කාරණය යි. මෙය සිහි නුවණින් යුක්තව නැවත නැවත කියවීමෙන් ද, මෙය ගැන නැවත නැවත කල්පනා කිරීමෙන් ද, දන්නවුන් අතින් තවදුරටත් කරුණු විමසීමෙන් ද, දන්නවුන් හා සාකච්ඡා පැවැත්වීමෙන් ද තේරුම් ගැනීමට උත්සාහ කරත්වා. මෙය අවබෝධ කරගත…