Article
සංදර්ශන අසිරිය මැද පින පිරිහී ගිය බොරුව.
පිංවත, අපි හැමෝගේම ජීවිත තෘෂ්ණාවෙන් කුරුවල් වෙලා. කාගේ ජීවිතය සොලවා බැලුවත් අපිට දැනෙන්නේ සල්ලි කොළවල දුර්ගන්ධයමයි. මේ සල්ලි කොළවල දුර්ගන්ධය නිසාම, මනුෂ්යත්වයේ සුවඳට ගරු කරන සත්පුරුෂ මනුෂ්යයෝ බොහෝම වේගයෙන් උපන් මවුබිම අතහැරලා විදේශගත වෙනවා. පිංවත මෙහෙම ගියොත් අපේ රටේ ඉතිරි වෙන්නේ තෘෂ්ණාවම උපාදානය කොටගත්ත මනුෂ්ය, ප්රේතයෝ, මනුෂ්ය කුම්භාණ්ඩයෝ සහ මනුෂ්ය බහිරවයෝ පමණක්මයි. පිංවත, හෙට කියලා…
ශීලයේ, දානයේ ඵලය.
පින්වත අපේ රටේ දේශපාලනයට අතීත අකුසල් නිසාම ඒරාෂ්ඨකයක් උදා වෙලයි තිබෙන්නේ. දේශපාලනයට ඒරාෂ්ඨකයක් උදා වෙත්දි, පූජක පක්ෂයටත්, ජනතාවටත්, පරිසරයටත්, බවබෝග සම්පත් වලටත් ඒරාෂ්ඨකයේ අකුසල් ඕජාව සිත් සේ විපාකයන්ට එනවා. පින්වත වර්තමානයේ අපි අකුසලයෙන් පිබිදෙන ජාතියක්. දස දිශාව බැලීමේ දී අපිට පෙනෙන්නේ අකුසලයේ පිබිදීමයි. රටේ දේශපාලනය බොරුවෙන්, බල තණ්හාවෙන්, වංකකමෙන් පිබිදෙනවා. නගරයත්, ගමත් යන දෙකම ආකර්ෂණීය…
ශීලයෙන් තොර සමාජය හොඳ නරක හඳුනන්නෙ නෑ.
පිංවත, මතට තිත තබනවා යැයි ජනතාවට පොරොන්දු දෙන පිංවත් පාලක පිංවතුන්ලා විසින්ම, සමාජයේ ජීවත්වෙන වැඩිහිටියන්ගේ පමණක් නොව පාසල් දරු දැරියන්ගේ අහිංසක ජීවිත පවා වර්තමානයේ මත්ද්රව්ය නිසාම ප්රශ්නාර්ථයක් බවට පත්කොට තිබෙනවා. පිංවත, මුදලට සහ බලයට දේවත්වයෙන් ගරු කරන සමාජයක උතුම් මනුෂ්ය ධර්මයන් සතර අපාගත වෙනවාය කියන කාරණය ධර්මතාවයක්ම වෙනවා. පිංවත, මේ උතුම් ධර්මරත්නය අපිට උපකාර කරන්නේ…
විසි හතර පැයේ ගිලිහෙන සිල්පද.
පිංවත, අපේ රටේ දේශපාලනය කියන්නේ සම්මා ආජීවයක් ද එසේත් නැතිනම් මිච්ඡා ආජීවයක් ද? පිංවත, අපේ රටේ දේශපාලනය සම්මා ආජීවයක් නම් අපේ පිංවත් දේශපාලන පිංවතුන්ලාට සම්මා සතියක් සහ සම්මා සමාධියක් තිබෙන්නට ඕනේ. සත්යකින්ම අපේ රටේ දේශපාලනය මිච්ඡා ආජීවයක්. දේශපාලනය මිච්ඡා ආජීවයක් වූ කල්හි අපේ උරුමය වෙන්නේ මිච්ඡා සතියෙන් පෝෂණය වෙන පංච නීවරණ ධර්මයෝමයි. මේ උමතු පංච…
ලස්සන විතරක් නෙවෙයි මලක සුවඳත් තියෙන්න ඕනෑ.
පිංවත, මනුෂ්ය ලෝකයේ යම් ප්රජාවක් අවුරුදු නාමයෙන් සමරන ප්රණීතම, අර්ථවත්ම සංස්කාරයක් වන පුණ්යවන්ත තවත් සිංහල අළුත් අවුරුද්දක් ගෙවී ගියා. ලෞකික ප්රඥාවට මුල්තැන දෙමින් ශීලයෙන්, සතියෙන්, නිරෝගීභාවයෙන් ජීවිත අළුත් කරන සිංහල අළුත් අවුරුද්ද ගෙවී ගියත්, ඔබේ පුණ්යවන්ත ජීවිතය තුළින් සිංහල බෞද්ධකමේ අර්ථය නම් ගෙවී යන්න ඉඩ දෙන්න එපා. සිංහල අළුත් අවුරුදු චාරිත්ර තුළින් උතුම් තෙරුවන්ට ගරු…
රහත් සිත නම් පර්වතය, රූප සුළි සුළං හමුවේ නොසැලෙන අපූරුව.
අවිද්යාව හේතුවෙන් සකස් වෙන සංස්කාරයන් අනිත්ය භාවයට පත් වෙන්නේ පුදුමාකාර වේගයකින්. මේ නිමේෂයේදී දේවස්ථානයේ දෙවියන් යදිමින් සිටින පින්වතා, ඊළග නිමේෂයේදී, දේවස්ථානය තුළදීම, පිපිරීමකින් කැඩී බිඳී මියයනවා. ඒ විතරක් නොවේ, ඊළග තත්පරයේදී, එම මියගිය පින්වතා, පටිච්ච සමුප්පන්නව නැවත භවයේ උපතකුත් ලබනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පටිච්ච සමුප්පාද ධර්මය, මොන තරම් නම් වේගවත් භාවයෙන් සත්ත්වයාගේ ජීවිත…
මෛත්රී ශීලයෙන් පලා යන්න එපා.
පිංවත, අපි මලක් වගේ මෙලෙක් වෙන්න කොච්චර සිතුවත්, අපිටත් හොරා අපේ සිතුවිලි ගොරෝසු වෙනවා. සම්මා සංකප්පයන් පසුපස සක්කාය දිට්ඨිය ලුහුබඳිද්දී, මෛත්රියට හති වැටෙන්නේ බොහෝම වේගයෙන්. මෛත්රියට හති වැටෙද්දී මෛත්රියේ ආනිශංස ධර්මයෝ එකොළහක් අපිට අහිමි වෙනවා. මේ අහිමිවීම මොනතරම් පරාජයක් ද කියලා කියනවා නම්, අපේ ශීලය, සතිය, සමාධිය පංච නීවරණයන්ගෙන්ම අපවිත්ර කරනවා. පිංවත, ඔබටත් කේන්ති යනවා…
මිල කරන්න බැරි සිතුවිල්ල.
පිංවත, භික්ෂුව වැඩසිටින ගම්මානයේ පසුගිය සතියක අවුරුදු උත්සවයක් පැවැත්වුණා. උදෑසන පටන් සවස් යාමේ දක්වා ගොඩාක් තරඟ ඉසව් තිබුණා. ශබ්ද විකාශන හඬ කුටියට යාන්තමට ඇසුණා. උදේ සිටම සැඟවිලා සිටිය සැඟවුණු අමුත්තා සවස් වෙනකොට සොයා ගත්තා. අවුරුදු උත්සවයත් ජාතික ගීය වාදනය කරලා අවසන් වුණා. පිංවත, මෙතනින් ඔබ නවතින්න එපා. මේ මොහොතේ පටන් මෙත් සිත පෙරදැරිව හැමෝම එකතු…
මිථ්යාදෘෂ්ටි අළු ගසා නැගිටින සමාජයක පින මගහැර යන්න එපා.
පිංවත, අපි දකින්නට අකමැති ගොරහැඬි සිහින වගේම, අපි දකින්නට කැමති පාට පාට සිහින අපි කොතෙක් නම් දැක තිබෙනවා ද? පිංවත, අපි කොතෙක් නම් අනාගත පාට පාට සිහින දකින්න බලාපොරොත්තුවෙන් ජීවත් වෙනවා ද? පිංවත, සිහින කියන්නේ විඤ්ඤාණයේ මායාවක්. ගොරහැඬි වේවා, පාට පාට වේවා, සිහිනයක් උපදින්නේ මනෝසම්ඵස්සයෙන්. පිංවත, මනෝසම්ඵස්සය යැයි කියන්නේ ඔබගේ අධ්යාත්මික රූපය, බාහිර රූපය සහ…
මට්ටකුණ්ඩලී කුමරුගේ කථා වස්තුව.
පින්වතුනේ, පින්වත් දරුවනේ, අපේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩසිටින කාලයේ අදින්නපුබ්බක නමින් ඉතාම ලෝභ තාත්තා කෙනෙක් හිටියා. එයාගේ එකම පුතාගේ නම මට්ටකුණ්ඩලී. ඒ පුතාට කනේ පළඳින ආභරණ සාප්පුවෙන් ගත්තේ නැහැ. ඒ තාත්තා මොකද කළේ? රන් කැබලි දෙකක් තමන්ම තලලා කරාබු ජෝඩුවක් හදලා පුතාගේ කනේ පැළඳුව නිසා තමයි පුතාට මට්ටකුණ්ඩලී යන නම ලැබුනේ. පවුලේ කාටවත් කෑම…