Article
යහපත් වෙනසකට සුභ මොහොත.
පින්වත පරිසරයට හිටපු ගමන් වැහි අඳුරක් පහත් වුණා. මෙතෙක් තිබූ තද අව්ව නිමිලා, පරිසරය සිසිල් වුණා. මැලවිලා අඩ නින්දේ තිබුණු කොළ, අතු සිසිල් පරිසරයෙන් පුංචි ආශ්වාදයක් ලබනවා. හැඟීම්, දැනීම් නැති වුණත් ගස් කොළන් වලටත් උවමනා එපාකම් තිබෙනවා. පින්වත දැන් නම් පුංචි වැහි පොදයකුත් වැටෙනවා. හුඟ දවසකින් වැස්සේ නොතෙමුණු කුරුල්ලෝ උවමනාවෙන්ම වැස්සේ තෙමෙන්නේ පුදුමාකාර සතුටකින්. පිංවත…
අකුසල් මූලයන් නිසා ගොරෝසු සිත.
පින්වත අද උදෑසන පිණ්ඩපාත මඩුවට පින්වතුන් පනහකට වැඩි පිරිසක් පැමිණ සිටියා. මේ සෑම කෙනෙකුගේ ම මුහුණුවල තිබුණේ සතුටක්. දුකෙන් පිරිච්ච ලෝකය තුළ කෙනෙකුගේ පුංචි හෝ සතුටක් කියන්නේ පිනේ ඵලයක්. ශ්රද්ධාවේ, ශීලයේ, දානයේ, මෛත්රියේ දිට්ඨධම්මවේදනීය ප්රතිලාභයක්. මේ පින්වතුන් පිණ්ඩපාත මඩුවේ දී ලබන මේ පුංචි සතුට පෙරළා තම නිවසට ගොඩවැදීමේ දී දුකක් බවට පත්වෙන්න පුළුවන්. පින්වත සිතුවිල්ලෙන්…
වැසි සමය කියාදෙන අර්ථවත් ධර්මය.
පින්වත අපි සද්ධර්මය නොතකා හැරියොත් අසද්ධර්මය අපිව ගිල ගන්නවා. පින්වත අසද්ධර්මය යැයි කියන්නේ දුකට එකම හේතුව පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව යැයි නොදැනීමයි. දුක නිරෝධය කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය යැයි නොදැනීමයි. පින්වත අපි අපේ හෘද සාක්ෂියට තට්ටු කරලා නිදහසේ අහමු, වර්තමානයේ කාගේ ළඟ ද තෘෂ්ණාව නැත්තේ. පින්වත් ඔබ ගැන කුමන කතා ද, වර්තමානයේ තමන් රහත්…
දුකෙන් පීඩිත භව ගමන.
පින්වත බුදුරජාණන් වහන්සේ තම ශ්රාවක ශ්රාවිකාවන්ට මහා කරුණාවෙන් අවවාද කරනවා, මහණෙනි, සද්ධර්මයට දායාද වෙලා ජීවත් වෙන්න කියලා. මහණෙනි, ශීලයට, සමාධියට, ප්රඥාවට, විමුක්තියට දායාද වෙලා ජීවත් වෙන්නය කියලා. ඔබලා සද්ධර්මයට දායාද නොවී ජීවත් වුණොත් ගිහි පින්වතුන්ලා ඔබලාට චෝදනා කරාවි, නිගරු කරාවි කියලා. පින්වත අතීතයේ දේශනාකොට වදාළ ඒ උතුම් ධර්මයන් වර්තමානයට හරි අගේට ගැලපිලා යනවා. පින්වත කොහොම…
හාමුදුරුවෝ දන් හැන්දට ණයයි ද?
මෙතෙක් පරිසරයේ තිබුණ නිහඬභාවය බිඳලා, පරිසරය හොඳටෝම අඳුරු කරලා, මේ මහ දවල් වැස්සක් පටන් ගත්තා. නිරතුරුවම වෙනස් වෙන පරිසරය වගේමයි, අපේ සිතත්, එකපාරට ම වෙනස් වෙලා යනවා. මෛත්රිය කේන්තියක් වෙලා යනවා. සප්තබොජ්ජංග ධර්මයන් පංචනීවරණයන් වෙලා යනවා. නොසිතූ වෙලාවක. නොපැතූ විලසින් කුසල් සහ අකුසල් සිත් අප තුළ ඇතිවෙනවා. මෙවැනි කුසල් සහ අකුසල් සංස්කාරයන් පසුකාලයක විපාකයට පැමිණෙද්දී,…
සිවුපසය පමණක් දන් දී සෑහීමකට පත්විය නොහැක.
පිංවත, ඔබ අත්දැකීම් බහුල උගතෙක් වෙන්න පුළුවන්. දන්න මායම් සියල්ලම දමලා ජය කණුව මත සිටින කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ මොන දේවල් තිබුණත්, ශිල්වත්භාවයේ ආනිශංසයන් සහ දුශිල්වත්භාවයේ විපාකයන් ගැන ඔබ නොදන්නවා නම්, පිංවත් ඔබ දන්නා සියල්ලම යම් දවසක, බිංදුවටම වැටෙන බව ධර්මානුකූලව තේරුම් ගන්න ඕනේ. පිංවත, ජාතියක් හැටියට අපි දුශ්ශීලභාවයේ ආදීනවයන් තුළ කරවටක් ගිලිලයි සිටින්නේ. නමුත්…
සිරුරක ඇති වටිනාකම මොකක්ද?
දුක අර්ථය කොටගත් පංචඋපාදානස්කන්ධ ලෝකයේදි අපි හැමෝම සැප වේදනාවන්ට කැමතියි. සැප වේදනාවන් ඇතිවුණ අවස්ථාවන්හිදී අපි ඒ සැපවේදනාව මගේ කොට ගන්නවා. ඒ සැප වේදනාවන් තුළ බැසගන්නවා. ඒ සැපවේදනාවන් නොවෙනස් වන දෙයක් බව දකිනවා. නමුත් යම් මොහොතකදි ඒ සැප වේදනාවන් වෙනස් වී දුක් වේදනාවක් බවට පත්වෙත්දී අපිට ඉතිරි වන්නේ බලාපොරොත්තු බිඳවැටීමක් පමණක්මයි. මෙය සටහන් තබන භික්ෂුවගේ භික්ෂු…
සල්ලි කොළ මතින් උපදින තණ්හා ධනය.
පිංවත, බුද්ධ විෂය ගැන ඔබ සිතන්න එපා. බුද්ධ විෂය අයිති ලොවුතුරා බුදුරජාණන් වහන්සේලාට පමණක්මයි. බෝධිසත්ත්වයන් සාරාසංඛ්ය කල්ප ලක්ෂ ගණනාවක් පිරූ දස පාරමී ශක්තියෙන් පෝෂණය වූ උතුම් බුද්ධ විෂය ගැන අවම වශයෙන් උතුම් සෝවාන්ඵල අවබෝධයවත් නොලැබූ අපි සිතන්නට ගියොත් එම සිතුවිලි අපිට අකුසලයේ ගින්දරමයි සකස්කොට දෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සෑම ධර්ම කාරණාවක්ම, විනය කාරණාවක්ම අයිති…
සද්ධර්මයේ භාග්යය උරුමකර ගැනීම.
පිංවත, අපවත් වී වදාළ මාගේ උපාධ්යායන් වහන්සේ වන අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහානායක ස්වාමීන් වහන්සේ වන ගෞරවනීය දොඩම්පහල චන්ද්රසිරි මහානායක ස්වාමීන් වහන්සේට මේ උතුම් ධර්ම දානමය පින් පරලොව ජීවිතයේ සැපය පිණිසත්, උතුම් චතුරාර්ය සත්යය ධර්මයෝ අවබෝධය පිණිසම හේතු වේවා යැයි අපි සියළු දෙනාම මෙත් සිතින් ප්රාර්ථනා කරමු. පිංවත, අපේ පිංවතුන්ලා පිංකම් කරන්න, දන් පූජා කරන්න…
සතර අපා දුකට එරෙහිව හදවතින් පිකටිං කරන්න.
පිංවත, අපි ඉපදුන මවුබිමට අපි හැමෝම ආදරය කරන්න ඕනේ. අපි හැමෝම උපන් මවුබිමට ගරු කරන්න ඕනේ. අපි ඇයව මවු සෙනෙහසින් පෝෂණය කරන්න ඕනේ. යම් පිංවතෙකුගේ උපන් බිම කියන්නේ අහම්බයක් නොවේ, හේතුඵල ධර්මයක්. සිදුහත් කුමාරයා දඹදිව කිඹුල්වත් නුවර උපදින්නේ හේතුඵල ධර්මයන් නිසාමයි. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා, කිඹුල්වත් නුවර දෙසින් හමාගෙන එන සුළඟත් සුවදායකයි කියලා. පිංවත,…