ඔබ අහිංසක ශිෂ්‍යයින්ට කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න.
සති අන්තයේ නිවාඩු දිනවල පාසල් වයසේ දරුවන් ගොඩාක් උදෑසන පිණ්ඩපාත මඩුවට පැමිණෙනවා. සමහරක් දරුවන් පසඟ පිහිටුවලා සංඝයාට වන්දනා කරනවා. බොහෝම ඉන්ද්‍රීය සංවරභාවයෙන් සංඝයාට දන් පූජා කරනවා. පුංචි දරුවන්ගේ මේ සංවරශීලී හැසිරීම් දකිද්දී, භික්ෂුවට සම්මා සම්බුද්ධ ශාසනයේ හෙට පිළිබඳව පුංචි බලාපොරොත්තුවක් ඇති වෙනවා. සියළු සංස්කාරයෝ අනිත්‍ය වුවත්, ඒ උතුම් අනිත්‍ය ධර්මයන් අපට උගන්වන මේ උතුම් සම්මා…