ධර්මයට උකටලී සිත.
පින්වත, ලෝකය තිබෙන්නේ නිවැරදි කරන්න නොවේ. බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණනක් පහළ වෙලත් නිවැරදි නොවූ ලෝකයකයි අපි ජීවත් වෙන්නේ. ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාලා වසර පන්සියයක් ඉක්ම යද්දී, දඹදිවින් බුදු දහම පවා අතුරුදහන් වෙලා යනවා. පින්වත අවිද්යාවෙන් උපන් තෘෂ්ණාවෙන් දුවන ලෝකය නිවැරදි කරන්න යන්න එපා. නිවැරදි නොවන ලෝකය උපයෝගී කොටගෙන ඔබ නිවැරදි වෙන්න. ලෝකයට ලෝකයේ ස්වභාවයෙන් තිබෙන්නට…