Chamela Aluthgedara

Software Engineer

ධර්මයට උකටලී සිත.

පින්වත, ලෝකය තිබෙන්නේ නිවැරදි කරන්න නොවේ. බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණනක් පහළ වෙලත් නිවැරදි නොවූ ලෝකයකයි අපි ජීවත් වෙන්නේ. ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාලා වසර පන්සියයක් ඉක්ම යද්දී, දඹදිවින් බුදු දහම පවා අතුරුදහන් වෙලා යනවා. පින්වත අවිද්‍යාවෙන් උපන් තෘෂ්ණාවෙන් දුවන ලෝකය නිවැරදි කරන්න යන්න එපා. නිවැරදි නොවන ලෝකය උපයෝගී කොටගෙන ඔබ නිවැරදි වෙන්න. ලෝකයට ලෝකයේ ස්වභාවයෙන් තිබෙන්නට…

Read More

නොනිමෙන ගමනක්.

පින්වත අද උදෑසන වයෝවෘද්ධ අම්මා කෙනෙක් තම මැදිවියේ දියණියක් සමග පිණ්ඩපාත මඩුවට දානය බෙදන්න පැමිණියා. වයෝවෘද්ධ අම්මා පිණ්ඩපාතයට බෙදුවේ බත් හැන්දක්. දියණිය බෙදුවේ ව්‍යංජනයක්. එය ප්‍රණීතභාවයට අයිතිවෙන ව්‍යංජනයක්. ඒ අම්මා බත් හැන්ද බෙදුවේ හරිම සතුටකින්. ඒ වයෝවෘද්ධ අම්මා දැනගෙන සිටියේ නැහැ, බත් හැන්දේත් ප්‍රණීත දානයේත් වෙනස. හැබැයි තම දියණිය ඒ වෙනස ගැන දැනගෙන සිටියාය කියලා…

Read More

ධර්මයෙන් ප්‍රමාද නම් කාලයට බණින්න එපා.

පින්වත මෙලොව සහ පරලොව වර්ණය, සැපය, බලය ඔබට ලැබෙන්නේ, ආජීව අට්ඨමක ශීලයේ ආරක්ෂාවෙන් ඔබ මහා සංඝරත්නය අරමුණුකොට පූජා කරගන්නා දානය තුළින්මයි. පින්වත පෙර ජීවිතයේ දී දන් පූජා කිරීම නිසා ඔබ මේ ජීවිතයේ දී වර්ණය, සැපය, බලය ලද පින්වතෙක් ද? ඔබ මේ ජීවිතයේ දී මහා ධනවතෙක්, බලවතෙක් වුවත් ඔබ නිරතුරුවම රෝගීභාවයන්ට, සතුරු කරදරවලට, සොරුන්, කප්පම්කරුවන් නිසා…

Read More

අවිද්‍යාවේ නූලෙන් නැටවෙන සංස්කාර රූකඩ.

පින්වත කුමන අසනීපයකට බෙහෙත් තිබුණත් අනුවණකමට නම් බෙහෙත් නැහැ. මොක ද අනුවණකම කියන්නේ අසනීපයක් නොවන නිසා. පින්වත මෝඩකම, අනුවණකම කියන්නේ හේතුඵල ධර්මයක්. මෙතරම් දැනුමෙන්, බුද්ධියෙන්, දියුණු ලෝකයක අපි අනුවණකම් දැන දැනම සිදුකරන්නේ, අනුවණ විදියට හැසිරෙන්නේ, අනුවණ කතා කියන්නේ අපි මේ ජීවිතයේ දී හෝ පටිච්චසමුප්පන්න පෙර ජීවිතවල දී උතුම් සද්ධර්මය හාස්‍යයට ලක්කිරීම, ධර්මය අධර්මය කිරීම, විනය…

Read More

මනසින් චරිතය සමඟ ජීවත්වීම.

පින්වත කුටිය අවට පරිසරය නැවතිලා. සුළං බිඳක්වත් හමන්නේ නැහැ. ගස්වැල් නිදාගෙන වගෙයි. පරිසරයම ගල්වෙලා බලා සිටිනවා. ඇත්තටම පරිසරය බිය වෙලා ද? පරිසරය හොඳාකාරව දන්නවා මනුෂ්‍ය අපි පරිසරයට මොනතරම් නම් බොරු කරනවා ද කියලා. පින්වත ලක්ෂයක් ගස් රෝපණය කළාය කියලා කෝටියක් වියදම පෙන්වනවා. අවසානයේ ගස් හිටවලා තිබෙන්නේ තම තමන්ගේ බැංකු ගිණුම්වල. පින්වත මනුෂ්‍ය අපි පිළිබඳව පරිසරයට…

Read More

පෞද්ගලික සංස්කාර පාර්සලය ලිහා බලන්න.

පින්වත වැස්ස නැති නිසාම පින්වත් ගොවි මහත්වරුන් ඇළෙන් ලැබෙන වතුර අරපරිස්සමින් පරිහරණය කරලා තම ගොයම ආරක්ෂාකොට ගන්නවා. බලාපොරොත්තු පොදි බැඳගෙන හෙට දින අස්වැන්න නෙලා ගන්න සූදානම්ව සිටිය දී මහා වැස්සක් ඇවිල්ලා මුළු අස්වැන්නම විනාශ වෙලා යනවා. පින්වත ඔබ මෙවැනි අකාරුණික සිදුවීම් දැකලා තිබෙනවා ද? ඇත්තටම අපිට මෙවැනි සිදුවීම් ඉදිරියේ අනේ අපොයි කියලා කියවෙනවා. පින්වත සංස්කාර…

Read More

ඇලීම් ගැටීම් නැති කරන ධර්මයේ උපේක්ෂාව.

පින්වත අපේ ජීවිත හසුරුවන පටිච්චසමුප්පන්න ධර්මතාවයක් තිබෙනවා. එම ධර්මතාවය තමයි අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවය. පින්වත අපේ අතීත සංස්කාර ගිණුමේ තිබෙන්නේ අපිම රැස්කොට ගත්තා වූ කුසල් සහ අකුසල් සංස්කාරයෝමයි. පින්වත පටිච්චසමුප්පන්න ක්‍රියාවලියට පණදෙන මෙහෙයවන්නා අපේම අතීත සංස්කාර වූ කල්හි, අපේ ජීවිත ඉදිරියට පැමිණෙන හොඳ සහ නරක අපි ධර්මයේ උපේක්ෂාවෙන්මයි පිළිගන්න ඕනේ. අද…

Read More

යහපත් වෙනසකට සුභ මොහොත.

පින්වත පරිසරයට හිටපු ගමන් වැහි අඳුරක් පහත් වුණා. මෙතෙක් තිබූ තද අව්ව නිමිලා, පරිසරය සිසිල් වුණා. මැලවිලා අඩ නින්දේ තිබුණු කොළ, අතු සිසිල් පරිසරයෙන් පුංචි ආශ්වාදයක් ලබනවා. හැඟීම්, දැනීම් නැති වුණත් ගස් කොළන් වලටත් උවමනා එපාකම් තිබෙනවා. පින්වත දැන් නම් පුංචි වැහි පොදයකුත් වැටෙනවා. හුඟ දවසකින් වැස්සේ නොතෙමුණු කුරුල්ලෝ උවමනාවෙන්ම වැස්සේ තෙමෙන්නේ පුදුමාකාර සතුටකින්. පිංවත…

Read More

අකුසල් මූලයන් නිසා ගොරෝසු සිත.

පින්වත අද උදෑසන පිණ්ඩපාත මඩුවට පින්වතුන් පනහකට වැඩි පිරිසක් පැමිණ සිටියා. මේ සෑම කෙනෙකුගේ ම මුහුණුවල තිබුණේ සතුටක්. දුකෙන් පිරිච්ච ලෝකය තුළ කෙනෙකුගේ පුංචි හෝ සතුටක් කියන්නේ පිනේ ඵලයක්. ශ්‍රද්ධාවේ, ශීලයේ, දානයේ, මෛත්‍රියේ දිට්ඨධම්මවේදනීය ප්‍රතිලාභයක්. මේ පින්වතුන් පිණ්ඩපාත මඩුවේ දී ලබන මේ පුංචි සතුට පෙරළා තම නිවසට ගොඩවැදීමේ දී දුකක් බවට පත්වෙන්න පුළුවන්. පින්වත සිතුවිල්ලෙන්…

Read More

වැසි සමය කියාදෙන අර්ථවත් ධර්මය.

පින්වත අපි සද්ධර්මය නොතකා හැරියොත් අසද්ධර්මය අපිව ගිල ගන්නවා. පින්වත අසද්ධර්මය යැයි කියන්නේ දුකට එකම හේතුව පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව යැයි නොදැනීමයි. දුක නිරෝධය කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය යැයි නොදැනීමයි. පින්වත අපි අපේ හෘද සාක්ෂියට තට්ටු කරලා නිදහසේ අහමු, වර්තමානයේ කාගේ ළඟ ද තෘෂ්ණාව නැත්තේ. පින්වත් ඔබ ගැන කුමන කතා ද, වර්තමානයේ තමන් රහත්…

Read More