කලක් ධර්ම ශ්‍රවණය කලත්, කිසි ප්‍රතිඵලයක් නොලද තරුණයෙක් හට බුදු හිමියන් දුන් ඔවදන.

බරණැස් නුවර තරුණයෙක් දිනපතා බුදුරදුන්ගෙන් බණ ඇසීමට පුරුදුව සිටියා. එහෙත් කාලයක් තිස්සේ බණ ඇසුවත් ඔහුට සිදු වු සෙතක් නැහැ. එක් දිනක් ඔහු උදේම අනිත් අය බණ ඇසිමට පැමිණිමට පෙර පැමිණ බුදු හාමුදුරුවන් සමඟ කළ සාකච්ඡාවකුයි මේ, “භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්ස අප බොහෝ දෙනෙක් ඔබ වහන්සේගෙන් බණ ඇසීමට පැමිණේ. එයින් කීප දෙනෙක් ඉක්මනින් සෝවාන්, සකෘදාගාමී, අනාගාමි…

Read More

කරුණාකර ලෝකය නිවැරදිව හඳුනා ගන්න.

පිංවත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කියන්නේ ආදරය, මෛත්‍රිය, කරුණාව ආදී ගුණ ධර්මයන් ඉක්මවා ගියා වූ දැක්මක් ඇති කෙනෙක් විය යුතුයි. සත්පුරුෂ දෙවියන්ගෙන්, බ්‍රහ්මයින්ගෙන් සහ මනුෂ්‍යයින්ගෙන් වැඳුම් පිදුම් ලබන මහා සංඝරත්නය කාම ලෝකයෙන් ඔබ්බට සිත පුහුණු කරවිය යුතුයි. අපිට පුළුවන් නම් ආදරය, මෛත්‍රිය, කරුණාව ආදී වූ ධර්මතාවයන් අනිත්‍ය වූ සංස්කාරයන් යැයි නුවණින් දකින්න, එවිට සංඝ සමාජයේ අපි…

Read More

කඳුළු සාගරයක වූව පැදිය ‍යුතු ඔරුව.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින කියන්නේ සැපයට කියන තවත් නමක්ය කියලා. යම් පිංවතෙක් සැපයෙන් නම් ජීවත් වෙන්නේ එ් පින නිසාමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සැබෑම සම්මා පින අයිතිවන්නේ, උතුම් සම්මා දිට්ඨියේ පටන් සම්මා ආජීවෝ දක්වා, මාර්ග අංග පහකින් පෝෂණය වූ සම්මා වායාමයන්ටයි. සැබෑම අර්ථවත් සම්මා වායාමයන් තුළ, ලෞකික ප‍්‍රඥාවත්, ආජීව අට්ඨමක ශීලයේ ශක්තියත් හොඳින්ම මුහුවෙලා තිබෙන්නට…

Read More

ඔබට වඩා දක්ෂයෙකුට තැන දෙන්න ඔබ දක්ෂ වෙන්න.

පින්වත අවිද්‍යාවේ කැඩපතෙන් පෙනෙන ලෝකය අකුසලයටමයි විවෘත වෙලා තිබෙන්නේ. අවිද්‍යා කැඩපත ඉදිරියේ ඔබ නග්නව සිටියත්, ඔබ ජාතික ඇඳුම පැලඳගෙන සිටියත් සංස්කාර ලෝකයේ සාමාජිකත්වයමයි ඔබ උරුමකොට ගන්නේ. පින්වත කාමයේ කෙටි ආශ්වාදයේ සහ රූපයේ කෙටි ආශ්වාදයේ මෝඩ මුලාවට කොටු වී මිච්චා වාචාවන්ගේ කුණු රසය බෙදාදෙන මිච්ඡා දිට්ඨියේ දුර්ගන්ධය දිනෙන් දිනම උත්සන්න වෙමින් පවතිනවා. උතුම් තෙරුවන් විවේචනය කරන…

Read More

ඔබ මා හමුවූයේ කඳුළු පිරි දෑසින් සමුගැනීමට නොව එකිනෙකාගෙන් නිදහස් වීමටය.

අගෝස්තු පසළොස්වක පොහොය දවසේ ගම්මානයේ දුප්පත්, පොහොසත් පිංවතුන් විසිපහකට වැඩි පිරිසක් පැමිණ භික්ෂුවට වස් ආරාධනාවන් සිදු කළා.ගමේ හැමෝම එකතුවෙලා මැටි අනලා, පොල් අතු බැඳලා, දින හතරක් පමණ දිවා රාත‍්‍රී වෙහෙසවෙලා තාවකාලිකව කුටියක් හදලා, කුටියේ බිම ඇතිරූ ගොම මැටිවල නැවුම් සුවඳ අකීකරු සුළඟ සමඟ මුසුවී නාසයට දැනෙනකොට අතීත ශ‍්‍රාවකයන් වහන්සේලාගේ අල්පේච්ඡ ප‍්‍රතිපදාවමයි, භික්ෂුවගේ සිහියට නැගෙන්නේ. වර්තමානයේ,…

Read More

ඇලීම්, ගැටීම් සහ උපේක්ෂාවේ තීන්ත.

පින්වත සති සම්බොජ්ඣඬ්ගය ඵස්සය අසල සීරුවෙන් පසුවෙද්දී සිත විවේකයට ගොඩාක් කැමැතියි. පින්වත් ඔබේ ඵස්සය පංච නීවරණයන්ට ගොදුරු වුණොත්, සිත සෙල්ලමටමයි කැමති වෙන්නේ. එවිට සිත ඇලීම් සහ ගැටීම් සෙල්ලම්වල සිරකරුවෙක් වෙනවා. ඊයේ දිනය පුරාවට ඔබ තුළ සිතුවිලි කොතෙක් නම් ඇති වෙන්න ඇති ද? ඒ එකම සිතුවිල්ලක්වත් දැන් ඔබට අයිති නැහැ. අනිත්‍ය වූ ඵස්සය හේතුවෙන් සකස් වූ…

Read More

ආර්‍ය අෂ්ටාංගික මාර්ගය තුළින් පෙරට එන්න.

පිංවත, ඔබේ පිංවන්ත මාතෘභූමිය වර්තමානයේ පසුවෙන්නේ ඔත්පලවයි. මහ පොළොව, පරිසරය, ඍතු, අව්, වැසි මේ සෑම දෙයක්ම රෝගීභාවයටම පත්වෙලා, යහපත් සියල්ලම විනාශ වෙලා යද්දී, අයහපත් සියල්ලම මහා වේගයකින් සංවර්ධනය වෙනවා. පිංවත, ඔබේ ලේ, මස්, ඇට, නහර පෝෂණය වුණේ ඇයගේම ජීව රුධිරයෙන්. ඔබ ධර්මය සහ අධර්මය වෙන්කොට හඳුනා ගත්තේ, ඇයගේම පිංවන්ත මව් ගුණයෙන්. ඔබ මනුෂ්‍ය ධර්මයන් ජීවිතයට…

Read More

අවිද්‍යාව ප්‍රශ්න අවුල් කරනවා.

පිංවත, වෙලාව දහවල් දොළහයි, මුළු කැලෑ පරිසරයම මීදුමින් වැසිලා. හේතුවකින් තොරව ඵලයක් ඇති වෙන්නෙ නැහැ. කම්මුලට අත තබාගෙන සිතන්න උත්සාහ කළත්, භික්ෂුවගේ සිත වර්තමානයෙන් ඔබ්බට යන්නේම නැහැ. පිංවත මේ වෙන දේවල් ගැන සිතලා ඵලක් නැහැ. පිංවත් මනුෂ්‍යයාගේ පංච ඉන්ද්‍රියයන්ගෙන් ගලාගෙන යන තෘෂ්ණාවේ සැඩපහර, පිංවත් මනුෂ්‍යයාගේම සංස්කාර ගල්වැටි පෙරළාගෙන, භවාත්‍රය නමැති මහා සාගරයටම ගලාගෙන යනවා. පිංවත,…

Read More

අවිද්‍යා ඝන අඳුරේ එහා මෙහා යන නිර්ආගමික අවතාර.

පිංවත, වර්ණවත්, සුගන්ධවත් මලක් වුවත්, කොයි මොහොතක හෝ පරවෙලා යනවා. අපි මොනතරම් ප්‍රණීත, විසිතුරු සංස්කාරයෝ ජීවිත වලට එකතුකොට ගත්තත්, ඒ සෑම සංස්කාරයක්ම සැපයෙන් විකසිත වෙලා, ආශ්වාදයෙන් කුල්මත් වෙලා කිනම් මොහොතක හෝ ජරා, ව්‍යාධි, මරණයන්ටම පත්වෙලා යනවා. පිංවත, අපි ආශ්වාදයට ආදරය කළොත් එහි ඵලය වෙන්නේ ආදීනවයමයි. පිංවත, ආශ්වාදය කියලා කියන්නේ තෘෂ්ණාවට. ආදීනවය කියලා කියන්නේ ජාති, ජරා,…

Read More

අපි හැමෝම මාරයාගේ සේවකයෝ.

පිංවත, කාමයේ ආශ්වාදය හරිම භයානකයි. කෙටි ආශ්වාදය අපිව දීර්ඝකාලීන ආදීනවයන්ට යොමු කරනවා. ආශ්වාදය කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස පිනවීමයි. පිංවත, ආශ්වාදයට කවු ද අකමැති? ආශ්වාදයට අපි හැමෝම කැමති නිසාම, ජාතියක් හැටියට වර්තමානයේ අපිට ඉතිරි වෙලා තිබෙන්නේ දීර්ඝ ආදීනවයේ බංකොලොත්භාවය පමණක්මයි. පිංවත, බංකොලොත්භාවය ආදීනවයක් වුව ද, අපි බංකොලොත්භාවයත් ආශ්වාදයක් කොටගත් කල්හි, පදංග වශයෙන්…

Read More