දුටුගැමුණු රජතුමා භාවිතා කල ආරක්ෂක ගාථා තුන.

බුද්ධෝ තිලෝක සරණෝ – බුද්ධෝ සුරියෝ තමෝනුදෝ
ඒවං තං සරණං ඛේමං – බුද්ධෝ මේ සරණං වරං
ගච්ඡාමි සරණං බුද්ධං – නත්ථි මය්හං භයං සදා

බුදුරජාණන් වහන්සේ තුන් ලොවට ම එක ම සරණ වූ සේක. ඒ අපගේ බුදුරජාණන් වහන්සේ ලෝකයාගේ මෝහාන්ධකාරය දුරලන සූර්යයා වන සේක. මෙසේ ඒ බුදුරජාණන් වහන්සේගේ සරණ බිය රහිත වූ උතුම් ශ්‍රේෂ්ඨ සරණ ම වූ සේක. මම බුදුරජාණන් වහන්සේ සරණ යමි. එහෙයින් මා හට සදා භය නැත්තේ ම ය.

ධම්මෝ තිලෝක සරණෝ – ධම්මෝ සුරියෝ තමෝනුදෝ
ඒවං තං සරණං ඛේමං – ධම්මෝ මේ සරණං වරං
ගච්ඡාමි සරණං ධම්මං – නත්ථි මය්හං භයං සදා

ඒ උතුම් ශ්‍රී සද්ධර්මය තුන් ලොවට ම එක ම සරණ වූ සේක. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ලෝකයාගේ මෝහාන්ධකාරය දුරලන සූර්යයා වන සේක. මෙසේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ සරණ බිය රහිත වූ උතුම් ශ්‍රේෂ්ඨ සරණ ම වූ සේක. මම ඒ උතුම් ශ්‍රී සද්ධර්මය සරණ යමි. එහෙයින් මා හට සදා භය නැත්තේ ම ය.

සංඝෝ තිලෝක සරණෝ – සංඝෝ සුරියෝ තමෝනුදෝ
ඒවං තං සරණං ඛේමං – සංඝෝ මේ සරණං වරං
ගච්ඡාමි සරණං සංඝං – නත්ථි මය්හං භයං සදා

ඒ උතුම් ආර්ය මහා සංඝ රත්නය තුන් ලොවට ම එකම සරණ වූ සේක. ඒ උතුම් ආර්ය මහා සංඝ රත්නය ලෝකයාගේ මෝහාන්ධකාරය දුරලන සූර්යයා වන සේක. මෙසේ ඒ උතුම් ආර්ය මහා සංඝ රත්නයේ සරණ බිය රහිත වූ උතුම් ශ්‍රේෂ්ඨ සරණ ම වූ සේක. මම ඒ උතුම් ආර්ය මහා සංඝ රත්නය සරණ යමි. එහෙයින් මා හට සදා භය නැත්තේ ම ය.

____________________________________

මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.