දුකෙන් පීඩිත භව ගමන.

පින්වත බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට මහා කරුණාවෙන් අවවාද කරනවා, මහණෙනි, සද්ධර්මයට දායාද වෙලා ජීවත් වෙන්න කියලා. මහණෙනි, ශීලයට, සමාධියට, ප්‍රඥාවට, විමුක්තියට දායාද වෙලා ජීවත් වෙන්නය කියලා. ඔබලා සද්ධර්මයට දායාද නොවී ජීවත් වුණොත් ගිහි පින්වතුන්ලා ඔබලාට චෝදනා කරාවි, නිගරු කරාවි කියලා. පින්වත අතීතයේ දේශනාකොට වදාළ ඒ උතුම් ධර්මයන් වර්තමානයට හරි අගේට ගැලපිලා යනවා. පින්වත කොහොම…

Read More

හාමුදුරුවෝ දන් හැන්දට ණයයි ද?

මෙතෙක් පරිසරයේ තිබුණ නිහඬභාවය බිඳලා, පරිසරය හොඳටෝම අඳුරු කරලා, මේ මහ දවල් වැස්සක් පටන් ගත්තා. නිරතුරුවම වෙනස් වෙන පරිසරය වගේමයි, අපේ සිතත්, එකපාරට ම වෙනස් වෙලා යනවා. මෛත‍්‍රිය කේන්තියක් වෙලා යනවා. සප්තබොජ්ජංග ධර්මයන් පංචනීවරණයන් වෙලා යනවා. නොසිතූ වෙලාවක. නොපැතූ විලසින් කුසල් සහ අකුසල් සිත් අප තුළ ඇතිවෙනවා. මෙවැනි කුසල් සහ අකුසල් සංස්කාරයන් පසුකාලයක විපාකයට පැමිණෙද්දී,…

Read More

සිවුපසය පමණක් දන් දී සෑහීමකට පත්විය නොහැක.

පිංවත, ඔබ අත්දැකීම් බහුල උගතෙක් වෙන්න පුළුවන්. දන්න මායම් සියල්ලම දමලා ජය කණුව මත සිටින කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ මොන දේවල් තිබුණත්, ශිල්වත්භාවයේ ආනිශංසයන් සහ දුශිල්වත්භාවයේ විපාකයන් ගැන ඔබ නොදන්නවා නම්, පිංවත් ඔබ දන්නා සියල්ලම යම් දවසක, බිංදුවටම වැටෙන බව ධර්මානුකූලව තේරුම් ගන්න ඕනේ. පිංවත, ජාතියක් හැටියට අපි දුශ්ශීලභාවයේ ආදීනවයන් තුළ කරවටක් ගිලිලයි සිටින්නේ. නමුත්…

Read More

සිරුරක ඇති වටිනාකම මොකක්ද?

දුක අර්ථය කොටගත් පංචඋපාදානස්කන්ධ ලෝකයේදි අපි හැමෝම සැප වේදනාවන්ට කැමතියි. සැප වේදනාවන් ඇතිවුණ අවස්ථාවන්හිදී අපි ඒ සැපවේදනාව මගේ කොට ගන්නවා. ඒ සැප වේදනාවන් තුළ බැසගන්නවා. ඒ සැපවේදනාවන් නොවෙනස් වන දෙයක් බව දකිනවා. නමුත් යම් මොහොතකදි ඒ සැප වේදනාවන් වෙනස් වී දුක් වේදනාවක් බවට පත්වෙත්දී අපිට ඉතිරි වන්නේ බලාපොරොත්තු බිඳවැටීමක් පමණක්මයි. මෙය සටහන් තබන භික්ෂුවගේ භික්ෂු…

Read More

සල්ලි කොළ මතින් උපදින තණ්හා ධනය.

පිංවත, බුද්ධ විෂය ගැන ඔබ සිතන්න එපා. බුද්ධ විෂය අයිති ලොවුතුරා බුදුරජාණන් වහන්සේලාට පමණක්මයි. බෝධිසත්ත්වයන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක් පිරූ දස පාරමී ශක්තියෙන් පෝෂණය වූ උතුම් බුද්ධ විෂය ගැන අවම වශයෙන් උතුම් සෝවාන්ඵල අවබෝධයවත් නොලැබූ අපි සිතන්නට ගියොත් එම සිතුවිලි අපිට අකුසලයේ ගින්දරමයි සකස්කොට දෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සෑම ධර්ම කාරණාවක්ම, විනය කාරණාවක්ම අයිති…

Read More

සද්ධර්මයේ භාග්‍යය උරුමකර ගැනීම.

පිංවත, අපවත් වී වදාළ මාගේ උපාධ්‍යායන් වහන්සේ වන අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහානායක ස්වාමීන් වහන්සේ වන ගෞරවනීය දොඩම්පහල චන්ද්‍රසිරි මහානායක ස්වාමීන් වහන්සේට මේ උතුම් ධර්ම දානමය පින් පරලොව ජීවිතයේ සැපය පිණිසත්, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ අවබෝධය පිණිසම හේතු වේවා යැයි අපි සියළු දෙනාම මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. පිංවත, අපේ පිංවතුන්ලා පිංකම් කරන්න, දන් පූජා කරන්න…

Read More

සතර අපා දුකට එරෙහිව හදවතින් පිකටිං කරන්න.

පිංවත, අපි ඉපදුන මවුබිමට අපි හැමෝම ආදරය කරන්න ඕනේ. අපි හැමෝම උපන් මවුබිමට ගරු කරන්න ඕනේ. අපි ඇයව මවු සෙනෙහසින් පෝෂණය කරන්න ඕනේ. යම් පිංවතෙකුගේ උපන් බිම කියන්නේ අහම්බයක් නොවේ, හේතුඵල ධර්මයක්. සිදුහත් කුමාරයා දඹදිව කිඹුල්වත් නුවර උපදින්නේ හේතුඵල ධර්මයන් නිසාමයි. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා, කිඹුල්වත් නුවර දෙසින් හමාගෙන එන සුළඟත් සුවදායකයි කියලා. පිංවත,…

Read More

සංදර්ශන අසිරිය මැද පින පිරිහී ගිය බොරුව.

පිංවත, අපි හැමෝගේම ජීවිත තෘෂ්ණාවෙන් කුරුවල් වෙලා. කාගේ ජීවිතය සොලවා බැලුවත් අපිට දැනෙන්නේ සල්ලි කොළවල දුර්ගන්ධයමයි. මේ සල්ලි කොළවල දුර්ගන්ධය නිසාම, මනුෂ්‍යත්වයේ සුවඳට ගරු කරන සත්පුරුෂ මනුෂ්‍යයෝ බොහෝම වේගයෙන් උපන් මවුබිම අතහැරලා විදේශගත වෙනවා. පිංවත මෙහෙම ගියොත් අපේ රටේ ඉතිරි වෙන්නේ තෘෂ්ණාවම උපාදානය කොටගත්ත මනුෂ්‍ය, ප්‍රේතයෝ, මනුෂ්‍ය කුම්භාණ්ඩයෝ සහ මනුෂ්‍ය බහිරවයෝ පමණක්මයි. පිංවත, හෙට කියලා…

Read More

ශීලයේ, දානයේ ඵලය.

පින්වත අපේ රටේ දේශපාලනයට අතීත අකුසල් නිසාම ඒරාෂ්ඨකයක් උදා වෙලයි තිබෙන්නේ. දේශපාලනයට ඒරාෂ්ඨකයක් උදා වෙත්දි, පූජක පක්ෂයටත්, ජනතාවටත්, පරිසරයටත්, බවබෝග සම්පත් වලටත් ඒරාෂ්ඨකයේ අකුසල් ඕජාව සිත් සේ විපාකයන්ට එනවා. පින්වත වර්තමානයේ අපි අකුසලයෙන් පිබිදෙන ජාතියක්. දස දිශාව බැලීමේ දී අපිට පෙනෙන්නේ අකුසලයේ පිබිදීමයි. රටේ දේශපාලනය බොරුවෙන්, බල තණ්හාවෙන්, වංකකමෙන් පිබිදෙනවා. නගරයත්, ගමත් යන දෙකම ආකර්ෂණීය…

Read More

ශීලයෙන් තොර සමාජය හොඳ නරක හඳුනන්නෙ නෑ.

පිංවත, මතට තිත තබනවා යැයි ජනතාවට පොරොන්දු දෙන පිංවත් පාලක පිංවතුන්ලා විසින්ම, සමාජයේ ජීවත්වෙන වැඩිහිටියන්ගේ පමණක් නොව පාසල් දරු දැරියන්ගේ අහිංසක ජීවිත පවා වර්තමානයේ මත්ද්‍රව්‍ය නිසාම ප්‍රශ්නාර්ථයක් බවට පත්කොට තිබෙනවා. පිංවත, මුදලට සහ බලයට දේවත්වයෙන් ගරු කරන සමාජයක උතුම් මනුෂ්‍ය ධර්මයන් සතර අපාගත වෙනවාය කියන කාරණය ධර්මතාවයක්ම වෙනවා. පිංවත, මේ උතුම් ධර්මරත්නය අපිට උපකාර කරන්නේ…

Read More