Article
සසරින් එතෙර වීම.
1. මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීමට ඇත්තේ කණ කැස්බැවකු විය සිදුරෙන් අහස බැලීමේ සම්භාවිතාවයට වඩා අඩු සම්භාවිතාවක් බව බුදු රදුන් කියා ඇත. එවන් දුර්ලභ දෙයක් එනම් මනුෂ්‍ය ආත්මයක් ඔබ ලබා ඇත. 2. අබාධිත හෝ මන්ද බුද්ධික ඉපදීමක් නොලබා සාමාන්‍ය මනුෂ්‍ය භවයක් ලැබී ඇත. 3. සාමාන්‍ය මනුෂ්‍යයකුට වඩා කිසියම් දෙයක් වටහා ගැනීමට හැකිවන ප්‍රඥාවක් සහිතව ඉපදී ඇත….
සකුණග්ගී සූත්‍රය.
පින්වත් මහණෙනි, දිනක් ගිජුලිහිණියක් පැමිණ බලහත්කාරයෙන් සාහසික ලෙස කැටකුරුල්ලෙකු අල්ලාගෙන අහසේ වේගයෙන් පියාසර කරන්නට පටන් ගත්තා. එවිට අර කුරුල්ලා “අනේ, අපේමයි වරද, අපේමයි මේ කාලකණ්ණිකම, අපට මේ විපත සිදුවුණේ අපට අයිති නැති තැන්වල හැසුරුණ නිසාය.” අපට පිය පරපුරෙන් ලැබුන ආරක්ෂා ස්ථානයේ අප සිටියා නම්, මේ ගිජුලිහිණියා මෙලෙස අප හා යුද්ධ කරන්නට එන්නේ නැතැයි මහත් වූ…
සක් දෙවිඳුන්ගේ කථා වස්තුව.
පින්වලට කවුරුත් කැමතියි. නමුත් පින් වලින් ලැබෙන සැප මොනවාද කියා බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. එ් නිසා පින් කරන්න කැමති වුණත්, පින්වලට උනන්දුවක් නැහැ. පින ගැන අවබෝධයක් තියෙනවා නම්, එ් කෙනා දක්ෂ මල් කාරයෙක් වගෙයි. මල් නෙලන්නට මල් තියෙන තැන් සොය සොයා යනවා වගේ පින් රැස්කරගන්නට පුළුවන් සෑම තැනකින්ම ප්‍රයෝජනය ගන්නවා. චාතුම්මහාරාජික, තාවතිංස නමින් දිව්‍ය ලෝක…
සංඝ සමාජය සතුවිය යුතු ගාම්භීර වත්කම්.
පිංවත ඉඩ දෙන්න ලෝකයට නිදහසේ ගලාගෙන යන්න. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන්නේ ලෝකය යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සළායතනයන් සෑදී ඇති පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතුවට තම මව්පිය උරුමය වන ජරා, ව්‍යාධි, මරණයන් කරා නිදහසේ ගලාගෙන යන්න ඉඩ දෙන්න. පිංවත් ඔබ නුවණින් දකින්න, අතීතයේ වැඩසිටිය උතුම් රහතන් වහන්සේලාගේ සළායතනයන් නිදහසේ පිරිනිවීම…
ශ්‍රෝතාපන්න පුද්ගලයා.
“තිණ්ණං සංයෝජනානං පහාණාය පටිපන්නො පුද්ගලො සොතාපත්තිඵලසච්ජිකිරියාය පටිපන්නො, යස්ස පුද්ගලස්ස තීණි සංයෝජනානි පහීණානි අයං වුච්චති පුග්ගලො සොතාපන්නො,” (පුද්ගලපඤ්ඤන්ති) “සංයෝජන තුනක් ප්රහාණය කීරීම සඳහා පිළිපන් පුද්ගලයා ශ්‍රෝතපත්තිඵලය සාක්ෂාත් කිරිම පිණිස පිළිපන්නේ වේ. යම් පුද්ගලයකුට සංයෝජනත්‍රය ප්‍රහීණ ද ඒ පුද්ගලයා ශ්‍රෝතාපන්නය යයි කියනු ලැබේය” යනු එහි තේරුම ය. එහි කියවුණු සංයෝජන තුන නම් සක්කායදිට්ඨී – විචිකිච්ඡා – සීලබ්බතපරාමාස…
වේළුක ජාතකය.
ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනයේ. ජේතවනයේම එක්තරා භික්ෂුවක් හිටියා. ඉතාමත් අකීකරුයි. ඔහුට හිතෙන දේ ම යි කරන්නේ. කිසිම වැඩිහිටි භික්ෂුවකගේ යහපත් අවවාදයකට සවන් දෙන්නේ නෑ. භික්ෂූන් වහන්සේලා මේ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ ළඟට කැඳවාගෙන ගිහින් මොහුගේ අකීකරුකම ගැන සැළකළා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුවගෙන් ඒ ගැන විමසා වදාළා. “හැබෑද භික්ෂුව? ඔබ කිසිම අවවාදයක්…
විශේෂ වෙසක් දින ලිපිය – 02.
(පිංවත් ඔබ වෙනුවෙන් මේ ලිපි මාලාව ලියූ ස්වාමීන්වහන්සේ 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරූ වසරේ වෙසක් දිනය දා එය නිමිති කරගනිමින් ලියන ලද දීර්ඝ ලිපියක් වේ. එය ඉතා දිගු සටහනකි. මේ එම සටහනේ දෙවන කොටසයි.) ධර්ම සාකච්ජාවක් අතරතුර එක තරුණ මවක් භික්ෂුවගෙන් විමසුවා ‘හාමුදුරුවනේ, මට කුඩා දරුවෙක් සිටිනවා. දරුවාගේ කටයුතුත් කරමින්, සැමියාගේ කටයුතුත් කරමින්, ගෙදර දොර කටයුතුත්…
විශුද්ධි ධර්මයන්.
බෞද්ධයාගේ පරම පැතුම නිවන යි. ඒ සඳහා සතර මාර්ග ඤාණ ලබාගත යුතු වෙයි. ඊට ළඟාවීමේ මාර්ගයක් ලෙස මෙම ‘සප්ත විශුද්ධි ප්‍රතිපදාව ‘ හඳුන්වා දිය හැකිය. ‘විශුද්ධිය ‘ යනු පිරිසුදු බවයි. සසර සැරිසරන විට නිරන්තරයෙන් කෙලෙස් නමැති මලවලින් අපිරිසුදු වන පෘථග්ජන සත්වයාගේ සිත විශේෂයෙන් පිරිසුදු බවට පත්කරන ධර්ම ‘විශුද්ධි ධර්ම’ ලෙස හඳුන්වන අතර, එවැනි කාරණා හතක්…
වස්සානයෙන් දොර ජනෙල් වැසූ කුටිය තුළ භව නිරෝධයට විවර වූ සිතක්.
“ඔබ තුළ සකස් වන භාවනාව කෙරෙහි දැඩි කැමැත්ත ඔබ තුළ මාන්නය සහ උද්ධච්ඡ භාවය ඇති කොට දෙන බව” බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේමයි, භාවනාවේදී පින්වත් ඔබේ භාවනාව කෙරෙහි කැමැත්ත හෙවත් ඡන්දය ඇතුළතින් හැකිළී යෑමට ඉඩ නොදිය යුතුයි. ඇතුළතින් හකුළන ඔබගේ භාවනාව කෙරෙහි කැමැත්ත ඔබ තුළ ථිනමිද්ධය හෙවත් නිදිමත, ආහාර මතය ඇතිකොට දෙනව. ඒ වගේමයි…
වම්මික සූත්‍රය.
අන්ධ වනයෙහි වැඩ සිටින කුමාර කාශ්‍යප හිමියන් වෙත පැමිණෙන එක්තරා දේව රාජයෙක් ප්‍රශ්න කිහිපයක් විචාරයි. ඒවාට පිළිතුරු බුදුරජාණන් වහන්සේගෙන් විමසන ලෙස ද ඔහු උපදෙස් දෙයි. ඉන් පසු කුමාර කාශ්‍යප හිමියෝ ඒ දේව රාජයා විචාළ පරිදි එම ප්‍රශ්න සියල්ල බුදුරජාණන් වහන්සේගෙන් විමසති. බුදුරජාණන් වහන්සේ ඒ සියලු ප්‍රශ්නවලට පිළිතුරු දුන් අයුරු මෙම සූත්‍රයෙහි මනා ලෙස විග්රහ වී…