ඔබ මා හමුවූයේ කඳුළු පිරි දෑසින් සමුගැනීමට නොව එකිනෙකාගෙන් නිදහස් වීමටය.

අගෝස්තු පසළොස්වක පොහොය දවසේ ගම්මානයේ දුප්පත්, පොහොසත් පිංවතුන් විසිපහකට වැඩි පිරිසක් පැමිණ භික්ෂුවට වස් ආරාධනාවන් සිදු කළා.ගමේ හැමෝම එකතුවෙලා මැටි අනලා, පොල් අතු බැඳලා, දින හතරක් පමණ දිවා රාත‍්‍රී වෙහෙසවෙලා තාවකාලිකව කුටියක් හදලා, කුටියේ බිම ඇතිරූ ගොම මැටිවල නැවුම් සුවඳ අකීකරු සුළඟ සමඟ මුසුවී නාසයට දැනෙනකොට අතීත ශ‍්‍රාවකයන් වහන්සේලාගේ අල්පේච්ඡ ප‍්‍රතිපදාවමයි, භික්ෂුවගේ සිහියට නැගෙන්නේ. වර්තමානයේ,…

Read More

ඇලීම්, ගැටීම් සහ උපේක්ෂාවේ තීන්ත.

පින්වත සති සම්බොජ්ඣඬ්ගය ඵස්සය අසල සීරුවෙන් පසුවෙද්දී සිත විවේකයට ගොඩාක් කැමැතියි. පින්වත් ඔබේ ඵස්සය පංච නීවරණයන්ට ගොදුරු වුණොත්, සිත සෙල්ලමටමයි කැමති වෙන්නේ. එවිට සිත ඇලීම් සහ ගැටීම් සෙල්ලම්වල සිරකරුවෙක් වෙනවා. ඊයේ දිනය පුරාවට ඔබ තුළ සිතුවිලි කොතෙක් නම් ඇති වෙන්න ඇති ද? ඒ එකම සිතුවිල්ලක්වත් දැන් ඔබට අයිති නැහැ. අනිත්‍ය වූ ඵස්සය හේතුවෙන් සකස් වූ…

Read More

ආර්‍ය අෂ්ටාංගික මාර්ගය තුළින් පෙරට එන්න.

පිංවත, ඔබේ පිංවන්ත මාතෘභූමිය වර්තමානයේ පසුවෙන්නේ ඔත්පලවයි. මහ පොළොව, පරිසරය, ඍතු, අව්, වැසි මේ සෑම දෙයක්ම රෝගීභාවයටම පත්වෙලා, යහපත් සියල්ලම විනාශ වෙලා යද්දී, අයහපත් සියල්ලම මහා වේගයකින් සංවර්ධනය වෙනවා. පිංවත, ඔබේ ලේ, මස්, ඇට, නහර පෝෂණය වුණේ ඇයගේම ජීව රුධිරයෙන්. ඔබ ධර්මය සහ අධර්මය වෙන්කොට හඳුනා ගත්තේ, ඇයගේම පිංවන්ත මව් ගුණයෙන්. ඔබ මනුෂ්‍ය ධර්මයන් ජීවිතයට…

Read More

අවිද්‍යාව ප්‍රශ්න අවුල් කරනවා.

පිංවත, වෙලාව දහවල් දොළහයි, මුළු කැලෑ පරිසරයම මීදුමින් වැසිලා. හේතුවකින් තොරව ඵලයක් ඇති වෙන්නෙ නැහැ. කම්මුලට අත තබාගෙන සිතන්න උත්සාහ කළත්, භික්ෂුවගේ සිත වර්තමානයෙන් ඔබ්බට යන්නේම නැහැ. පිංවත මේ වෙන දේවල් ගැන සිතලා ඵලක් නැහැ. පිංවත් මනුෂ්‍යයාගේ පංච ඉන්ද්‍රියයන්ගෙන් ගලාගෙන යන තෘෂ්ණාවේ සැඩපහර, පිංවත් මනුෂ්‍යයාගේම සංස්කාර ගල්වැටි පෙරළාගෙන, භවාත්‍රය නමැති මහා සාගරයටම ගලාගෙන යනවා. පිංවත,…

Read More

අවිද්‍යා ඝන අඳුරේ එහා මෙහා යන නිර්ආගමික අවතාර.

පිංවත, වර්ණවත්, සුගන්ධවත් මලක් වුවත්, කොයි මොහොතක හෝ පරවෙලා යනවා. අපි මොනතරම් ප්‍රණීත, විසිතුරු සංස්කාරයෝ ජීවිත වලට එකතුකොට ගත්තත්, ඒ සෑම සංස්කාරයක්ම සැපයෙන් විකසිත වෙලා, ආශ්වාදයෙන් කුල්මත් වෙලා කිනම් මොහොතක හෝ ජරා, ව්‍යාධි, මරණයන්ටම පත්වෙලා යනවා. පිංවත, අපි ආශ්වාදයට ආදරය කළොත් එහි ඵලය වෙන්නේ ආදීනවයමයි. පිංවත, ආශ්වාදය කියලා කියන්නේ තෘෂ්ණාවට. ආදීනවය කියලා කියන්නේ ජාති, ජරා,…

Read More

අපි හැමෝම මාරයාගේ සේවකයෝ.

පිංවත, කාමයේ ආශ්වාදය හරිම භයානකයි. කෙටි ආශ්වාදය අපිව දීර්ඝකාලීන ආදීනවයන්ට යොමු කරනවා. ආශ්වාදය කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස පිනවීමයි. පිංවත, ආශ්වාදයට කවු ද අකමැති? ආශ්වාදයට අපි හැමෝම කැමති නිසාම, ජාතියක් හැටියට වර්තමානයේ අපිට ඉතිරි වෙලා තිබෙන්නේ දීර්ඝ ආදීනවයේ බංකොලොත්භාවය පමණක්මයි. පිංවත, බංකොලොත්භාවය ආදීනවයක් වුව ද, අපි බංකොලොත්භාවයත් ආශ්වාදයක් කොටගත් කල්හි, පදංග වශයෙන්…

Read More

අපි හැමෝම පටිච්චසමුප්පන්න ලේ ඥාතීන්.

පිංවත, ඔබ මේ ජීවිතයේ දී උපත ලැබුවේ ගමේ තිබෙන ග්‍රාමීය රෝහලක ද එසේත් නැතිනම් නගරයේ තිබෙන රජයේ රෝහලක ද? පිංවත, ඔබ කැමති ද ඔබේ ඊළඟ පටිච්චසමුප්පන්න මනුෂ්‍ය ජීවිතය ප්‍රකෝටිපති මවුපිය දෙපළකට දාව කොළඹ නගරයේ ප්‍රධාන පෞද්ගලික රෝහලක උපදින්න. පිංවත, මාතෘභූමිය තුළ ක්‍රියාත්මක වෙන දුශ්ශීල දේශපාලනයෙන් යහපත් හෙටක් බලාපොරොත්තු වෙන්න එපා. දිනෙන් දින ඔඩුදුවන ආර්ථික අගහිඟකම්…

Read More

අධර්මයේ ඒහිපස්සික ගුණය මිච්ඡා රඟපෑම් වලින් වසා දැමීම.

පිංවත, අපේ ලෞකික ප්‍රඥාව දුර්වල වෙනකොට, අවිද්‍යාවේ ඝනාන්ධකාරය ශක්තිමත් වෙනවා. අවිද්‍යාවේ ඝනාන්ධකාරය වැඩි වෙද්දී, සැපය කියලා අපි සොයන්නේ දුකක්මයි. පිංවත, අපි හැමෝම දුක අයිතිකොට ගැනීමේ තරඟයේ රන් කුසලාන දිනූ අයමයි. අපේ අතීත රන් කුසලාන එකතුවේ, අතීත කල්ප විනාශයන් දස දහසක් දුක් ගින්නෙන්ම ගෙවා දමා ලැබූ දුකේ රන් කුසලාන, සතර අපාය මහ ගෙදරක් බවට පත්කොටගෙන ලැබූ…

Read More

අට්ඨික සඤ්ඤාව.

අට්ඨික සඤ්ඤා භාවනාව බහුල වශයෙන් පුරුදු පුහුණු කිරීමෙන් කෙලෙස් නැසීම දක්වාම දියුණු කර ගත හැකිය. ඇසට දකින රූපයන්හි නිමිති ගැනීමෙන් ඇස අසංවර වීම හේතු කොට ගෙන රාග, ද්වේෂ, මෝහ ආදී අකුසල් ඇති වේ. අට්ඨික සඤ්ඤාව පුරුදු පුහුණු කිරීමෙන් රාගයට, ද්වේෂයට හේතුවන නිමිති ගැනීම වළක්වා ඇස සංවර කර ගත හැකිය. ඇටසැකිල්ලක් සිනාසුණා. පෙර ලක්දිව මිහින්තලේ විසූ…

Read More

අකුසලයේ කෙටි ආශ්වාදයට රැවටීම.

පින්වත, සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ මෛත්‍රිය සහ ශීලය යම් තැනක ද එතැන සම්මා සතිය මල්වර වෙනවා. සතිය මල්වර වෙද්දී උපදින සම්මා සමාධියයි ධර්මයේ උපේක්ෂාවෙන් ලෝකය දකින්න ඔබව පුහුණු කරන්නේ. පින්වත, අපි සියල්ලෝම කවදාහරි දවසක මැරෙන මිනිසුන් මිස සදාකාලිකව ජීවත්වෙන මනුෂ්‍යයින් නොවේ. පින්වත, ඔබ කරන රැකියාව, ව්‍යාපාරය, දේශපාලනය ඔබේ මෙලොව පරලොව සැපය උදෙසා, සුගතිය උදෙසා, ඔබේ…

Read More