Article
කැමති දෙය අතහරින්න.
පිංවත් ඔබ වඩාත් කැමති කරන දෙය මොහොතක් හෝ අතහරින්න පුරුදුවෙන්න. පිංවත් ඔබ අද රාත්‍රියට රසවත් ආහාර වේලක් අනුභව කිරීමට බලාපොරොත්තුව සිටිනම් ඒ කැමැත්ත ඔබ අතහරින්න. අද රාත්‍රියට සාමාන්‍ය ආහාර වේලකින් සෑහීමකට පත්වෙන්න. ඉතිරිකරගත් මුදල දන් දෙන්න. ඔබ හිතන්න හෙට ඔබ වටිනා ලස්සන ඇඳුමක් ගන්න සාප්පුවට යනවා කියලා. ඔබ ඒ කැමැත්ත අතහරින්න. හෙට ඔබ මිලෙන් අඩු…
කැඳ පිදීමේ අනුසස්.
• කැඳ වනාහි ආහාරයක් ද වන බෙහෙතක් ද වන මනුෂ්‍ය ශරීරයට ඉතා හොඳ දෙයකි. ආයුෂය, වර්ණය, සැපය, බලය, නුවණය යන භෝජනයෙන් ලැබෙන අනුසස් පස කැඳෙන් ද ලැබේ. • සාගින්න සන්සිඳීම, • පිපාසාව සන්සිඳීම, • වාතය අනුලොම් වීම, • ආමාශය පිරිසිදු වීම, • නොපැසී ඉතිරි වූ ආහාර පැසීම, යන අනුසස් පස ද කැඳෙන් ලැබේ. එම අනුසස්…
කාලය හරිම සූදුවක්.
වර්තමානය හරිම වේගවත්. සෑම නිමේෂයකදීම වර්තමානය අතීතයට එකතුවෙලා. වර්තමානය අතීතයට එකතුවෙන්නේ අනාගතයට සංස්කාරයන් සකස්කොට දීලයි. වර්තමානය තුලමයි අනාගතයට අවශ්‍ය සාධක සකස්වෙන්නේ. වර්තමානය ගොඩනගා දෙන අනාගතය වර්තමානය බවටම පත්වි නැවතත් අතීතයට ම එකතු වෙනවා. කාලය හරිම සූදුවක්… පිංවත් ඔබ වර්තමානය අනිත්‍ය වශයෙන් දකින්න. ඒ කියන්නේ මේ නිමේෂයේ සකස්වෙන සිත අනිත්‍ය වශයෙන් දකින්න. එසේ නොවුනොත් පිංවත් ඔබ…
කායගතාසතියට අනුරෑපව අපේ ශරීරයේ යථාර්තය.
ප්රශ්නය – පසුගිය මාසයේ ඔබ ශ්‍රවණය කරපු සිරස පන්සිල් මළුව වැඩසටහනේදී අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කර දුන්නේ අපේ මේ ශරීරයේ සැකැස්ම පිළිබඳව. අපේ ශරීරය ගොඩනැගී තිබෙන්නේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියන සතර මහා ධාතූන්ගෙන් කියලා ස්වාමීන් වහන්සේ බුද්ධ දේශනාවට අනුව පැහැදිලි කර දුන්නා. අපේ ස්වාමීන් වහන්ස, සතර සතිපට්ඨානයට අදාල ව කායගතාසතිට අනුරූපව අපේ…
කාමයන්හි ආදීනව දුටු සුමේධා රහත් තෙරණියෝ.
මහා කාරුණික දස බලධාරි වූ ශාන්තිනායක බුදුපියාණන් වහන්සේගේ නෛර්යානික සම්බුද්ධශාසනය නිසාවෙන් විමුක්තිය ලද සුවිශේෂි පිරිසක් වූයේ කාන්තාවන්ය. එදා බ්‍රාහ්මණ සමාජය තුළ, තිරිසන්ගත සතකුටත් වඩා පහත් ලෙස සලකමින් ගර්හාවට ලක් වූ කාන්තාවට නිදහස උදාකරදීම සඳහා පුරෝගාමී වූයේ භාග්‍යවතුන් වහන්සේය. බුදුපියාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනාකොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් සැනසී ජාති,ජරා, ව්‍යාධි, මරණ ,සසර දුක්ඛයන්ගෙන් මිදී…
කාමය වරදවා හැසිරීම (කාමමිත්‍යාචාරය).
අරියකන්ත ශීලය හෙවත් පඤ්චසීලයේ තෙවැනි සික පදයේ “කාමෙසු” යනු බහුවචන පදයක් නිසා ඇතැමෙක් “කාමයන්හි” යනුවෙන් අර්ථ දක්වනවා. තවදුරටත් පැහැදිලි කරනවා නම් ඇස්, කන්, නාසාදී ඉඳුරන් සංවර කර ගැනීම තෙවැනි සිකපදයෙන් කියෑවෙන බව ඇතැමකුගේ අදහසයි. මේ ඉන්ද්රිය සංවරය ගිහි ශික්ෂාවේදී අදාළ වන්නේ නෑ. ඇත්ත වශයෙන්ම “කාමෙසුමිච්ඡාචාරය” කියන්නේ වැරැදි ලෙස අඹුසැමියන් සේ ගතකිරීමයි. මේ සඳහා ත්‍රිපිටකයෙන් ඕනෑතරම්…
කාටද මම මේ අවනඩුව කියන්නේ? කවුද මේ දුක මට දුන්නේ?
භික්ෂුවක් දකුණු ප්‍රදේශයේ ආරණ්‍යයක වැඩසිටින විට වන්දනාවේ පැමිණි මැදිවියේ දායක මහත්මයෙක් ප්‍රශ්නයක් ඇසුවා ‘හාමුදුරුවනේ ලෝකය අයිති දෙවියන්ටද? බ්‍රහ්මයාටද?’ කියලා. එවිට භික්ෂුව ඔහුගෙන් විමසුවා ‘මහත්මයා මොකද මේ ලෝකයේ මැවුම්කරු සොයන්නේ?’ කියලා. එතකොට ඒ මහත්මයා කියනවා ‘හාමුදුරුවනේ, ජීවිතේ මතක තිබෙන දවසේ පටන්ම මම ප්‍රශ්නයක් සමගයි ජීවත් වුණේ. සෑම දේවාලයකටම ගියා, සෑම පන්සලකටම ගියා. ප්‍රශ්න වැඩිවුණා මිසක් අඩුවක්…
කළ්‍යාන මිත්‍ර ආශ්‍රය.
භික්ෂුවක් උතුම් සමාධියෙන් පසුවනවිට මනුෂ්‍ය ලෝකය ආශ්‍රිතව ජීවත්වන දිව්‍යංගනාවක් දර්ශනය වෙනවා. ඇය සාමාන්‍ය දිව්‍ය ස්වභාවයෙන් යුක්තයි. ඇය පැළඳගෙන සිටියේ බොහෝම පිළිවෙළට තිබූ සුදු සාරියක්, අත් දිග සුදු හැට්ටයක්. ඇය යන යන තැනට ඇයට සිංහාසනයක් වගේ පුටුවක් ලැබිල තිබෙනවා. මේ පුටුවේ හිඳගෙනම තමයි ඇය ගමන් කරන්නේ. ඇයට ආකාශයේ පාවීයන්න පුළුවන්. එම පුටුව හරියට ඇයට බද්ධවෙලා තිබෙනවා…
කළ්‍යාණ මිත්‍රයකු නොමැති නම් තනිව සිටීමත් වටියී.
භික්ෂුවක් උතුම් සමාධියෙන් පසුවනවිට මනුෂ්‍ය ලෝකය ආශ්‍රිතව ජීවත්වන දිව්‍යංගනාවක් දර්ශනය වෙනවා. ඇය සාමාන්‍ය දිව්‍ය ස්වභාවයෙන් යුක්තයි. ඇය පැළඳගෙන සිටියේ බොහෝම පිළිවෙළට තිබූ සුදු සාරියක්, අත් දිග සුදු හැට්ටයක්. ඇය යන යන තැනට ඇයට සිංහාසනයක් වගේ පුටුවක් ලැබිල තිබෙනවා. මේ පුටුවේ හිඳගෙනම තමයි ඇය ගමන් කරන්නේ. ඇයට ආකාශයේ පාවීයන්න පුළුවන්. එම පුටුව හරියට ඇයට බද්ධවෙලා තිබෙනවා…
කළණ මිතුරන් හා පාප මිතුරන් නුවණින් විමසා හඳුනා ගන්න.
මිත්‍ර ප්‍රතිරූපකයෝ සතර දෙනා.. අඤ්ඤදත්ථුහරය, වචීපරමය, අනුප්පියභාණිය, අපාය සහායය යි මිත්‍ර ප්‍රතිරූපකයෝ (මිත්‍රයන් වැනි සතුරෝ) සතර දෙනෙක් වෙති. අනුන්ට යහපතක් වනු පිණිස නොව අනුන්ගෙන් ගැනීම පිණිස මිතුරු වන තැනැත්තේ *අඤ්ඤදත්ථුහර* නම් වූ මිත්‍ර‍්‍රප්‍රතිරූපකයා ය. තමා ගෙන් කිසිවක් නො දී අනුන්ගෙන් ම ගැනීමය, ස්වල්ප උපකාරයක් කොට මහත් දෙයක් ගන්නට බලාපොරොත්තු වීමය, තමාට බයක් පැමිණි කල්හි පමණක්…