මෙහෙමයි පුතේ, අත්හැරීම කියන කාරණය වරදවා පටලවා ගන්න නම් එපා. මේ අත්හරින්න කියලා කියන්නේ, මේ ගෙදර අත් හරින්නවත්, බිරිඳ අත් හරින්නවත්, දරුවා අත් හරින්නවත්, රැුකියාව අත් හරින්නවත්, ව්‍යාපාරය අත් හරින්නවත් නෙවෙයි. තේරුණාද? අත් හරින්න කියන්නේ, මේවා කෙරෙහි තියෙන තෘෂ්ණාවයි අත් හැරෙන්න ඕන.
දැන් සමහරෙකුට මම කියනවා, දැනුම අත හරින්න කියලා. දැනුම අත හරිනවා කියන්නේ මේ දැනුම විසි කරනවා නෙමෙයි. දැනුම කෙරෙහි තියෙන තෘෂ්ණාවයි අත හැරෙන්න ඕන. ඒ නිසා ගිහි ජීවිතයේට, මේ සතර අපායෙන් මිදෙන්න යන ගමනේ දී අතහැරීම කියන්නේ මේ ඇසුරු කරන දේවල් කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහරින්න. මොකද, ගෙදර තුළ වත්, බිරි`ද තුළ වත්, ස්වාමිපුරුෂයා තුළ වත්, කාර් එක තුළ වත් නෙවෙයි තෘෂ්ණාව තියෙන්නේ.
තෘෂ්ණාව තියෙන්නේ අපි තුළයි. අපි තුළයි තෘෂ්ණාව තියෙන්නේ. කාර් එක, කාර් එකේ ස්වභාවයෙන් තියෙනවා. ගේ, ගෙදර ස්වභාවයෙන් තියෙනවා. නෝනා, නෝනගේ ස්වභාවයෙන් ඉන්නවා. මහත්තයා, මහත්තයාගේ ස්වභාවයෙන් ඉන්නවා. ඒවා කෙරෙහි මමයි තෘෂ්ණාව සකස් කරගන්නේ. ඒ නිසා රූපය තියන්න. එය ඇසුරු කරන්න. ඇසුරු කරලා රූපයේ අනිත්‍ය භාවය දකිමින් රූපය කෙරෙහි තමා තුළ සකස් වෙන්නා වූ තෘෂ්ණාව අඩුකර ගන්න.
මොකද, මැරෙන වෙලාවෙ, සකස් වෙන අවසාන චුති සිත තියෙනවා. චුති සිත තමයි මේ අවසාන පංච උපාදානස්කන්ධය, මේ රූපය ඇසුරින් සකස් වෙන. මේ චුති සිත සකස් වෙන්නේ මනෝ විඤ්ඤාණයක් ඇසුරෙන්; මනසේ සකස් වෙන සිතිවිල්ලක් ඇසුරෙන්. මේ චුති සිතට මොකක් හෝ රූපයක් තමයි උපාදානය වෙන්නේ. අපි කැමති, අකමැති රූපයක්.
දැන් අපි මැරෙන වෙලාවේ දරුවන්ට වැඩිපුර ආදරේ නම්, එකපාරටම දරුවන් තමයි සිහිවෙන්නේ. දැන් සමහරු ඉන්නවානේ, අම්මා මැරෙන්න යනවා, දරුවො ටිකයි මුණුබුරෝ ටිකයි ඔක්කොම ඇ`ද වටකර ගෙන කෑගහනවා; අ`ඩනවා; බෙරිහන් දෙනවා. ඉතින් මැරෙන වෙලාවෙ අනේ අර අහිංසක අම්මා එකපාරට දරුවන්වයි උපාදානය කරගන්නේ. ඇයි? අර දරුවන් කෙරේ බැ`දුණානේ. ඉතින් ඒ නිසා මැරිලා ඒ නිවසේ ම පරදත්ත රූප ජීවී පේ‍්‍රතියක් වෙනවා.
ඒ නිසා මැරෙන වෙලාවෙ නෝනා, අපිට සකස් වෙන අවසාන හිත මොකක් හරි රූපයක් ඇසුරු කරගෙන තමයි සකස් වෙන්නේ. පින් කරපු කෙනෙක් නම් මැරෙන වෙලාවේ පිනක් සිහිපත් වෙන්න පුළුවන්. පින්කමක්. එහෙම කළොත් එයා මනුස්ස, දිව්‍ය ජීවිතයකට යනවා. මැරෙන වෙලාවේ ඉඩකඩම් උපාදානය වුණොත් ඒ ඉඩමේ ම පරදත්ත රූප ජීවී පේ‍්‍රතයෙක්, නැත්නම් ගහක රුක් දෙවියෙක් වෙලා ඉපදෙනවා.
ඒ නිසා මැරෙන වෙලාවේ මේ සකස් වෙන්නා වූ අවසාන සිත අනිත්‍යයි කියලා දකින්න අපි දක්ෂ වෙන්න ඕනෑ. තේරුණා ද?
එතෙන්ට තමයි අපි මේ පුරුදු වෙලා යන්නේ. එහෙම නැත්නම් කොතැනක වත් මේ ගෙවල් අතහැරලා දාන්න, බිරි`ද අතහැරලා දාන්න, සැමියා අතහැරලා දාන්න, මේගොල්ලන් ගෙන් අයින් වෙන්න කියලා කියන්නේ නැහැ.
සෝවාන් ඵලයට යන ගමන කරා යන කෙනා හො`ද පෞරුෂත්වයක් තියෙන කෙනෙක්. තේරුණාද? එයා අනිත් අයට වඩා උද්‍යෝගිමත් කෙනෙක්. මොකද, එයා යමක් දැක්ක කෙනෙක්. මොකක්ද දැකලා තියෙන්නේ? ධර්මය. මොකක්ද ධර්මයේ දකින්නේ? සංස්කාරයන් මතයි මේ දේ සිද්ධ වෙන්නේ. ඒ නිසා එයා කොතැනවත් ඇලෙන්න යන්නෙත් නැහැ; ගැටෙන්න යන්නෙත් නැහැ. ගැටීම් සකස් වුණත් එයා දන්නවා හේතුවක්. ඇලීම් සකස් වුණත් එයා දන්නවා හේතුවක්. ඒ නිසා ඇලීම්, ගැටීම් වලින් තොර උපේක්ෂාව කියන තැනට එනවා.
එහෙනම් කොතැනත් එයා ශක්තිමත්ව කුසල් කරන කෙනෙක්. එයාගෙ යුතුකමුත් එයා කරන්නේ කුසලයක් හැටියට. එයා බිරි`දට සලකන්නේ කුසලයක් හැටියට. දරුවාට සලකන්නේ කුසලයක් හැටියට. එයා බිරි`ද නිසා, දරුවා උදෙසා කවදාක්වත් අකුසලයක් සිද්ධ කර ගන්නේ නැහැ. ඒ නිසා එයා සමාජයත් එක්ක යහපත් ආකාරයෙන් ජීවත් වෙන කෙනෙක්. එයා දක්ෂයි, සමාජයේ ඕන තැනකින් කුසලයක් මතුකරලා ගන්න.
ඒක තමයි සෝවාන් මාර්ගයට යන කෙනාගේ ලක්ෂණය. ඒ නිසා අතහරිනවා කියලා අන්තයකට යන්න බැහැ. දැන් එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ජීවත් වුණා. අතහැරීම කියලා උන්වහන්සේ අදහස් කළේ මොකක් ද? බුදුරජාණන් වහන්සේ අදහස් කරපු දේ නෙමෙයි. උන්වහන්සේ කැලේ තනියම ජීවත්වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ දැන් කැලේ ජීවත් වෙනකොට උන්වහන්සේට විතර්කයක් ඇතිවෙනවා. මොකක්ද විතර්කේ? මේ සිවුරත්, පාත්තරෙත් මම අල්ලගෙන ඉන්නේ. මේකත් අල්ලගෙනනෙ ඉන්නෙ මම. උන් වහන්සේ බුදුරජාණන් වහන්සේටත් වඩා ඉස්සරහට හිතනවා.
බුදුරජාණන් වහන්සේ තුන් සිවුරයි, පාත්තරෙයි ළ`ග අපව නතර කරලා තියෙනවා, හේතුවක් නිසා. මේ ස්වාමීන් වහන්සේ ඉනුත් අන්තයට ගිහිල්ලා හිතනවා, සිවුරත්, පාත්තරෙත් අල්ලගෙ නයි ඉන්නේ. ඒ නිසා මම සිවුරයි, පාත්තරෙනුත් අයින් වෙනවා කියලා හිතනවා. එයා නිගණ්ඨ ආශ‍්‍රමයකට ගිහිල්ලා දැන් අමුඩයක් ගහගෙන ජීවත් වෙනවා.
ඒ කියන්නේ අන්තවාදී අත්හැරීමක්. තේරුණා ද? එවැනි අත්හැරීමක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, තෘෂ්ණාවයි අත්හැරෙන්න ඕන. තෘෂ්ණාවයි අත්හැරෙන්න ඕන. ඒ කියන්නේ සියල්ල ඇසුරු කරනවා. ඒවා කෙරෙහි වූ තෘෂ්ණාව අතහරිනවා. තෘෂ්ණාව තිබ්බොත්, ඊට අදාළව ප‍්‍රතිසන්ධියකට යනවා. එහෙම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.
ඒ නිසා සියල්ල පරිහරණය කරන්න. ඒවා කෙරෙහි තෘෂ්ණාවෙන් බැහැර වෙන්න. තෘෂ්ණාවෙන් බැහැර වෙනවා නම් හැම වෙලාවෙ ම රූපයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න.