Article
හැසිරීම් ඉදිරියේ සතිය සිහිය ඇතිකොටගත යුතුයි.
පිංවත, අපි අකුසලයෙන් තව තවත් වැටුණොත් යළි කුසලයෙන් නැගිටීමට ලොකු කැපවීමක් කරන්නට සිද්ධ වෙනවා. අපේ අතීත අකුසල් සුළුපටු නොවන බව අපි හැමෝම දන්නවනේ. උතුම් තෙරුවන්ට අගෞරව කිරීම, උතුම් තෙරුවන්ට වෛරයෙන් චෝදනා කිරීම, සිල්වතුන්, අවංක පුද්ගලයන් නොතකා හැරීම, පිංවත, මෙවැනි අකුසල් වලට කියන්නේ අකුසල් නිධිය කියලා. පිංවත, සිල්වත් ගිහි පිංවතුන්ගේ බදු මුදල් වංචා කිරීම එසේ මෙසේ…
සිත රවටන රූපයේ ආශ්වාදය.
පිංවත ඔබ ඔබේ රූපයට ආදරෙයි නේද. ඔබ ඔබේ රූපය මගේ කරගෙන, මගේම යැයි සිතාගෙන නේද සිටින්නේ. ඔබේ අධ්‍යාත්මික රූපයට අසනීපයක් හැදුනොත් ඔබ කලබල වෙනවා නේද. කවුරුන් හෝ ඔබට පීඩාවක් කළොත් ඔබ කලබලයට පත්වෙනවා නේද. ඔබේ අධ්‍යාත්මික රූපයට පමණක් නොවේ, ඔබ සතුටින් පිළිගන්නා බාහිර රූපයනුත් ඔබ මගේ කොටගෙන නේද ජීවත් වෙන්නේ. රූපයට ආදරය කළොත් ඇත්තටම ඔබ…
සම්මුති ලෝකය ඉදිරියේ රූප (අ)සුන්දර ජවනිකාවක රඟ.
මේ රාත්‍රියේ සුළඟ හරියට සැරයි, සුළෙඟ් වේගයට කැලේ ගස් කොළන්වල අතු, ඇඹරෙන හඬින් පරිසරයම ඝෝෂාකාරී වෙලා, ඕනෑවට, එපාවට වැටෙන වැහි පොද, කුටියේ වහලය මතට වැටෙන ශබ්දය වරින් වර ඇසෙනවා. ස්වභාවධර්මය හරියට වේගවත් වෙලා, හරියට අකීකරු වෙලා. ස්වභාවධර්මය මනුෂ්‍ය අපිට සැප වේදනාවන් සහ උපේක්ෂා වේදනාවන් ලබාදෙනවා හුඟාක්ම අඩුයි. අජීවී ස්වභාවධර්මය, සජීවී අපිට, දුක් වේදනාවන්ම වැඩිපුර ලබාදෙන්නේ,…
සම්මා සතිය.
“තත්ථ කතමා සම්මා සති? ඉධ භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපි සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං, වෙදනාසු වෙදනානුපස්සී විහරති ආතාපි සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං, චිත්තෙ චිත්තානුපස්සී විහරති ආතාපි සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං, ධම්මේසු ධම්මානුපස්සී විහරති ආතාපි සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං, අයං වුච්චති සම්මා සති” “එහි සම්‍යග් ස්මෘතිය කවරී ද…
සද්ධර්මයේ සරණක් ඇතිමුත් අපිත් අසරණය.
පිංවත, අපි මොනවා නම් දිනා ගන්නද මේ තරඟ කරන්නේ? මොනවාද අපි මෙතෙක් දිනාගෙන තිබෙන්නේ? ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරල අහන්නකෝ, ඔබ මෙතෙක් දිනාගෙන තිබෙන්නේ මොනවා ද කියලා. ඔබේ යැයි කියලා, ඔබ දිනාගෙන තිබෙන්නේ ජරා, ව්‍යාධි, මරණයන් පමණක්මයි. ඔබ දිනාගත්ත සහතික, සම්මාන, ගෞරවනාම, නම්බුනාම, තනතුරු මේ සියල්ලම අනිත්‍ය වූ විඳීම්, අනිත්‍ය වූ හඳුනා ගැනීම්, සංස්කාරයෝ, විඤ්ඤාණයෝ…
සංසාරයේ අප රවටන විඤ්ඤාණයේ මායම්කරු.
පිංවත් මහත්මයෙක් භික්ෂුවට කියනවා, ස්වාමින් වහන්ස, තෙල් පෝලිම්වල රස්තියාදුවෙලාම, අනුන් කෙරෙහි ද්වේශයත්, තමන් කෙරෙහි ව්‍යාපාදයත්, දැන් හොඳටෝම වැඩිය කියලා. මේ සවස්වල තෙල් පෝලිමක් අසලින් වාහනයක ගමන් කරද්දී, පෝලිමේ සිටින පිංවතුන් හරිම නූරුස්සනා ස්වභාවයකින් සංඝයා දෙසත් බලන්නේ. එම පිංවතුන්ලා සිතනවා සංඝයා වාහනවල යනවා, තමන් පෝලිම්වල දුක්විඳිනවාය කියලා. පිංවත, සංඝයා වඩින වාහනවල අයිතිකරුවනුත් පෝලිම්වල රස්තියාදුවෙලයි තමන්ගේ වාහනවලට…
විඤ්ඤාණය නැමැති මැජික්කරුවා!.
පිංවත අපිට ජීවත්වෙන්න තව බොහෝම පුංචි කාලයයි ඉතිරිවෙලා තිබෙන්නේ. අපේම අතීත සංස්කාර, දැනීම් ඔස්සේ, අපිව යළි යළිත් පංචඋපාදානස්කන්ධ ලෝකයට තල්ලු කරනවා, සිත් සේ ජීවිතය විඳින්නය කියලා. ඒත් වර්තමානයේ අපිට විඳින්නට ඉතිරිවෙලා තිබෙන්නේ දුක් වේදනාවන් පමණක්මයි. ජීවිතයේ ආයුෂයත්, ජීවිතයේ උණුසුමත්, රූපය ආහාරය කොටගෙන යැපෙන පටිච්චසමුප්පන්න විඤ්ඤාණයත්, ඔහේ බලා සිටිනවා, දැන් දැන් සැප වේදනාවන් ජීවිතයට ලැබේවි කියලා….
ලෝකය අතහැර, ලෝකය තුළ ජීවත්වීම.
පිංවත ඔබ කැමතිද අනුනට උපකාරයක් කරන්නට. ඔබ කැමතිද අනුනට යහපතක් කරන්නට. පිංවත තමාගේත්, අනුනගේත්, යහපත අපේක්ෂා කරන පිංවතා අප්‍රමාදීව ධර්මයේමයි හැසිරිය යුත්තේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යම් පිංවතෙක් විසිරුණු ඉරියව්වලින්, විසිරුණු වචනවලින්, අනුවණ හැසිරීම්වලින් ධර්මයේ ප්‍රමාදිවේ නම්, එම පිංවතා තමන් පමණක් නොව, අනුන්වද ධර්මයෙන් ප්‍රමාදිභාවයටමයි පත්කරන්නේ. පිංවත සිතුවිල්ලෙන්, සිතුවිල්ල තෙරුවන්ගේ ගුණයක්ම සිතලා. වචනයෙන්, වචනය,…
රුවන්වැලි මහා සෑ රදුන් පිලිබඳ සවිස්තරාත්මක ලිපිය.
මහාථූප (පාලි භාෂාවෙන්). මහා ස්ථූපය. මහා ථූපය. මහා සෑය. රුවන්වැලි මහා සෑය. රුවන්මැලි මහා සෑය. රත්නමාලි මහා සෑය. රතනමාලි මහා සෑය. හේමමාලි මහා සෑය. අසදෘශ මහා සෑය. ස්වර්ණමාලි මහා සෑය. ස්වර්ණමාලි මහා චෛත්‍යය ඉදිකර වන ලද පුණ්‍ය භූමිය මේ මහා භද්‍ර කල්පයෙහි පහළ වී වදාළ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන සිවු බුදුරජාණන් වහන්සේලා විසින් ම…
මනුෂ්‍ය ආදරය දිව්‍ය ආදරයක් බවට පත්වීම.
පිංවත, අවිද්‍යාව යම් තැනක ද, එතැන කුසලය සහ අකුසලය යන කාරණා දෙකම තිබෙනවා. ඒ නිසාම අපි විවේචන වගේම පැසසුම් ද සම සිතින් පිළිගන්න ඕනේ. සංස්කාරයන්ට අදාළව ලෝකය දැකීමේ ශක්තිය දුර්වල වන සමාජයක ඉහත දෙධර්මයන්ටම ඔරොත්තු දෙන්නෙක් බවට අපි පත්වෙන්න දක්ෂ වෙන්න ඕනේ. පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව වැඩි වී, අවිද්‍යාව බලවත් වෙන සමාජයක මුල්ම අභියෝගය එල්ල…