Article
භාවනාව සක්කාය දිට්ඨියට හොඳ ආහාරයක්.
පිංවත, සද්ධර්මයේ ඇසෙන් ලෝකය දෙස දකිද්දී, ලෝකය හරිම පහසුයි. ලෝකය හරිම සරලයි. පිංවත, සද්ධර්මයේ මුදුන් මුල වෙන්නේ සප්ත බොජ්ඣඬ්ඟ ධර්මයෝ. පිංවත, අධර්මයේ මුදුන් මුල වෙන්නේ පංච නීවරණ ධර්මයෝමයි. යම් ජීවිතයක කාමච්ඡන්ද, ව්යාපාද, ථිනමිද්ධ, විසිරුණු සිතුවිලි, විචිකිච්ඡාව තිබෙනවා නම්, ඒ ජීවිතය අවිද්යාව දිශාවටම නැමුණු, අධර්මයට බරවුණු ජීවිතයක්. යම් ජීවිතයක් දුක කෙරෙහි, දුකට හේතුව තෘෂ්ණාව කෙරෙහි සතිය…
බඹසරෙහි සහ සත්ය වචනයෙහි ආනුභාවය.
අපේ භාග්යවතුන් වහන්සේ දන් වැළඳුවේ ඉතා තුනී ගල් පාත්තරයක. ශෛලමය පාත්රා ධාතූන් වහන්සේ කියලයි ඒ පාත්තරේට කීවේ.භාග්යවතුන් වහන්සේ ශ්රී සම්බුද්ධත්වයට පත්වෙලා සත්සතිය වැඩඉන්නැද්දී සත්වෙනි සතියේ වැඩ උන්නේ රාජායතන කියන කිරිපලු රුක්සෙවනේ. ඔය කාලේ තපුස්ස – භල්ලික කියන සහෝදර වෙළෙන්දෝ දෙන්නෙක් උක්කලා ජනපදයේ හිටං කරත්ත පන්සියයක බඩු පටවාගෙන යද්දී අපේ භාග්යවතුන් වහන්සේ වැඩ හුන් තැනට කිට්ටුවෙන්…
බද්ධේරක ඇතාගේ කථා පුවත.
නොපමා බවෙහි ඇලෙව්. තොපගේ සිත රකිව්. (ගැඹුරු) මඩෙහි ගැලුනු ඇතු වෑයම් කොට එයින් නැගී ගොඩ පිහිටිය මෙන් තමා ඒ කෙලෙස් මඩින් ගොඩ නගවු. “අප්පමාදරතොති” යන මේ ධර්මදේශනය තථාගතයන් වහන්සේ ජේතවනාරාමයේ වැඩසිටියදී කොසොල් රජුගේ බද්ධේරක නම් ඇතෙක් පිළිබඳව දේශනා කළහ. එම ඇතා තරුණ කාලයේදී මහා බලවතෙක්ව සිට වැඩකර පසුව වයසට යාම නිසා ආබාධවලින් පෙළුනේ එක් මහා…
පිරිනිවියා වූ බුදුරජාණන් වහන්සේට ගරුබුහුමන් වැඳුම් පිදුම් කරන්නේ කෙසේ ද?
පරලෝසැපත් ගුණවත් පුද්ගලයන්ට ගරු කිරීමේ ක්රමයක් ශිෂ්ට මනුෂ්යයන් අතර ඇත්තේ ය. සොහොන් කොත් පිහිටවීම-පිළිරූ පිහිටවීම – ස්මාරක පිහිටවීම – ඒවාට අභිවාදනය කිරීම – මල්වඩම් ආදියෙන් පිදීම යනාදිය මිය ගිය උත්තමයන්ට ගරු කිරීම් වශයෙන් ශිෂ්ට මනුෂ්යයන් කරන වැඩ ය. පිරිනිවියා වූ බුදුරජාණන් වහන්සේට ගරුබුහුමන් කිරීම් වශයෙන් සැදැහැවතුන් අනුගමනය කරන්නේ ද ඒ ක්රමය ම ය. බුද්ධාදි ආර්ය්යයන්…
පින් අනුමෝදන් කිරීමට අනුමෝදන් වීමට පුළුවන් සේම, පාපයත් අනුමෝදන් කිරීමට සහ අනුමෝදන් වීමට හැකිද?
පින් අනුමෝදන් කරන්න පුළුවන් වගේම පාපයත් අනුමෝදන් කරන්න පුළුවන්. දැන් බලන්න අපේ සමහර පැරැණි අය කියනවා මං ඉසේ කෙස් ගානට ගෝණ්නු මරල තියෙනව. මම ඉසේ කෙස් ගානට රා බීල තියෙනව. ඒක අහන තවත් වෙන මනුස්සයෙක් හරි මිනිහෙක් තමයි කියල බොහොම සතුටු වෙනව. අන්න අකුසල් අනුමෝදන් වුනා. ගාථාවකුත් ඕන නම් හදා ගන්න පුළුවන්. කෙනෙක් කියනව මම…
පළමුවන චක්ඛුපාල තෙරුන් වහන්සේගේ කථා වස්තුව.
මනොපුබ්බඞ්ගමා ධම්මා, මනොසෙට්ඨා මනොමයා; මනසා චෙ පදුට්ඨෙන, භාසති වා කරොති වා; තතො නං දුක්ඛමන්වෙති, චක්කංව වහතො පදං. (අරූප) ධර්මයෝ (කර්ම) සිත පෙරටුකොට ඇත්තාහ සිත උතුම් කොට ඇත්තාහ. සිතින් උපදනා හෙයින් මනෝමයහ. ඉදින් දූෂිතවූ සිතින් යුක්තව (චතුර්විධි වාග් දුශ්චරිතය) බෙනේ නම් හෝ (ත්රිවිධ කාය දුශ්චරිතය) කෙරේ නම් හෝ ඒ හේතුවෙන් (විපාක) දුක්ඛය ඒ පුද්ගලයා අනුව යන්නේය….
පරාජිත මානසිකත්වයක් ඇයි?
පිංවත, අපි වැටෙන්නේ නිදා ගන්න නොවේ. යළි පුරුෂ ධෛර්යයෙන් යුතුව නැගී සිටීමටයි. පිංවත, අපිව වැට්ටුව බව ඇත්ත. දැන් ඉතින් අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන යළි නැගී සිටින්න. පිංවත් ඔබ මේ දෙපා තබාගෙන සිටින්නේ පූජනීය බිම්කඩක. මේ ලෝක ධාතුවේ දුර්ලභම අර්ථයන් හතර වන උතුම් සම්මා සම්බුද්ධ ශාසනය, උතුම් චතුරාර්ය සත්යය ධර්මයෝ, උතුම් විදර්ශනාමය ඥානයන් සහ කෘතවේදීභාවය මේ…
නිවනට පක්ෂව උඩුගම් බලා යන විඤ්ඤාණය.
පින්වත කාමයේ ආශ්වාදය කියන්නේ, රූපයේ ආශ්වාදය යැයි කියන්නේ පෘථග්ජන ගතියක් පමණක්ම නොවේ. ශ්රද්ධානුසාරී සහ ධම්මානුසාරී දෙදෙනා තුළත් රූපයේ සහ කාමයේ ආශ්වාදය හටගන්නවා. උතුම් සෝවාන්ඵලයට පත් වූ පුද්ගලයා තුළ රූපයේ සහ කාමයේ ආශ්වාදය අපායගාමී නොවී විවෘතව සහ ප්රකටව තිබෙනවා. සකෘදාගාමීඵල අවබෝධයේ දී රූපයේ සහ කාමයේ ආශ්වාදය අනුශය වශයෙන් තිබෙනවා. අපි කාමරාග, පටිඝයෝ පරිපූර්ණ වශයෙන්ම නිරෝධය කරන්නේ…
නිරෝධය යනු ඔබේ ලෝකයයි.
පිංවත, ආදරයට සීමා මායිම් තිබෙන්නම බැහැ. ආදරය සීමා මායිම් වලින්, කොටු වලින් කොටු කරගත්තොත් ආදරය ආත්මාර්ථකාමී වෙනවා. ආදරය පෞද්ගලීකරණය වෙනවා. ආදරයට නිදහසේ ගලාගෙන යන්න ඉඩ දෙන්න. එවිටයි අපි ජීවත්වෙන ලෝකය ආදරයෙන් ලස්සන වෙන්නේ. අද ලෝකය තුළ ආදරය තිබුණත්, ආදරයෙන් ලෝකය ලස්සන වෙන්නේ නැහැ. ආදරය අපි මගේ කමට පමණක් සීමා කරගෙන. පිංවත, ඔබේ ආදරයට ලෝකය දෙසට…
නිර්වාණය.
බෞද්ධයන් විසින් නිර්වාණය යි කියා පතන්නා වූ ලැබීමට උත්සාහ කරන්නා වූ යමක් වේ නම් එද අනිකක් නො ව මේ දුඃඛ නිරෝධාර්ය්ය සත්යය ම ය. දුඃඛ නිරෝධාර්ය්ය සත්ය සංඛ්යාත නිර්වාණය වනාහි ඇතමුන්, සිතන හැටියට කිසි වටිනාකමක් නැති සැපයකුත් නො වන, නො පැතිය යුතු, බිය විය යුතු හිස් බවක් නො ව අති ප්රණීත සැපයකි. වටිනාකම පමණ කළ…