Article
චූල සුඤ්ඤත සූත්රය.
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර අසල මිගාරමාතු ප්රාසාද නම්ලත් පූර්වාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි ඵලසමවතින් නැඟී සිටියේ භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේට මෙය සැල කෙළේය….
චතුරාර්ය සත්යය.
1. දුකය, 2. දුක් ලැබීමට කාරණය, 3. සැපය, 4. සැප ලැබිය හැකි ක්රමය යන මේ කරුණු සතර මිනිසුනට තබා දෙවියන්ටවත්, තත්ත්වාකාරයෙන් නො දැනෙන රහස් සතරකි. මේ කරුණු සතර දන්නහුදැයි ලෝකයෙන් ඇසුවහොත් වැඩි දෙනකුගෙන් ලැබෙන පිළිතුර නම් දනිමුය යන්නය. එබඳු පිළිතුරක් ලැබෙන්නේ ලෝකයා විසින් මේ කරුණු සතර වැරදි ලෙස අසත්ය ලෙස දැන සිටීමෙනි. අසත්ය දැනීම යනු…
ගිලන්පසට අමතරව හාමුදුරුවන්ට ‘හවස දානයත්’ දෙන ඔබ ගැන අනුකම්පාවෙනි.
පින්වත් පටාචාරාව සංස්කාරයන්ගේ වියරුවෙන් නිදහස් වුණා. නමුත් පින්වත් ඔබ ඔබට සිදුවන අසාධාරණයන්ට එරෙහිව, තවමත් සාධාරණය බලාපොරොත්තු වෙනවා නේද..? කුරුල්ලකුගේ පාදයට සිරකොටගෙන සිටින කොළ පණුවාව, එම කුරුල්ලා තම හොටෙන් කෑලි කඩාගෙන රස කරමින් අනුභව කරනකොට එම කොළ පණුවා මරණීය බියෙන් දඟලන්නේ ලෝකයෙන් සාධාරණය බලාපොරොත්තුවෙන්මයි. නමුත් එම කොළ පණුවා බලාපොරොත්තු වන සාධාරණය මිරිඟුවක්මයි. පාසල් වයසේ දරුවෙක් භික්ෂුවගෙන්…
කොහෙද මේ යන්නේ?
හිමිදිරි උදයේ අවදිවෙලා හැමෝම මහ යුද්ධයක. සමහරු දත් මදිනවා මූණ සෝදනවා. සමහරු උයනවා කෑම පිළියල කරනවා. සමහරු වැසිකිලියේ.සමහරු රෙදි මදිනවා. ළමයි ඉස්කොලෙ වැඩ ඉවර කරගන්න බැරුව දගලනවා. වැඩට යන්න ඉස්කෝලෙ යන්න වාහන ඇවිල්ලා නලා නාද කරනවා. කට්ටිය කෑගහගෙන එහෙ දුවනවා මෙහෙ දුවනවා. ඔය අතරෙ ගුවන් විදුලියෙ රූපවාහිනියෙ යන බණ පිරිත් ආදියත් ඇහෙනවා. කඩිමුඩියේ බත් කටක්…
කුරුළු හොටකට කෑලි කැඩෙන කොළ පනුවාගේ අතීත සිල්පද.
කෙටියෙන් කියනවා නම් සම්මා සතිය යනු සම්මා දිට්ඨියේ සිට සම්මා වායාමෝ දක්වා ධර්මයන්ගෙන් පෝෂණය වූ ධර්මානුකූල ඵලයයි. මේ උතුම් සම්මා සතියයි, පංච නීවරණ තුනී වූ සම්මා සමාධිමත් සිතක් ඔබට ඇතිකොට දෙන්නේ. සම්මා සතියේ අර්ථය නොදන්නා මිච්ඡා සතියෙන් යුත් පාලක පිංවතුන්ලා සකස්කොට ගත් සහ ජනතාවට සකස්කොට දුන් අකුසල් සංස්කාරයන් නිසාම, ඒවායේ ඵලයෙන්, මේ වන විට දැඩිසත්කාර…
කාමයන්ට ගිජු වීමේ ආදීනව.
කාමය සිඟා කෑ දෙයක් වැනි ය. නැතිනම් තාවකාලිකව අනුන්ගෙන් ඉල්ලා ගත් දෙයක් බඳු ය. හිතවතකුගේ ඇඳුමක් පැළඳුමක් ඇඟලාගෙන අප ආඩම්බරයෙන් ගමනක් යනවා යැයි සිතමු. එහෙත් නැවත ඉල්ලූ වහාම ඒවා ආපසු දිය යුතු ය. කාමයෙන් ලැබෙන ආශ්වාදය ද එවැනි ය. අධික බැඳීම් සහ අධික ඇලීම් ඇති කරගත්තත් ඒවා අප කෙරෙන් කවර මොහොතක ගිලිහී යා දැයි කිව…
කලක් ධර්ම ශ්රවණය කලත්, කිසි ප්රතිඵලයක් නොලද තරුණයෙක් හට බුදු හිමියන් දුන් ඔවදන.
බරණැස් නුවර තරුණයෙක් දිනපතා බුදුරදුන්ගෙන් බණ ඇසීමට පුරුදුව සිටියා. එහෙත් කාලයක් තිස්සේ බණ ඇසුවත් ඔහුට සිදු වු සෙතක් නැහැ. එක් දිනක් ඔහු උදේම අනිත් අය බණ ඇසිමට පැමිණිමට පෙර පැමිණ බුදු හාමුදුරුවන් සමඟ කළ සාකච්ඡාවකුයි මේ, “භාග්යවත් වූ බුදුරජාණන් වහන්ස අප බොහෝ දෙනෙක් ඔබ වහන්සේගෙන් බණ ඇසීමට පැමිණේ. එයින් කීප දෙනෙක් ඉක්මනින් සෝවාන්, සකෘදාගාමී, අනාගාමි…
ඔබේ ලෝකයෙන් මගේ ලෝකය හිස් කිරීම.
පිංවත, මේ අපි හමුවුණා නොවේ. මේ අපගේ ගෞරවනීය සමුගැනීමයි. රැකවරණයක් නැති ලෝකයක කුමකට නම් යළි හමු වෙන්න ද? ජරා, ව්යාධි, මරණයන්ටම යටත් වූ අපේ ජීවිත ගැන තවත් කුමන නම් බලාපොරොත්තුවක් තබන්න ද? පිංවත ඔය දෑස් අග නළියන ගෞරවයේ උණුසුම් කඳුළු බිංදු වලට යළි පණ දෙන්න එපා. ඒ ගෞරවයේ කඳුළු බිංදු වියළිලාම යන්න ඉඩ දෙන්න. ආයෙමත්…
ඔබ රකින ශීලය මෙනෙහිකර කුසල් රැස් කරගන්නේ කෙසේ ද?
(1) රහතන් වහන්සේලා දිවි හිමියෙන් ප්රාණඝාතයෙන් වැළකී සියලු සතුන් කෙරෙහි අනුකම්පා සහගත සිතින් වාසය කරන්නාහ. මම ද අද ප්රාණඝාතයෙන් වෙන්ව සියලු සතුන් කෙරෙහි අනුකම්පා සහගත සිතින් රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි. (2) රහතන් වහන්සේලා දිවි හිමියෙන් සොරකමින් වෙන්ව ඇද නැති පිරිසිදු සිතින් වාසය කරන්නාහ. මම ද අද සොරකමින් වෙන් ව…
එළදෙන සහ කනුව.
වෙල්යායක් අසල කණුවක කඹයකින් බැඳි එළදෙනක් තණ කමින් සිටින්නීය. තමාට අයත් ගොදුරු බිමෙහි සීමාවන් හරිහැටි නොදත් ඇය, මුලදී විටින් විට ළඟ ඇති සරු ගොයමට ඇදෙන්නීය. එහෙත් ගෙල වටා ඇති කඹය ඇය බැඳී සිටින කණුව සිහිපත් කර දෙයි. අසිහියෙන් ඈතට අදින වාරයක් පාසා කණුවත් කඹයත් මෑතට අදින බැවින් අන්තිමේදි එළදෙන තමාට අයත් ගොදුරු බිම තේරුම් ගන්නීය….