Article
ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් පෙරට එන්න.
පිංවත, ඔබේ පිංවන්ත මාතෘභූමිය වර්තමානයේ පසුවෙන්නේ ඔත්පලවයි. මහ පොළොව, පරිසරය, ඍතු, අව්, වැසි මේ සෑම දෙයක්ම රෝගීභාවයටම පත්වෙලා, යහපත් සියල්ලම විනාශ වෙලා යද්දී, අයහපත් සියල්ලම මහා වේගයකින් සංවර්ධනය වෙනවා. පිංවත, ඔබේ ලේ, මස්, ඇට, නහර පෝෂණය වුණේ ඇයගේම ජීව රුධිරයෙන්. ඔබ ධර්මය සහ අධර්මය වෙන්කොට හඳුනා ගත්තේ, ඇයගේම පිංවන්ත මව් ගුණයෙන්. ඔබ මනුෂ්‍ය ධර්මයන් ජීවිතයට…
අවිද්‍යාව ප්‍රශ්න අවුල් කරනවා.
පිංවත, වෙලාව දහවල් දොළහයි, මුළු කැලෑ පරිසරයම මීදුමින් වැසිලා. හේතුවකින් තොරව ඵලයක් ඇති වෙන්නෙ නැහැ. කම්මුලට අත තබාගෙන සිතන්න උත්සාහ කළත්, භික්ෂුවගේ සිත වර්තමානයෙන් ඔබ්බට යන්නේම නැහැ. පිංවත මේ වෙන දේවල් ගැන සිතලා ඵලක් නැහැ. පිංවත් මනුෂ්‍යයාගේ පංච ඉන්ද්රියයන්ගෙන් ගලාගෙන යන තෘෂ්ණාවේ සැඩපහර, පිංවත් මනුෂ්‍යයාගේම සංස්කාර ගල්වැටි පෙරළාගෙන, භවාත්‍රය නමැති මහා සාගරයටම ගලාගෙන යනවා. පිංවත,…
අවිද්‍යා ඝන අඳුරේ එහා මෙහා යන නිර්ආගමික අවතාර.
පිංවත, වර්ණවත්, සුගන්ධවත් මලක් වුවත්, කොයි මොහොතක හෝ පරවෙලා යනවා. අපි මොනතරම් ප්‍රණීත, විසිතුරු සංස්කාරයෝ ජීවිත වලට එකතුකොට ගත්තත්, ඒ සෑම සංස්කාරයක්ම සැපයෙන් විකසිත වෙලා, ආශ්වාදයෙන් කුල්මත් වෙලා කිනම් මොහොතක හෝ ජරා, ව්‍යාධි, මරණයන්ටම පත්වෙලා යනවා. පිංවත, අපි ආශ්වාදයට ආදරය කළොත් එහි ඵලය වෙන්නේ ආදීනවයමයි. පිංවත, ආශ්වාදය කියලා කියන්නේ තෘෂ්ණාවට. ආදීනවය කියලා කියන්නේ ජාති, ජරා,…
අපි හැමෝම මාරයාගේ සේවකයෝ.
පිංවත, කාමයේ ආශ්වාදය හරිම භයානකයි. කෙටි ආශ්වාදය අපිව දීර්ඝකාලීන ආදීනවයන්ට යොමු කරනවා. ආශ්වාදය කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස පිනවීමයි. පිංවත, ආශ්වාදයට කවු ද අකමැති? ආශ්වාදයට අපි හැමෝම කැමති නිසාම, ජාතියක් හැටියට වර්තමානයේ අපිට ඉතිරි වෙලා තිබෙන්නේ දීර්ඝ ආදීනවයේ බංකොලොත්භාවය පමණක්මයි. පිංවත, බංකොලොත්භාවය ආදීනවයක් වුව ද, අපි බංකොලොත්භාවයත් ආශ්වාදයක් කොටගත් කල්හි, පදංග වශයෙන්…
අපි හැමෝම පටිච්චසමුප්පන්න ලේ ඥාතීන්.
පිංවත, ඔබ මේ ජීවිතයේ දී උපත ලැබුවේ ගමේ තිබෙන ග්‍රාමීය රෝහලක ද එසේත් නැතිනම් නගරයේ තිබෙන රජයේ රෝහලක ද? පිංවත, ඔබ කැමති ද ඔබේ ඊළඟ පටිච්චසමුප්පන්න මනුෂ්‍ය ජීවිතය ප්‍රකෝටිපති මවුපිය දෙපළකට දාව කොළඹ නගරයේ ප්‍රධාන පෞද්ගලික රෝහලක උපදින්න. පිංවත, මාතෘභූමිය තුළ ක්‍රියාත්මක වෙන දුශ්ශීල දේශපාලනයෙන් යහපත් හෙටක් බලාපොරොත්තු වෙන්න එපා. දිනෙන් දින ඔඩුදුවන ආර්ථික අගහිඟකම්…
අධර්මයේ ඒහිපස්සික ගුණය මිච්ඡා රඟපෑම් වලින් වසා දැමීම.
පිංවත, අපේ ලෞකික ප්‍රඥාව දුර්වල වෙනකොට, අවිද්‍යාවේ ඝනාන්ධකාරය ශක්තිමත් වෙනවා. අවිද්‍යාවේ ඝනාන්ධකාරය වැඩි වෙද්දී, සැපය කියලා අපි සොයන්නේ දුකක්මයි. පිංවත, අපි හැමෝම දුක අයිතිකොට ගැනීමේ තරඟයේ රන් කුසලාන දිනූ අයමයි. අපේ අතීත රන් කුසලාන එකතුවේ, අතීත කල්ප විනාශයන් දස දහසක් දුක් ගින්නෙන්ම ගෙවා දමා ලැබූ දුකේ රන් කුසලාන, සතර අපාය මහ ගෙදරක් බවට පත්කොටගෙන ලැබූ…
අට්ඨික සඤ්ඤාව.
අට්ඨික සඤ්ඤා භාවනාව බහුල වශයෙන් පුරුදු පුහුණු කිරීමෙන් කෙලෙස් නැසීම දක්වාම දියුණු කර ගත හැකිය. ඇසට දකින රූපයන්හි නිමිති ගැනීමෙන් ඇස අසංවර වීම හේතු කොට ගෙන රාග, ද්වේෂ, මෝහ ආදී අකුසල් ඇති වේ. අට්ඨික සඤ්ඤාව පුරුදු පුහුණු කිරීමෙන් රාගයට, ද්වේෂයට හේතුවන නිමිති ගැනීම වළක්වා ඇස සංවර කර ගත හැකිය. ඇටසැකිල්ලක් සිනාසුණා. පෙර ලක්දිව මිහින්තලේ විසූ…
අකුසලයේ කෙටි ආශ්වාදයට රැවටීම.
පින්වත, සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ මෛත්‍රිය සහ ශීලය යම් තැනක ද එතැන සම්මා සතිය මල්වර වෙනවා. සතිය මල්වර වෙද්දී උපදින සම්මා සමාධියයි ධර්මයේ උපේක්ෂාවෙන් ලෝකය දකින්න ඔබව පුහුණු කරන්නේ. පින්වත, අපි සියල්ලෝම කවදාහරි දවසක මැරෙන මිනිසුන් මිස සදාකාලිකව ජීවත්වෙන මනුෂ්‍යයින් නොවේ. පින්වත, ඔබ කරන රැකියාව, ව්‍යාපාරය, දේශපාලනය ඔබේ මෙලොව පරලොව සැපය උදෙසා, සුගතිය උදෙසා, ඔබේ…
හේතුඵල ධර්මය දකින උපේක්ෂාවේ ආලෝකය.
සුන්දර වස්සානය ගෙවී ගිහිල්ලා, චීවර මාසය උදාවෙලා තිබෙනවා. පිංවත් බෞද්ධ ජනතාව වැඩියෙන්ම පිංකම් කරන මාසය. පිනට කැමති දෙවියන්, මනුෂ්‍ය අප කෙරෙහි කෘතවේදී සිතින් පිං අනුමෝදන් වෙන මාසය. උතුම් ශාසනික අර්ථයන් තව චිරාත් කාලයක් රැකගන්න, ගිහි සහ පැවිදි දෙපාර්ශවයේ විශ්වාසය ශක්තිමත් වෙන මාසය මේ චීවර මාසයයි. මෙය සටහන් තබන භික්ෂුව, මහා සංඝරත්නය කෙරෙහි ශ්‍රද්ධාව සහ ගෞරවය…
හෙට දවසට මනුෂ්‍යත්වයෙන් පණ දෙන්න.
පිංවත, ලෝකයේ යම් රටක යහපත්, අවංක දේශපාලන ක්‍රියාකාරකම් තිබෙනවා නම්, එය එම රටේ ජනතාවගේ පිනේ ඵලයක්මයි. තම රටේ ක්‍රියාත්මක වෙන දේශපාලනය නිසා, දේශපාලන නායකයින් නිසා, පවතින පාලන ක්රමයන් නිසා එම රටවල ජනතාව ලබන්නේ සතුටක්මයි. හෙට දවස ගැන බලාපොරොත්තුවක්මයි. පිංවත, අපේ රටේ දේශපාලනය නම් පවෙන්ම පිරිලා. දැකලා සතුටු වෙන්න, අහලා සතුටු වෙන්න, හිතලා සතුටු වෙන්න පුංචි…