Article
තෘෂ්ණාව හා එහි ප්‍රභේද.
‘තෘෂ්ණාව’ යනු මනුෂ්‍ය – දිව්‍ය බ්‍රහ්මාදි සත්ත්වයන් වශයෙන් පෙනෙන උපාදාන ස්කන්ධයන් කෙරෙහි හා රන්-රිදී-මුතු-මැණික් ආහාර වස්ත්‍රාදි බාහිර රූපයන් කෙරෙහි ද ඒවා හොඳය-ඕනෑය යනාදීන් පවත්නා වූ ඇල්ම ය. මෙය ආධ්‍යාත්මික ස්කන්ධයන්හි අතිශයින් බලවත් ව පවතී. පවත්නේ ද මාගේ ඇස ය: මාගේ කණ ය: මාගේ දිව ය: මාගේ හිසකෙස් ය: මාගේ හිස ය: මාගේ අතය: මාගේ සැප…
තණ්හාව අතහැරිය යුතු ජීවිතය.
පිංවත, කල්‍යාණමිත්‍ර ආශ්‍රය නමැති මුල් ගලෙන් ආරම්භ වන මේ උතුම් ධර්ම මාර්ගය චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් අවසන් වෙනවා. ආරම්භය තෘෂ්ණාව හේතුවෙන්ම සිදු වුණත්, අවසානය සිද්ධ වෙන්නේ තෘෂ්ණාවේ නිරෝධයෙන්මයි. පසුගිය දවසක මහත්මයෙක් ප්‍රශ්නයක් විමසුවා, ස්වාමීන් වහන්ස, තෘෂ්ණාව දුකට හේතුව නම්, ඇයි අපි තෘෂ්ණාවෙන් පින් කරන්නේ කියලා. පිංවත, දුකට හේතුව තෘෂ්ණාව බව ඇත්ත. මේ ඇත්ත දැනගත් පමණින්, මේ…
ගින්දර අයිති විනාශයටමය.
පිංවත, අපි අතීතයේ කවදත් වැටි වැටී නැගී සිටි ජාතියක්. අපි වැටුණා කියලා කියන්නේ අකුසලය බලවත් වුණාය කියන කාරණයයි. අපි යළි නැගී සිටියාය කියලා කියන්නේ කුසලය බලවත් වුණාය කියන කාරණයයි. පිංවත, ඔබට මතක ද පසුගිය වසරේ පැවති මුළු රටම අරාජිකභාවයට පත්කළ ගෝල්ෆේස් අරගලය. ජනපති නිල නිවස, අගමැති නිල නිවස, ජනපති ලේකම් කාර්යාලය පවා අරගලකරුවන් සියතට ගත්…
ගැලවුම්කාර වේශයෙන් සමාජගත වෙන අකුසල්.
පිංවත, අපේ ජීවිත ඇලීම් සහ ගැටීම් වලින් පීඩාවට පත්වෙනකොට තීව්ර වෙන අවිද්‍යාවේ මන්දාරම ධර්මයේ විකසිතභාවයට බාධාවක්ම වෙනවා. විඳීමේ කෙලෙස් වලාවන් මතින් රූටා වැටෙන සංස්කාර ජල බිංදු ජරා, ව්‍යාධි, මරණ දුක් සාගරයම පෝෂණය කරනවා. පිංවත, සැබැවින්ම අපි දුකට කැමතියි. ඒ නිසාමයි අපි රූපය සතුටින් පිළිගන්නේ. රූපය සතුටින් ප්‍රාර්ථනා කරන්නේ. රූපය මම ය, මගේ ම යැයි රූපය…
කලක් ධර්ම ශ්‍රවණය කලත්, කිසි ප්‍රතිඵලයක් නොලද තරුණයෙක් හට බුදු හිමියන් දුන් ඔවදන.
බරණැස් නුවර තරුණයෙක් දිනපතා බුදුරදුන්ගෙන් බණ ඇසීමට පුරුදුව සිටියා. එහෙත් කාලයක් තිස්සේ බණ ඇසුවත් ඔහුට සිදු වු සෙතක් නැහැ. එක් දිනක් ඔහු උදේම අනිත් අය බණ ඇසිමට පැමිණිමට පෙර පැමිණ බුදු හාමුදුරුවන් සමඟ කළ සාකච්ඡාවකුයි මේ, “භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්ස අප බොහෝ දෙනෙක් ඔබ වහන්සේගෙන් බණ ඇසීමට පැමිණේ. එයින් කීප දෙනෙක් ඉක්මනින් සෝවාන්, සකෘදාගාමී, අනාගාමි…
කරුණාකර ලෝකය නිවැරදිව හඳුනා ගන්න.
පිංවත, බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකයා කියන්නේ ආදරය, මෛත්‍රිය, කරුණාව ආදී ගුණ ධර්මයන් ඉක්මවා ගියා වූ දැක්මක් ඇති කෙනෙක් විය යුතුයි. සත්පුරුෂ දෙවියන්ගෙන්, බ්‍රහ්මයින්ගෙන් සහ මනුෂ්‍යයින්ගෙන් වැඳුම් පිදුම් ලබන මහා සංඝරත්නය කාම ලෝකයෙන් ඔබ්බට සිත පුහුණු කරවිය යුතුයි. අපිට පුළුවන් නම් ආදරය, මෛත්‍රිය, කරුණාව ආදී වූ ධර්මතාවයන් අනිත්‍ය වූ සංස්කාරයන් යැයි නුවණින් දකින්න, එවිට සංඝ සමාජයේ අපි…
කඳුළු සාගරයක වූව පැදිය යුතු ඔරුව.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින කියන්නේ සැපයට කියන තවත් නමක්ය කියලා. යම් පිංවතෙක් සැපයෙන් නම් ජීවත් වෙන්නේ එ් පින නිසාමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සැබෑම සම්මා පින අයිතිවන්නේ, උතුම් සම්මා දිට්ඨියේ පටන් සම්මා ආජීවෝ දක්වා, මාර්ග අංග පහකින් පෝෂණය වූ සම්මා වායාමයන්ටයි. සැබෑම අර්ථවත් සම්මා වායාමයන් තුළ, ලෞකික ප්‍රඥාවත්, ආජීව අට්ඨමක ශීලයේ ශක්තියත් හොඳින්ම මුහුවෙලා තිබෙන්නට…
ඔබට වඩා දක්ෂයෙකුට තැන දෙන්න ඔබ දක්ෂ වෙන්න.
පින්වත අවිද්‍යාවේ කැඩපතෙන් පෙනෙන ලෝකය අකුසලයටමයි විවෘත වෙලා තිබෙන්නේ. අවිද්‍යා කැඩපත ඉදිරියේ ඔබ නග්නව සිටියත්, ඔබ ජාතික ඇඳුම පැලඳගෙන සිටියත් සංස්කාර ලෝකයේ සාමාජිකත්වයමයි ඔබ උරුමකොට ගන්නේ. පින්වත කාමයේ කෙටි ආශ්වාදයේ සහ රූපයේ කෙටි ආශ්වාදයේ මෝඩ මුලාවට කොටු වී මිච්චා වාචාවන්ගේ කුණු රසය බෙදාදෙන මිච්ඡා දිට්ඨියේ දුර්ගන්ධය දිනෙන් දිනම උත්සන්න වෙමින් පවතිනවා. උතුම් තෙරුවන් විවේචනය කරන…
ඔබ මා හමුවූයේ කඳුළු පිරි දෑසින් සමුගැනීමට නොව එකිනෙකාගෙන් නිදහස් වීමටය.
අගෝස්තු පසළොස්වක පොහොය දවසේ ගම්මානයේ දුප්පත්, පොහොසත් පිංවතුන් විසිපහකට වැඩි පිරිසක් පැමිණ භික්ෂුවට වස් ආරාධනාවන් සිදු කළා.ගමේ හැමෝම එකතුවෙලා මැටි අනලා, පොල් අතු බැඳලා, දින හතරක් පමණ දිවා රාත්‍රී වෙහෙසවෙලා තාවකාලිකව කුටියක් හදලා, කුටියේ බිම ඇතිරූ ගොම මැටිවල නැවුම් සුවඳ අකීකරු සුළඟ සමඟ මුසුවී නාසයට දැනෙනකොට අතීත ශ්‍රාවකයන් වහන්සේලාගේ අල්පේච්ඡ ප්රතිපදාවමයි, භික්ෂුවගේ සිහියට නැගෙන්නේ. වර්තමානයේ,…
ඇලීම්, ගැටීම් සහ උපේක්ෂාවේ තීන්ත.
පින්වත සති සම්බොජ්ඣඬ්ගය ඵස්සය අසල සීරුවෙන් පසුවෙද්දී සිත විවේකයට ගොඩාක් කැමැතියි. පින්වත් ඔබේ ඵස්සය පංච නීවරණයන්ට ගොදුරු වුණොත්, සිත සෙල්ලමටමයි කැමති වෙන්නේ. එවිට සිත ඇලීම් සහ ගැටීම් සෙල්ලම්වල සිරකරුවෙක් වෙනවා. ඊයේ දිනය පුරාවට ඔබ තුළ සිතුවිලි කොතෙක් නම් ඇති වෙන්න ඇති ද? ඒ එකම සිතුවිල්ලක්වත් දැන් ඔබට අයිති නැහැ. අනිත්‍ය වූ ඵස්සය හේතුවෙන් සකස් වූ…