Article
සිල් සමාදන්වීමෙන් දසපාරමිතාව ම පිරේ.
මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සංඛ්‍යාත ලෞකික සම්පත් පිණිස කරන කුසල් ය. රහත් බව පසේ බුදුබව ලොවුතුරා බුදු බව යන තුන්තරා බෝධිය පිණිස කරන කුසල් ය කියා කුසල් දෙවර්ගයකි. එයින් ලෞකික සම්පත් පිණිස කරන කුසල්වලින් සසර දික්වේ. බෝධිත්‍රය පිණිස කරන කුසල්වලින් නිවනට පමුණුවනු ලැබේ. බෝධිත්‍රය සඳහා කරන කුසල් පාරමිතා නම් වේ. පාරමිතා දසයෙකි. සිල් සමාදන් වන දිනයේ…
සිල් සමාදන් වන ආකාරය.
ඉහත කී පරිදි මල් ආදිය ගෙන උදෑසනින් ම විහාරස්ථානයට ගොස් සිල් සමාදන් වී පූජා කරනු සඳහා ගෙන ආ මල් ආදිය පසෙක තබා සිල් දෙන භික්ෂූන් වහන්සේ වෙත එළඹ, පසඟ පිහිටුවා වැඳ උක්කුටියෙන් හෝ දන බිම ගසා හෝ හිඳ දොහොත් මුදුනේ තබා වැඳගෙන මේ වාක්‍යය කියා භික්ෂූන් වහන්සේගෙන් සිල් ඉල්ලනු. අට සිල් සමාදන් වීම සිල් ඉල්ලීමේ…
සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයන්ගේ දුර්වලතා.
පිංවත, එක වගේ දේවල් කොච්චර නම් තිබෙනවා ද? අද උදෑසන එක වගේම නිවුන් දරුවන් දෙදෙනෙක් පිණ්ඩපාතය බෙදන්න ඇවිත් සිටියා. දෙදෙනා පෙනුමෙන් එක වගේම වුණත්, අතීත සංස්කාරයන්ගේ ලොකු වෙනස්කම් දෙදෙනා තුළම තිබෙන්නට පුළුවන්. ආදරයෙන් බැඳුණ දෙහදක සිතුම්, පැතුම් එක වගේම වුණොත්, ඒ බැඳීම මොනතරම් නම් පරිත්‍යාගශීලී වෙයි ද? රාගයත්, විරාගයත් අතර සුන්දර අර්ථයක් තිබෙනවා. එම අර්ථයට…
සමථ භාවනාවෙන් ධ්‍යාන උපදවා නො ගෙන විදර්ශනා වඩා මඟඵල ලැබිය හැකි ද?
මෙය දැනට එක්තරා පිරිසක් විසින් පවත්වා ගෙන යන සතිපට්ඨාන විපස්සනා භාවනාව නො ඉවසන තවත් පිරිසක් විසින් ඇති කර ඇති අලුත් ප්‍රශ්නයෙකි. මෙය සම්බන්ධයෙන් කිය යුතු කරුණු පොතක් ලිවීමට තරම් ඇත්තේ ය. එයින් කාටත් පහසුවෙන් තේරුම් ගත හැකි කරුණු ස්වල්පයක් මෙහි දක්වනු ලැබේ. බොහෝ වෙහෙසී උපදවා ගන්නා ලෞකික ධ්‍යානය කාම සංඥාවක් පහළවීම් මාත්‍රයෙන් අතුරුදන් වන බව…
සත්වයාගේ සසර සකස්වන ආකාරය.
“මම වෙමි” යන හිතා ගැනීම ඇති තාක් සසර සකස් වෙනවා. ජාති ජරාමරණ සෝක වැළපීම් දුක් දොම්නස් උපායාස ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ මේ හිතා ගැනීම ඇති තාක් මාරයා සමග බැඳෙනව, හිතාගැනීම් නැත්තං මාරයාගෙන් මිදෙනව කියලයි. (මඤ්ඤමානො භික්ඛවෙ බද්ධො මාරස්ස, අමඤ්ඤමානො මුත්තො පාපිමතො). ‘මම’ කියන්නෙ නො වෙනස් වන නිත්‍ය ධර්මයක් හැටියට පුහුදුන් සිතට කල්පනා වෙනව….
සංස්කාරස්කන්ධය.
රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන යන ස්කන්ධ පඤ්චකය උපදවා ගැනීම සඳහා ද, පවත්වා ගැනීම සඳහා ද සත්ත්වයන් විසින් කරන්නා වූ කෑම් – බීම් – නෑම් – ඉඳුම් – හිටුම් – යෑම් – නිදීම් ආදි අනේක ප්‍රකාර ක්‍රියාවන් සිදු කරන්නා වූ චේතනාව ප්‍රධාන කොට ඇති චෛතසික ධර්ම සමූහය සංස්කාරස්කන්ධය යි කියනු ලැබේ. චේතනාව විසින් අවශේෂ චෛතසිකයන්…
සංස්කාරය හේතුවෙන් සකස්වෙන ආශ්වාද මායාව.
පිංවත, අනේ කරුණාකර, අවිද්‍යාවේ නින්දෙන් මාව අවදි කරන්න එපා. මට මේ සුවපහසු ඵස්ස සයනයේ සුවසේ විඳීමේ සිහින දකිමින් නිදා ගන්න ඉඩ දෙන්න. පිංවත් ඔබ තවමත් අවදියෙන් සිටියාට, මම කුමක් නම් කරන්න ද? මා දකින මගේ සිහින මගේම ජීවිතයයි. පිංවත, නොඅවදි වී මා දකින සිහින මොනතරම් නම් ප්‍රණීත ද? මගේ පුතාලා, මගේ දුවලා, මගේම බෑණලා, ලේලිලා,…
සංස්කාර ලෝකයේ නොලැබෙන සමාව.
පිංවත, ඔබ සතුටින් සිනාසෙන්න කැමති ද? අපි හැමෝටම සතුටින් සිනාසෙන්න බැහැ. අද දවසේ සතුටින් නොසිනාසුන ජීවිත සමාජයේ මොනතරම් නම් ඇති ද? සතුටෙන් සිනාසෙනවා කියන්නේ පෙර කුසල් සංස්කාරයන්ගේ ඵලයක්. ඔබ අතීත සංසාරයේ අනුන්ව ශීලයෙන්, මෛත්‍රියෙන්, ත්‍යාගයෙන් සතුටු කරලා තිබෙනවා. වර්තමානයේ පිංවත් ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් පෝෂණය වූ ශීලයෙන්, මෛත්‍රියෙන්, ත්‍යාගයෙන් අනුන්ව සතුටු කරනවා ද? එසේත් නැතිනම්,…
සංඥාස්කන්ධය.
බුද්ධ දේශනාවේ ඇති “සඤ්ඤාක්ඛන්ධ” යන වචනයෙහි අර්ථය දැක්වීමට සංස්කෘතයෙහි යෙදෙන වචනය “සංඥාස්කන්‍ධ” යන්නයි. සිංහලයෙහි ද ඒ අර්ථය දීමට එය ම භාවිතා කරති. තවද “සඤ්ඤා, සංඥා යන වචනවලින් කියවෙන අර්ථය පැවසීමට සිංහලයෙහි “හැඳිනීම, හැඟීම, දැනීම” යන වචන ද යොදති. “දැනීමය” යන වචනය පාළි “විඤ්ඤාණ” යන වචනයෙන් කියැවෙන අර්ථයට ද යොදති. දැනීමය යන වචනය සිංහලයෙහි “සඤ්ඤා විඤ්ඤාණ”…
වේදනාස්කන්ධය.
සිතට දැනෙන්නා වූ සිතින් දත හැක්කා වූ සියල්ලට අරමුණු යයි කියනු ලැබේ. අරමුණු අතුරෙන් ශෝභන ස්ත්‍රී පුරුෂ රූප, ඇඳුම් පැළඳුම්, ගෙවල්, ඇඳ පුටු මේස, භාජන-ශබ්ද-රසවත් ආහාර පාන, සුවඳ ද්‍රව්‍ය යනාදීන්හි අරමුණු කරන්නා වූ සිත පිනවන ස්වභාවයක් ඇත්තේ ය. මළකුණු, මලමුත්‍ර, ලේ සැරව, කෙළ සොටු ආදි වස්තූන්හි අරමුණු කරන සිත, රිදවන ස්වභාවයක් ඇත්තේ ය. වෘක්ෂ, පර්වතාදි…