Chamela Aluthgedara

Software Engineer

ලෝකයේ නොතැවරී ජීවත් වෙන්න.

පින්වත, කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකය දවසින් දවස අලුත්, අලුත් විඤ්ඤාණයේ අකුසල් මැජික් සන්දර්ශනයෝ සමාජගත කරනවා නේද? පින්වත, පාතාල මර්ධනය, මත්ද්‍රව්‍ය, නඩු, උසාවි, බන්ධනාගාර විඤ්ඤාණයේ අකුසල් මැජික් සන්දර්ශනයෝ නැවත, නැවත දැකීමෙන්, පින්වත් ඔබ මේවාට ඇලීමෙන් හෝ ගැටීමෙන් නේද, ජීවත් වෙන්නේ? පින්වත, අවිද්‍යාවේ ජන්ම ගතිය කුසල් හෝ අකුසල් සංස්කාරයෝ උපයෝගී කොට ගෙන විඤ්ඤාණයේ මැජික් සන්දර්ශනයෝ සමාජගත…

Read More

සද්ධර්මය තම ජීවිත වලට එකතු කොට ගන්න.

පින්වත, පාතාල ලෝකයේ අතීත කෙටි ආස්වාදයෝ සහ වර්තමානයේ දීර්ඝ ආදීනවයෝ පින්වත් ඔබට පෙනෙනවා නේද? පින්වත, වර්තමානයේ ඔබ අත්දකින පාතාල ලෝකයේ ආදීනවයන් දැකලා කරුණාකර පෙරළා ආස්වාදයෝ නම් ඇති කොට ගන්න එපා. පින්වත, පාතාල ලෝකයේ කෙටි ආස්වාදයෝ සහ දීර්ඝ ආදීනවයෝ තුළින් ඔබ ධර්මය දකින්න දක්‍ෂ වෙන්න. පින්වත, මහා සමුදුරෙන් එහා සිටියත්, සියලුම සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. පින්වත,…

Read More

කය ලෙඩ වුණත්, සිත ලෙඩ නොකර ගන්න.

පින්වත, මනුෂ්‍ය ජීවිතවලට වැළඳෙන රෝගීභාවයන් හේතුවෙන් බලවත් ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ සමාජගත වෙමින් පවතිනවා. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ කායික සහ මානසික නීරෝගීභාවය මොනතරම් නම් ලාභයක් ද කියලා අපිට දැනෙන්නේ, සමාජගත වන රෝගීභාවයන්ගේ සංකීර්ණභාවය නිසා මයි. පින්වත, රෝහල්, ඖෂධ සහ වෛද්‍ය ගාස්තු මහා වේගයෙන් ඉහළ යද්දී, රෝගීභාවයන්ට අදාළ අපේ ම අකුසල්, අපේ ජීවිතවලට…

Read More

ධර්මය තුළින් ධර්මය ම දකින්න.

පින්වත, තවත් සුන්දර වස්සානයක් ගෙවී ගියා. පින්වත, ගෙවී ගිය වස්සානයේ මතකය අතීත පංච උපාදානස්කන්ධයක් පමණක් මයි. පින්වත, කුටියෙන් නික්ම යන භික්ෂුව තුළ ඉතිරි වෙලා තිබෙන්නේ, සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ගුණයෝ පමණක් මයි. පින්වත, ඉහත ගුණයන් හතරත් අරගෙන යන එකේ තේරුමක් නැහැ. සංඝයා සතු එම උතුම් ගුණයන් සතරත්, උතුම් සතර සතිපට්ඨාන ධර්මයන් තුළ විසිරුවා දකිද්දී, අපේ…

Read More

ඔබේ ආරක්ෂකයා, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.

පින්වත, ධර්මය සොයමින් ලෝකෙ වටා, රට වටා ඇවිදින්න අවශ්‍ය නැහැ. පින්වත, මෙවන් සුන්දර වස්සානයක බුදුරජාණන් වහන්සේ විනය කාරණාවන් පනවා, උපසම්පදා භික්ෂූන් වහන්සේලා වන අපගේ චාරිකාවන් පවා සීමා කරන්නේ, රට තුළින්, ලෝකය තුළින් නොව, තමා තුළින් ම උතුම් ධර්මය මතු කොට ගැනීමට මයි. පින්වත, ඔබේ පුණ්‍යවන්ත ජීවිතය යැයි කියන්නේ, ධර්ම පාරාදීසයක්, හැබැයි එම ධර්ම පාරාදීසය සක්‍රිය…

Read More

කීකරුභාවය නිසා ම පිනෙන් පිරෙන ජීවිත.

පින්වත් මහත්මයෙක් අද උදෑසන පිණ්ඩපාත මඩුවේ දී භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, මට නිතරම අනතුරු සිද්ධ වෙනවා. එම නිසා තමන්ට ආශීර්වාද කරන්නය කියලා. එම මහත්මයාට තිබුණේ සිනහවක් නැති පරාජිත මුහුණක්. පින්වත, ඔබත් නිරතුරුව ම අනතුරුවලට ලක් වෙන පින්වතෙක් ද? පින්වත, කරුණාකර ඔය කතාව වෙන කාටවත් ම කියන්න නම් එපා. සත්‍යකින් ම එය ඔබට ලජ්ජා විය යුතු…

Read More

මරණානුස්සති භාවනාව.

(මේ අතිපූජ්‍ය බෝධිසත්වගුණෝපේත නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනයක් උපයෝගී කොට සැකසු ලිපි පෙලකි. එම ධර්ම දේශනා යු ටියුබ් හී රදවා ඇත… හුදී ජන පහන් සංවේගය උදෙසාත්, ධර්ම දානය උතුම්ම දානය වන නිසාත් මෙය බෙදා හැරීමට තීරණය කලෙමි. උන්වහන්සේ බෝධි සත්ව ගුණැති උත්තමයෙකි. ඒ දහම සමස්ත බෞද්ධයන් ට මහඟු ප්‍රයෝජනයක් වනු නොඅනුමානය. මේ ව්‍යායාමයේදී අදල…

Read More

සියල්ල තෘෂ්ණාවේ හේතුඵල ධර්මයයි.

පින්වත, අපි ජීවත් වෙන්නේ කාත් කවුරුවත් නැති පංච උපාදානස්කන්ධ ලෝකයක. පින්වත, ඥාතීන්, හිතමිතුරන් යැයි කියලා අපි මෝහයෙන් ‘අයිති’ කොට ගත්, ‘මගේ’ කොට ගත් පිරිසක් අපි හැමෝට ම සිටිනවා. පින්වත, අපේ මෝහයේ තරම කියනවා නම්, අවිද්‍යාව අවසානයේ අපිට අයිති කොට දෙන්නේ, මිය ගිය මළ කඳක් පවුලේ සුසාන භූමියට කර ගසා ගෙන යෑම පමණක් මයි. පින්වත, තෘෂ්ණාව…

Read More

‘ඇලීම්’ සහ ‘ගැටීම්’ ගැන හොඳින් සිහිනුවණ ඇති කොට ගන්න.

පින්වත, කල්‍යාණමිත්‍ර ආශ්‍රය දුර්වල වෙලා, උතුම් සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමේ ශක්තිය වඳ බහින කොට, එම අසරණ ජීවිතවල උපදින්නේ උතුම් ශ්‍රී සද්ධර්මය විකෘති කිරීමේ අසත්පුරුෂ ආශාවයි. පින්වත, භික්ෂුව වැඩිහිටි ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමකගෙන් ආරංචි වුණා, විදේශීය රටක දී ශාසන විරෝධී නව නිකායක් අදාළ රට තුළ දී ලියාපදිංචි කොට ගත්තාය කියලා. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ…

Read More

වර්තමානය මිථ්‍යා ධර්මයන්ගෙ විකෘතියක්.

පින්වත, භික්ෂුව ධර්ම දේශනයකට විහාරස්ථානයකට වැඩිය අවස්ථාවක දී, විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේට වන්දනා කරන්න ආවාසයට වැඩියා. එම ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ වස් හතළිහකට වැඩි නායක ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ භික්ෂුව දුටු හැටියේ ම තම ආසනයෙන් නැගිට්ටා. භික්ෂුව බොහොම ගෞරවයෙන් කිව්වා, “නායක ස්වාමීන් වහන්ස, මම වස් දහ අටක පුංචි භික්ෂුවක්, ඔබවහන්සේ වැඩ සිටින්න” ය කියලා. පින්වත,…

Read More