ස්වාමීන් වහන්ස, සම්මා දිට්ඨියට අප පිවිසෙන්නේ කුමන දොරටුවෙන් ද?

ස්වාමීන් වහන්ස, ඔබ වහන්නසේ සඳහන් කළා ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසීමේදී අනිවාර්යයෙන්ම සම්මා දිට්ඨිය නැමැති දොරටුවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසිය යුතුය කියලා. ස්වාමීන් වහන්ස සම්මා දිට්ඨියට අප පිවිසෙන්නේ කුමන දොරටුවෙන් ද? සම්මා දිට්ඨියට පිවිසීමට නිවැරදි දොරටුවක් තිබෙනවා. එම දොරටුව තමයි කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීම. මෙන්න මේ දොරටුවෙනුයි සම්මා…

Read More

ස්වාමීන් වහන්ස, සම්මා දිට්ඨිය සකස්කොටගත් පින්වතා තුළ, දකින්න පූළුවන් මුලික ලක්ෂණ මොනවා ද?

සම්මා දිට්ඨියට අදාළ ප්‍රධානම කාරණයන් වන්නේ.. 1. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව. 2. මරණින් පසූ හේතුඵල ධර්මයන් අනුව නැවත ඉපදීම පිළිබඳ විශ්වාසය. 3. කර්මය – කර්ම ඵල විශ්වාසය. 4. දන්දීමේ, සිල් රැකීමේ ආනිශංස පිළිබඳ විශ්වාසය. 5. අම්මා, තාත්තාගේ ගුණයන් කෙරෙහි විශ්වාසය. 6. ඕපපාතිකව සත්ත්වයන් උපදිනවාය කියන විශ්වාසය. 7. අතීතයේ අධිගමලාභී උත්තමයින් වැඩ සිටියාය කියන විශ්වාසය. තෙරුවන් කෙරෙහි…

Read More

ස්පර්ශය කෙරෙහි තෘෂ්ණාව නිරෝධයෙන් පංචඋපාදනස්කන්ධ නිරෝධය.

අපි හැමෝ්ම ජීවත් වෙන්න කැමැතියි’ නමුත් අපි හැමෝම මරණයට අකැමැතියි’ සමාජයේ ජීවත්වන සමහර පිංවතුන්” මරණය ගැන සිතන්න අකැමැතියි’ මරණය ගැන සිතන්න අකැමැති පිංවතා බොහෝම ඉක්මනට මරණය ජීවිතයට ළඟා කොට ගන්නවා’ එසේත් නැති නම්” ජීවත් වුණත් ඒ ජීවිතය මැරිච්ච ජීවිතයක්ම වෙනවා’ නොමැරී ජීවත් වුණත් වර්තමාන සමාජයේ වැඩිපුරම තිබෙන්නේ අලෝභ” අද්වේශ” අමෝහ ධර්මයන් මැරිච්ච ජීවිතයි’ බුදුරජාණන් වහන්සේ…

Read More

සලායතන දැක්කොත් – ඔබ මේ විලසින.

කායානුපස්‌සනාව – සලායතන භාවනාව මීළඟට බුදුරජාණන්වහන්සේ කායානුපස්‌සනාවට අදාළව දේශනා කරන්නේ සලායතන භාවනාවයි. මේ කය ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස වශයෙන් කොටස්‌ හයක්‌ කොට දකින්නය කියලා, ගව ඝාතකයෙක්‌ එළදෙනක්‌ මස්‌ කරලා මස්‌, කටු, බොකු, සම් වශයෙන් වෙන්කොට ගොඩගසා තිබෙන්නා සේ, මේ ආයතනය හය වෙන් වශයෙන් අරගෙන විදර්ශනාවට ලක්‌කරන්නය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇස නිසා…

Read More

සම්මා දිට්ඨිය නැමැති නිවැරදි දොරටුවෙන් ඇතුළු වෙන්න.

සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ ශීලය පිංවතුන්ලාට හරි ම පහසු දෙයක්. පිංවත් ඔබගේ ජීවිතය සරල කරනවා; සැහැල්ලු කරනවා. ශීලය අපි ආභරණයක් කර නො ගත යුතු යි. සම්මා දිට්ඨියෙන් පෝෂණය නො වූ ශීලය, යමෙකුට ආභරණයක් කරගන්න පුළුවන්. එය ඔහුව නොමඟ යවන අනතුරුදායක ක්‍රියාවක් වෙන්න පුළුවන්. සම්මා දිට්ඨියෙන් පෝෂණය වුණු ශීලය කියන්නේ බලයක්; සමාධියට, ප්‍රඥාවට ගොඩවීම සඳහා වන…

Read More

සතිය සිහිය කියන්නෙ කුමක් ද? අධර්මය කියන්නේ කුමක් ද?

පිංවත් මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් ප්‍රශ්නයක්‌ විමසුවා ‘ස්‌වාමීන් වහන්ස, සතිය සිහිය කියන්නේ කුමක්‌ද..?’ කියලා. පිංවත් ඔබ ආසනයක වාඩිවෙලා, බුදුගුණ භාවනාව මෙනෙහි කරමින් සිටිනවාය කියලා හිතන්න. මොහොතකින් ඔබේ සිත බාහිර අරමුණක්‌ කරා ඇදී යනවා. ඔබ ඇස්‌දෙක පියාගෙන සිටියත්, ඔබේ සිත දැන් තිබෙන්නේ වෙනත් රූපයක්‌ ඔස්‌සේ ඇදී ගිහින්. දැන් ඔබ සිටින්නේ ඇතිකොටගත් සැබෑ අරමුණ කෙරෙහි අසිහියෙන්. තමා අසිහියෙන් සිටින…

Read More

සතිය තුළත් තෘෂ්ණාව සැඟවිලා තියෙනවා.

උතුම් සමාධිය තුළදිත්, සමාධියෙන් බැහැරවත් තමන්ට අරමුණුවෙන්නාවූ සෑම රූපයක්‌ම විනිවිද දකින්න. ඒ හැකියාව ඔබ තුළින්ම ඔබ මතුකරගත යුතුයි. පිංවත්, ශීලයෙන් පරිපුර්ණ ඔබ තුළ විදර්ශණාව වැඩෙන්නෙ නැහැ කියන්නේ රූපය විනිවිද දැකීමේ ශක්‌තිය හීනයි කියන කාරණයයි. පිංවත් ඔබට අරමුණුවෙන්නාවූ සෑම රූපයක්‌ම මළකඳක්‌ කර දකින්න. කුණුවෙන මළසිරුරක්‌ සේ දකින්න. ඇටසැකිල්ලක්‌ කර දකින්න. කිසිදු රූපයක්‌ විනිවිද දැකීමෙන් තොරව මතුව…

Read More

සක්කාය දිට්ඨිය මුල් වටයේදී හදුනාගැනීම අපහසුය.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පින්වතුන්ලාට සෝවාන් ඵල අවබෝධය උදෙසා ගමන් කළ යුතු, ආශ‍්‍රවයන් ප‍්‍රහීනය කිරීමේ අනුපිළිවෙළ, උතුම් සබ්බාසුව සූත‍්‍රයේ දී දේශනාකොට තිබෙනවා. සබ්බාසුව සූත‍්‍රය ජීවිතයට කමටහනක් කොට නොගැනීම නිසාම, ධර්මයේ නාමයෙන් පිනේ, කුසලයේ නාමයෙන්, ඇලීම් ගැටීම් දෙක තුළම දෝලනය වන සක්කාය දිට්ඨිය හෙවත් මමත්වයේ දැඩි භාවය පින්වත් මනුෂ්‍ය සන්තානවල අතු රිකිලි දමා වැඩෙන බවක් පෙනෙන්්නට තිබෙනවා….

Read More

සංසාරයේ කීවරක් නම් ඔබ ඔතැනම මිහිදන්ව ඇත් ද?

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටින කාලයේ එක්‌තරා වස්‌තු සම්පත් ඇති සශ්‍රීක බමුණෙක්‌ ජීවත් වුණා. මේ බමුණාට කාටවත් ඇතිනොවන විදිහේ අශාවක්‌ ඇති වුණා. ඒ ආශාව තමයි තමන් මැරුණාට පසුව කිසිම සත්වයෙක්‌ වළ නොදැමූ බිමක තමාගේ දේහය මිහිදන් කළ යුතුයි කියන ආශාව. බමුණා මිථ්‍යාදෘෂ්ඨික කෙනෙක්‌ වුවත් මරණානුස්‌සතිය කියන කාරණය වඩලා තිබෙන කෙනෙක්‌. ඒ කියන්නේ තමා මැරෙනවාය කියල…

Read More

සංසාරයක් පුරා වැරැදුණු තැන..!

ශීල, සමාධි, ප්‍රඥා යනු නිවීම උදෙසා ඔබ යා යුතු මාර්ගයයි. මින් තොර ඔබට නිවීම උදෙසා මාර්ගයක්‌ නොමැත. මේ නිවීම උදෙසා මාර්ගය මිස, ඵලයක්‌ නම් නොවේ. මේ මාර්ගයේ ඔබ ගමන්කොට ඵල අවබෝධ කරගත යුතුය. එසේ නොවුණහොත් ඔබ තවත් සංචාරකයෙක්‌ පමණක්‌ වනු ඇත. දිව්‍ය, මනුෂ්‍ය, සතර අපායද ඔබේ සංචාරයේ නවාතැන් වනු ඇත. අතීතයෙ වැඩසිටි බුදුරජාණන් වහන්සේලාගේ ශාසන…

Read More