නිර්වාණය.

බෞද්ධයන් විසින් නිර්වාණය යි කියා පතන්නා වූ ලැබීමට උත්සාහ කරන්නා වූ යමක් වේ නම් එද අනිකක් නො ව මේ දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය ම ය. දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍ය සංඛ්‍යාත නිර්වාණය වනාහි ඇතමුන්, සිතන හැටියට කිසි වටිනාකමක් නැති සැපයකුත් නො වන, නො පැතිය යුතු, බිය විය යුතු හිස් බවක් නො ව අති ප්‍ර‍ණීත සැපයකි. වටිනාකම පමණ කළ…

Read More

දුටුගැමුණු රජතුමා භාවිතා කල ආරක්ෂක ගාථා තුන.

බුද්ධෝ තිලෝක සරණෝ – බුද්ධෝ සුරියෝ තමෝනුදෝ ඒවං තං සරණං ඛේමං – බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං – නත්ථි මය්හං භයං සදා බුදුරජාණන් වහන්සේ තුන් ලොවට ම එක ම සරණ වූ සේක. ඒ අපගේ බුදුරජාණන් වහන්සේ ලෝකයාගේ මෝහාන්ධකාරය දුරලන සූර්යයා වන සේක. මෙසේ ඒ බුදුරජාණන් වහන්සේගේ සරණ බිය රහිත වූ උතුම් ශ්‍රේෂ්ඨ සරණ…

Read More

දුටුගැමුණු නිරිඳුන්ගේ පින් පොතෙන් බිඳක්.

ලිඛිත හෝ උපකල්පිත ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙවන් පුණ්‍යවන්ත වූ , නිර්භීත වූ, දක්ශ වූ, නරේන්ද්‍රයෙක් නොසිටියේම ය. බුද්ධ ශාසනයටත් ශ්‍රී ලංකාද්වීපයටත් මේ මහා පුරුෂයා විසින් කළ සේවයෙන් කෙස් ගසක් තරම් වත් කළාවූ ශ්‍රී ලාංකික රජෙක් නම් නැත. මතු මෙත් බුදු සසුනේ උතුම් නිර්වාණ සම්පත්තිය ලබන්නාවූ ගැමුණු මහ රජතුමාගේ මරණාසන්න අවස්ථාවේදී , ථේරපුත්තාභය මහරහතන් වහන්සේ ගේ…

Read More

දුකෙන්, සැපෙන් පිරුණු ලෝකය.

පින්වත ඔබ දෑස් පියා ගනිද්දී, ඔබට කිසිම අරමුණක් නොදැනෙනවා නම්, ඔබේ සළායතනයෝ අක්‍රීයව පවතිනවා නම් පටිච්චසමුප්පන්න විඤ්ඤාණයට සිද්ධ වෙන්නේ ආයුෂයත්, උණුසුමත් ඇසුරේ නිරාහාරව පවතින්න. පින්වත ඵස්සය ඉදිරියේ නිවුණු සළයාතනයෝ පින්වත් ඔබව පංච උපාදානස්කන්ධ ලෝකයෙන් හිස් කරනවා. හිස් වූ පංච උපාදානස්කන්ධය තුළ කායානුපස්සනාවෙත්, චිත්තානුපස්සනාවෙත්, වේදනානුපස්සනාවෙත් අර්ථයන් නිවී යනවා. එවිට ආයුෂයත්, උණුසුමත්, ආහාර අහිමි වූ පටිච්චසමුප්පන්න විඤ්ඤාණයත්…

Read More

දහම සමග ගලා යන ජීවිතය.

පිංවත, මහා බ්‍රහ්ම ගුණයන් යැයි බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙන්නේ, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන්ටයි. කාම ලෝකයේ ආශ්වාදයන්ගෙන් තාවකාලිකව මිදී, වේදනාවේ ආශ්වාදය හෙවත් රූපාවචර සහ අරූපාවචර ධ්‍යාන සුවය විඳින බ්‍රහ්මයින් වගේම, කාමරාග, පටිඝ ධර්මයෝ පරිපූර්ණ වශයෙන් නිරෝධය කොට පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනුශය අනිත්‍යභාවය නුවණින් දකිමින් සිටින අනාගාමී බ්‍රහ්ම තලවල බ්‍රහ්මයින්ගේ ද, බ්‍රහ්ම ගුණයන් වෙන්නේ මෙත්තා, කරුණා,…

Read More

තෘෂ්ණාවෙහි අනාගත භව දුක්ඛයට හේතුවන ආකාරය.

තෘෂ්ණාවෙහි අනාගත භව දුඃඛයට හෙවත් මතු උත්පත්තියට හේතුවන ආකාරය මේ චතුරාර්‍ය්‍ය සත්‍ය කථාවෙහි ඉතාමත් ගැඹුරු වූ ද දුරවබෝධ වූ ද කාරණය යි. මෙය සිහි නුවණින් යුක්තව නැවත නැවත කියවීමෙන් ද, මෙය ගැන නැවත නැවත කල්පනා කිරීමෙන් ද, දන්නවුන් අතින් තවදුරටත් කරුණු විමසීමෙන් ද, දන්නවුන් හා සාකච්ඡා පැවැත්වීමෙන් ද තේරුම් ගැනීමට උත්සාහ කරත්වා. මෙය අවබෝධ කරගත…

Read More

තෘෂ්ණාව හා එහි ප්‍රභේද.

‘තෘෂ්ණාව’ යනු මනුෂ්‍ය – දිව්‍ය බ්‍ර‍හ්මාදි සත්ත්වයන් වශයෙන් පෙනෙන උපාදාන ස්කන්ධයන් කෙරෙහි හා රන්-රිදී-මුතු-මැණික් ආහාර වස්ත්‍රාදි බාහිර රූපයන් කෙරෙහි ද ඒවා හොඳය-ඕනෑය යනාදීන් පවත්නා වූ ඇල්ම ය. මෙය ආධ්‍යාත්මික ස්කන්ධයන්හි අතිශයින් බලවත් ව පවතී. පවත්නේ ද මාගේ ඇස ය: මාගේ කණ ය: මාගේ දිව ය: මාගේ හිසකෙස් ය: මාගේ හිස ය: මාගේ අතය: මාගේ සැප…

Read More

තණ්හාව අතහැරිය යුතු ජීවිතය.

පිංවත, කල්‍යාණමිත්‍ර ආශ්‍රය නමැති මුල් ගලෙන් ආරම්භ වන මේ උතුම් ධර්ම මාර්ගය චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් අවසන් වෙනවා. ආරම්භය තෘෂ්ණාව හේතුවෙන්ම සිදු වුණත්, අවසානය සිද්ධ වෙන්නේ තෘෂ්ණාවේ නිරෝධයෙන්මයි. පසුගිය දවසක මහත්මයෙක් ප්‍රශ්නයක් විමසුවා, ස්වාමීන් වහන්ස, තෘෂ්ණාව දුකට හේතුව නම්, ඇයි අපි තෘෂ්ණාවෙන් පින් කරන්නේ කියලා. පිංවත, දුකට හේතුව තෘෂ්ණාව බව ඇත්ත. මේ ඇත්ත දැනගත් පමණින්, මේ…

Read More

ගින්දර අයිති විනාශයටමය.

පිංවත, අපි අතීතයේ කවදත් වැටි වැටී නැගී සිටි ජාතියක්. අපි වැටුණා කියලා කියන්නේ අකුසලය බලවත් වුණාය කියන කාරණයයි. අපි යළි නැගී සිටියාය කියලා කියන්නේ කුසලය බලවත් වුණාය කියන කාරණයයි. පිංවත, ඔබට මතක ද පසුගිය වසරේ පැවති මුළු රටම අරාජිකභාවයට පත්කළ ගෝල්ෆේස් අරගලය. ජනපති නිල නිවස, අගමැති නිල නිවස, ජනපති ලේකම් කාර්යාලය පවා අරගලකරුවන් සියතට ගත්…

Read More

ගැලවුම්කාර වේශයෙන් සමාජගත වෙන අකුසල්.

පිංවත, අපේ ජීවිත ඇලීම් සහ ගැටීම් වලින් පීඩාවට පත්වෙනකොට තීව්‍ර වෙන අවිද්‍යාවේ මන්දාරම ධර්මයේ විකසිතභාවයට බාධාවක්ම වෙනවා. විඳීමේ කෙලෙස් වලාවන් මතින් රූටා වැටෙන සංස්කාර ජල බිංදු ජරා, ව්‍යාධි, මරණ දුක් සාගරයම පෝෂණය කරනවා. පිංවත, සැබැවින්ම අපි දුකට කැමතියි. ඒ නිසාමයි අපි රූපය සතුටින් පිළිගන්නේ. රූපය සතුටින් ප්‍රාර්ථනා කරන්නේ. රූපය මම ය, මගේ ම යැයි රූපය…

Read More