Article
ආශ්වාදයට රැවැටීම නිසා ශීලය බිඳ ගැනීම.
පිංවත මේ දිනවල මාරයාගේ සංස්කාර ආදායම් වාර්තාගත විදිහට ඉහළ ගිහිල්ලා. එයා අතිකාල දමාගෙන අධ්‍යාත්මික සහ බාහිර රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන්ගෙන් ඇති තරම් සංස්කාරයෝ හම්බකරනවා. මාරයා හිතේ හැටියට සංස්කාරයෝ හම්බකරද්දී, කුසල් වෙළඳපොළේ කොටස් මිල හොඳටෝම කඩාවැටිලා. පිංවත මේ දවස්වල තම සංස්කාර ව්‍යාපාරයේ ප්‍රවර්ධනය උදෙසා මාරයා අලූත්, අලූත් වෙළඳ දැන්වීම් සමාජගත කරනවා. පිංවත ඔබ දැක්කාද අලූත්ම…
ආර්ය හුදෙකලාව ඝෝෂාව ඉදිරියේ නොබිදෙන්නකි.
සුන්දර වස්සාන කාලයෙන් හරි අඩක් ම ගෙවී ගිහිල්ලා. අදත් උදෑසන භික්ෂුව පිණ්ඩපාතයට කුටියෙන් බැහැරට වැඩීමට පෙරාතුව, මොහොතක් ඇස්දෙක පියා ගෙන ආවර්ජනය කළා, “මා විසින් සමාදන් වුණා වූ වස් ශීලය, මේ උදෑසන නැවත ආවර්ජනය කරමි”යි කියල. භික්ෂූන් වන අපි, සෑම උදෑසනක ම අප සමාදන් වූ වස් ශීලය අමතක වීමට ඉඩ නොදී ආවර්ජනය කළ යුතු වෙනවා. බුදුරජාණන්…
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවිය, ශීලයේ පළිහ දරාගත් දේශයේ සැබෑ රැකවලා වන්න.
මීට සති දෙකකට පෙරාතුව, රන් තැඹිලි පැහැයෙන් ප්රභාෂ්වරව ආලෝකවත් වූ, නව යොවුන් වෙසක් සඳ, රූපයේ, වේදනාවේ, හඳුනා ගැනීමේ, අනිත්‍යභාවය මොනවට කියා පාමින්, ආකාශයෙන් අතුරුදන්ව ගිහිල්ලා. කැලෑ පරිසරය තිත්ත කළුවරයි. තොරතෝංචියක් නැතිව කෑගසන, මුහුණ රවුම්, ලා දුඹුරු පැහැති කුඩා බස්සාගේ ගොරෝසු කට හඬ කැලය දෙසින් ඇසෙනවා. අපි හැමෝම කැමතියි, මිහිරි වචන, ප්‍රිය වචන, සත්‍ය වචන අහන්න….
ආදරේ අරුත මතු කරගන්න.
අද උදෑසන තරුණ යුවළක්, භික්ෂුව මුණගැසීමට කුටියට පැමිණියා. මේ දෙපළ විවාහවෙලා තිබෙන්නේ ගෙවී ගිය මැයි මාසයේදී. භික්ෂුව එම යුවළගෙන් ඇසුවා. ඔබලා විවාහ වූයේ යෝජනාවකින් ද, එසේත් නැතිනම් යාළුවෙලා ද කියල. තරුණ මහත්මයා ප්‍රකාශ කළේ මේ මගේ ඇවැස්ස නෑනා ය කියල. සමාජය දෙස බලන කොට, ආදරය කියන වචනයේ අර්ථය හරිම සංකීර්ණ බවකුයි පෙනෙන්නේ. නමුත් ධර්මයේ ඇසින්…
අවිද්‍යාවේ වියරු සත්‍යය දැන ගන්න.!
පිංවත, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන් තව තවත් ජීවිතයට සමීප කරලා අතීතයේ අත්විඳි සෑම විඳීමක්ම මිරිඟුවක් සේ ජීවිතයෙන් මැකී යනවා. උදේ සවස විදර්ශනාත්මකව මෙනෙහි කරමින් සිටින්න, රැලි වැටෙන සමක්, දිය වී යන මස්පිඬු ගොඩක්, දුර්වල වී යන ආයතන හයක් පමණක්මයි, ඔබ, මට වර්තමානයේ ඉතිරිකොට දී තිබෙන්නේ. භික්ෂුවට මතකයි ගිහි ජීවිතයේ දී ඔබ එනතුරා මම මග…
අපේ ජීවිත පෝෂණය කරන ධම්මානුපස්සනාව…
පිංවත, දුක ජය ගන්න නම් සැපය සතුටින් පිළිගන්න එපා. දුකත්, සැපත් යන දෙක කෙරෙහිම උපේක්ෂා සහගත වෙන්න. එතැනයි දුකේ සහ සැපයේ නිරෝධය තිබෙන්නේ. කවදාකවත්ම ඔබේ ගැටෙන සිතත් සමග ඔබ ගැටෙන්න එපා. ඔබේ සතුටු සිතත් සමග ඔබ ආස්වාදය ලබන්න එපා. ඔබ තුළ සකස්වෙන ඇලීම් සහ ගැටීම් සිතුවිලි සමග සාකච්ඡා කරන්න. ඔබ කොහොම ද සාකච්ඡා කරන්නේ? “සිත”…
අනෝතප්ත විල අතහැර පිහිනුම් තටාකයට පනින අසරණයෝ.
රාත්රියේදී සියලූ වැඩ කටයුතු අවසන් වුව ද නිදි ඇඳේදී හෙට ගැන සැලසුම් කරනවා. ඒ කියන්නෙ අනාගත රූපස්කන්ධ තෘෂ්ණාවෙන් රත් කරනවා. හෙට උදෑසන විඳීම් සෙවීමේ බලාපොරොත්තුවෙන් ජීවිතය නමැති තුඹස දුම් දමනවා. පින්වත් ඔබ රාත්‍රියට සිහින දකින්නේ, උදෑසන අවදි වෙන්නේ රාත්‍රි තුඹසේ නොනිමී තිබූ දුම්රොටු වලින් රත්වෙලාය. ඒ නිසා ම පින්වත් ඔබේ ජීවිතය උදෑසන පටන් ගිනි ගන්නවා….
අනිත්‍ය මතුකොට දක්වන පෙරගමන්කරු.
පිංවත, ලස්සන මලක් දැක්කොත්, ඔබ ඒ ලස්සන මලට සුවපත් වේවා යැයි සිතන්න. එවිට ඔබේ සිත ඒ මලට වඩා ලස්සන වේවි. දැන් ඔබට පුළුවන් සුවපත් වේවා යැයි සකස් වූ මෛත්‍රී චිත්තය විදර්ශනාවෙන් දකින්න. එවිට ඔබේ සිත ප්‍රඥාවෙන් ආලෝකවත් වේවි. පිංවත, ලස්සන දේවල් අපි දකින්නේ අපේ පටිච්චසමුප්පන්න පෙර පින නිසාමයි. අනාගතයේ දවසක් එනවා, ලස්සන දේවල් ලෝකයෙන් අතුරුදන්…
අතින් අල්ලන් අපායේ ගිල්වන මිතුරුකමද? කෙස් වැටියෙන් ගෙන දහමේ ඔබන මිතුරුකමද?
වර්තමාන සමාජයේ පින්වතුන්ලා හුඟ දෙනෙක් සද්ධර්මය ගැන කතාබහ කළත්, සද්ධර්මය ශ්‍රවණය කළත් එම ධර්ම මාර්ගය තුළ ගමන් කරල ධර්මාවබෝධයක් කරා ගමන් කරන්නේ නැහැ. එය හරියට වැසි වළාකුළු වලින් ආකාශය බර වෙලා තිබුණත් වැස්ස වහින්නේ නැතුව වගේමයි කියල ධර්මයේ සඳහන් වෙනවා. වෙලාව රාත්‍රී අටත් පසුවෙලා. ගම්මානය දෙසින් වේග රිද්මයේ සංගීත හඬක් යාන්තමට ඇසෙනවා. මේ සංගීත හඬ…
සිවුවන තථාගත බලය.
(අනේකධාතු නානාධාතු ලෝක දන්නා නුවණ.) ‘පුන ච පරං සාරිපුත්ත, තථාගතො අනෙක ධාතු නානාධාතු ලොකං යාථාභූතං පජානාති, යම්පි සාරිපුත්ත තථාගතො අනෙකධාතු නානා ධාතුලෝකං පජානාති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසහං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති’. අනේකධාතු නානාධාතු ලෝකය තත්ත්වාකාරයෙන් දන්නා ඤාණය එක් එක් තථාගත බලයක් බව මෙයින් දක්වන ලදී. සම්පූර්ණයෙන්ම…