Article
භික්ෂුවකගේ වගකීම අපමණය.
මෙතෙක් පරිසරයේ තිබුණ නිහඬභාවය බිඳලා, පරිසරය හොඳටෝම අඳුරු කරලා, මේ මහ දවල් වැස්සක් පටන් ගත්තා. නිරතුරුවම වෙනස් වෙන පරිසරය වගේමයි, අපේ සිතත්, එකපාරට ම වෙනස් වෙලා යනවා. මෛත්‍රිය කේන්තියක් වෙලා යනවා. සප්තබොජ්ජංග ධර්මයන් පංචනීවරණයන් වෙලා යනවා. නොසිතූ වෙලාවක. නොපැතූ විලසින් කුසල් සහ අකුසල් සිත් අප තුළ ඇතිවෙනවා. මෙවැනි කුසල් සහ අකුසල් සංස්කාරයන් පසුකාලයක විපාකයට පැමිණෙද්දී,…
භික්ෂුව මල් පාවඩ මතින් ගමන් කළේ ඇයී ?
ගිහි පිංවතුන්ලාට පින විපාක දෙන විට, එම සැපයන්ගෙන් පලා යන්න කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ නැහැ. බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ, පෙර පින නිසා ලැබෙන ආයුෂ, වර්ණය, සැපය, බලය ශිල්පද ආරක්ෂාකොටගෙන භුක්ති විඳින්නය කියලයි. ගිහි පිංවත් ඔබ පින ප්‍රතික්ෂේප කරනවා නම්, සැපය ප්‍රතික්ෂේප කරනවා නම් ඒ තමන් ප්‍රතික්ෂේප කරන්නේ ධර්මයේ අර්ථයනුයි. මේ සටහන් තබන භික්ෂුව පසුගිය වසර දෙකේදී…
භවය යනු කඳුළු සාගරයකැයි නුවණින් දකින දා.
සමාධිය ගැන කථා කිරීමේදී කොතැනකින් හෝ මතුවී එන්නේ ශීලයේම ශක්තියයි. ශීලයේ දුර්වලභාවය නිසාමයි සතර අපාය නිර්මාණය වී තිබෙන්නේ. ඒ හේතුව නිසාම පිංවත් ඔබ භාවනාවට පෙර ශීලය ගැනත්, සතර අපාය ගැනත් පූර්වකෘත්‍යයක් ලෙස මතක් කරන්න. මේ ලෝකයේ යම් මනුෂ්‍යයෙක්, දෙවියෙක්, බ්‍රහ්මයෙක් චතුරාර්ය සත්‍ය, අරහත් ඥානය අවබෝධ කරගැනීමට මොහොතකට පෙරාතුව ඉහළ සමාධි තලයකදී තම අනුදැනුමකින් තොරවම පූර්වේ…
භවය යනු කඳුළු සාගරයකැයි නුවණින් දකින දා …
සමාධිය ගැන කථා කිරීමේදී කොතැනකින් හෝ මතුවී එන්නේ ශීලයේම ශක්තියයි. ශීලයේ දුර්වලභාවය නිසාමයි සතර අපාය නිර්මාණය වී තිබෙන්නේ. ඒ හේතුව නිසාම පිංවත් ඔබ භාවනාවට පෙර ශීලය ගැනත්, සතර අපාය ගැනත් පූර්වකෘත්‍යයක් ලෙස මතක් කරන්න. මේ ලෝකයේ යම් මනුෂ්‍යයෙක්, දෙවියෙක්, බ්‍රහ්මයෙක් චතුරාර්ය සත්‍ය, අරහත් ඥානය අවබෝධ කරගැනීමට මොහොතකට පෙරාතුව ඉහළ සමාධි තලයකදී තම අනුදැනුමකින් තොරවම පූර්වේ…
බෞද්ධ උපාසකයකු සතුව තිබිය යුතු, උපාසක ගුණ දශය.
“දසිමෙ මහාරාජ, උපාසකස්ස උපාසක ගුණා. කතමෙ දස? ඉධ මහාරාජ, උපාසකො සංඝෙන සමාන සුඛ දුක්ඛෙ, ධම්මාධිපතෙය්යො විහරති යථාබලං සංවිභාගරතො හොති. ජිනසාසන පරිහානිං දිස්වා අභිවුද්ධිං වායමති, සම්මා දිට්ඨිකෝ හොති. අපගත කොතුහල මංගලිකො ජීවිත හෙතුපි න අඤ්ඤං සත්ථාරං උද්දිසති. කායිකං වාචසිකං ච රක්ඛිතං හොති. සමග්ගාරාමො හොති සමග්ගරතො, අනුසුය්‍යකො හොති, න ච කුහක වසෙන සාසනෙ චරති, බුද්ධං සරණං ගතො…
බුදුපියාණන්ගෙන්ම කමටහනක් ලබා ගන්න.
සම්බුද්ධ ශාසනයක් මුණගැසී තිබෙන මෙවැනි දුර්ලභ අවස්ථාවක, ගිහි පැවිදි අපි වඩාත් උත්සහගන්නේ ශාසනය ආරක්ෂා කරගැනීමට සහ ශාසනයේ බර කරගසා ගැනීමටය. පිරිත, ධර්ම දේශනා, දානමය පිංකම්, විහාර නඩත්තුව, සංවර්ධනය, දහම් පාසල්, ආගමික උත්සව, සමාජ සේවා, සමාජ සේවා කටයුතු නිසා දවසේ නිදි නොලබා අවිවේකයෙන් සිටින විට ඔබට දැනෙන වෙහෙස ඔබ දකින්නේ ශාසනයේ බර කරගසා ගැනීම නිසා ඇතිවෙන…
බුදු හාමුදුරුවො අපිට කරන්න බැරි කිසි දෙයක් දේශනා කරලා නැහැ
ධම්මපදය දණ්ඩ වග්ගය කාටවත්ම නපුරු වචන කියන්ට එපා! නපුරු වචන කියන්ට ගියොත් අනිත් උදවිය ඔබට පෙරලා, නපුරු වචන කියාවි. රණ්ඩු ඇතිවෙන කතා බස් ඇති කරගැනීම දුකක්. එයින් ඔබටමයි පෙරළා කරදර වෙන්නෙ. ශබ්දය හටගන්න ලෝහ බඳුනක් කඩලා දැම්මා වගේ වචනය සංවර කරගෙන, තමන්ගේ ජීවිතය නිශ්ශබ්ද කරගත්තොත්, තමන් තුළම නිවිලා යනවා. එතකොට ආරවුල් හටගන්නෙ නෑ. ගොපල්ලෙක් කෙවිටෙන්…
බුදු නෙතින් දුටු මිනිස් සිතක විසිතුරු බව.
බුදුදහම තරම් මිනිස් සිත පිළිබඳ අවධානය යොමු කළ ආගමික දර්ශනයක් ලොව ආගම් ඉතිහාසයේ දක්නට නොලැබේ. සමස්ත බුද්ධ දේශනාව ම සිත පදනම් කොට කරන ලද ඉගැන්වීමක් හෙයින් බුදුදහම මනෝ විද්‍යාත්මක ඉගැන්වීම් සමුදායක් වශයෙන් සැලකීම වඩාත් ම උචිතය. ගෞතම බුදුරජාණන් වහන්සේගේ විමුක්ති පරමාර්ථයේ දී උන්වහන්සේගේ අවධානයට යොමු වූයේ බඹයක් තරම් වූ ශරීරයක් දරමින් ඒ තුළ ක්‍රියාත්මක වන…
බුදු දහමේ විස්තර කරන භාර්යාවන් වර්ග..
නමෝ බුද්ධාය වරක් භික්ෂූන් වහන්සේ ඇමැතූ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ස්ත්‍රිය කරුණු අටකින් පුරුෂයාගේ සිත පැහැර ගන්නා බව දේශනා කළහ. එනම් ස්ත්‍රිය රූපයෙන්, සිනහවෙන්, කතාවෙන්, ගීතයෙන්, හැඬුමෙන්, ක්‍රියා කලාපයෙන් තුටු පඬුරු දීමෙන් මෙන් ම ස්පර්ශයෙන් ද පුරුෂයාගේ සිත පැහැර ගනියි. “අට්ඨහි භික්ඛවේ අකාරේහි ඉත්ථිපුරිසං බන්ධති. කතමෙහි අට්ඨ රූපේන භික්ඛවේ ඉත්ථි පුරිසං බන්ධති. හසිතේන භික්ඛවේ ඉත්ථි…
බුදු ගුණ කල්පයක් පුරා බුදුරජාණන් වහන්සේ නමක්ම සිහි කලද කල්පය ගෙවී යන්නේය.තවත් බුදු ගුණ ඉතිරි වන්නේය.
▼ ලොව භාග්‍යවත් පුද්ගලයින් බොහෝ ඇත. සතර අපායෙන් මිදී මිනිස් භවයක උපන්නා භාග්‍යවත්ය. මිනිස් ලොව බොහෝ ලෙස ලෞකික සැප විඳින්නන් වේ. දෙව් ලොව ඉපදුනු අයට දුකක් කියා දෙයක් නොදැනෙන තරම්ය. එතරම් සැප එම ලෝක වල ඇත. බ්‍රහ්ම ලොව ගත් කල ඔවුන් ධ්‍යාන සුඛයෙන් යුතුව කල් ගෙවති. බ්‍රහ්ම ලෝක වලද ඉහල ඉහල බ්‍රහ්ම ලෝකයන්හි ඇති සුවය…