පින්වත් ඔබට ,ඔබ නිසා ,ඔබ අතින් සත්ත්ව ඝාතනයක් ,සත්ත්ව හිංසනයක් සිදුවේ යැයි අනුමාන කරනවා නම් ඒ ස්ථානය ,අවස්ථාව මගහැර යන්න.සතා මදුරුවෙක් වුවත් කමක් නැහැ.ඔබ සවස අදුර වැටීගෙන එනකොට එළි පහළියේ වාඩිවෙලා සිටිනවා .එවැනි තැනකදී ඔබට මදුරුවෝ දෂ්ට කරන නිසා මදුරුවෝ මරන්න සිද්ධ වෙනවා නම් ඔබ මදුරු දගරයක් පත්තු කරගන්න ..මදුරු දැලක් භාවිතයට ගන්න .එවැනි දෙයක් කරන්න බැරි නම් එම ස්ථානය මගහැර යන්න.මදුරුවාට පහරදීමෙන් ඔබලබන තාවකාලික ආශ්වාදයේ ,දීර්ඝ කාලීන කටුක ආදීනවයක් දකින්න.ඔබට පීඩා කරන ලොකු කුඩා කුමන වර්ගයේ සතෙක් හමුවුවද එම සතා මාරයා බව දැන ගන්න.රූපය යම් තැනකද එතන මාරයා ඇත කියලා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා .ඒ කියන්නේ එම සතා නිසා ඔබට කල්ප ගණනක දුකක් සතර අපායේ විදින්න සිදුවෙන්න පුළුවන් .මාරයාගෙන් මිදෙන්න.බේරෙන්න නේද ඔබ මේ හැම පින්කමක්ම කරන්නේ .එම නිසා තිරිසන් සත්ත්ව වේශයෙන් ඔබ ඉදිරියට එන මාර උගුලෙන් ඔබ බේරෙන්න.එම මාර උගුල ඔබ මගහැර යන්න .එවිට ඔබ මගහැර යන්නේ දුකයි .දුක මගහැර යාමට දක්ෂ කෙනාමයි කවදාහරි දුක අවබෝධ කර ගන්නේ.මේ සදහා ඔබට ජවය ශක්තිය ලබා දෙන්නේ සීලයයි.එහෙයින් ජීවිතය පරදුවට තබා සිල්පද ආරක්ෂා කර ගන්න.සීලය උදෙසා පරදුවට තබන ඔබේ ජීවිතයත් අනිත්‍යයට අයිති දෙයක් .අනිත්‍යයට ,දුකට අයිති ඔබේ ජීවිතය පරදුවට තබා ඔබ ආරක්ෂා කර ගන්නා සීලය අයිති දුකින් මිදීමේ මාර්ගයට.ඒ කියන්නේ සතර අපායෙන් මිදීමේ ඒකායන මාර්ගයට .
(මහ රහතුන් වැඩි මග ඔස්සේ කෘතියෙන් )
මාර උගුලෙන් බේරෙමු.