මහණෙනි මේ ලෝකයෙහි දෙදෙනෙකුට කළගුණ සලකා ඉවරයක් කරන්න බැහැ. ඒ තමයි මව සහ පියා. ඉතාමත්ම ජරා ජීර්ණවූ මව්පියන් දෙදෙනා උරහිස් දෙකේ හිඳවාගෙන අවුරුදු 100 ක් සියලුම වතාවත් කරමින් නෑවීම් ඇඟ ඉලීම් ආදි උපස්ථාන කරමින් සිටියත් මව්පියන් දරුවන් වෙනුවෙන් කළ දේට ප්‍රතියුපකාරයක් නොවන බව“බුදුරදුහු පෙන්වා දුන්හ.
තවදුරටත් බුදුරදුහු “මහණෙනි, කිසියම් පුත්රයෙක් තමාගේ මවත් පියාත් සත්රුවනින් පිරුණ මහ පොළොවේ සක්විති රජකමට පත් කළත් මුළු මහත් පොළොවෙහි අධිපතිකමට පත් කළත් මව්පියන් දරුවන්ට කළ අනුග්රහයට ප්රත්යුපකාරයක් නොවන බව බුදුරදුහු පෙන්වා දුන්හ.
නමුත් යම්කිසි පුත්රයෙක් ශ්රද්ධාව නැති තමන්ගේ මව්පියන් ශ්රද්ධා සම්පත්තියෙහි පිහිටුවනවානම්, ශීල සම්පත්තිය නැති මව්පියන් ශීල සම්පත්තියෙහි පිහිටුවනවා නම්, ත්යාග සම්පත්තිය නැති මව්පියන් ත්යාග සම්පත්තියෙහි පිහිටුවනවා නම්, ප්රඥාව නැති මව්පියන් ප්රඥා සම්පත්තියෙහි පිහිටුවනවා නම් එම පුත්රයා මව්පියන්ට කළ ගුණ සැලකූ අයෙකු ලෙසත් තමාට කළ උපකාරයට උදව්වට වඩා කෘතවේදිත්වය දැක්වු පුතෙකු ලෙසත් සැලකිය හැකි බව බුදුරදුහු පෙන්වා දුන්හ.
මව්පිය දෙපළ ශ්රද්ධාදී සම්පත්තීන්හි පිහිටුවා නිර්වාණාවබෝධය ලබාදීමට කටයුතු කිරීමම මව්පියන් වෙනුවෙන් දරුවන්ට කළ හැකි ලොව ශ්රේෂ්ඨතම උත්තරීතරම උපකාරය, කළගුණ සැළකීම වන්නේය.