Article
ජීවිතය යන ප්‍රශ්නාවලියට පූර්ණ පිළිතුර.
උතුම් පැවිදි ජීවිතය ගතකරන අපි, පාංශකූල චීවරය, පිණ්ඩපාතයෙන් යෑපීම, කැළයේම හුදෙකලාව ජීවත්වීම, එකවේලක් යෑපීම කියන කාරනා නිවන් මාර්ගය මෝදුකොටගැනීමට, සත්තිස් බෝධිපාර්ශ්වික ධර්මයන් වැඩීමට උපකාරක ධර්මයන් බවටයි පත්කොට ගතයුත්තේ. එසේ නැතිව එම උපකාරක ධර්මයන් නිවන් මාර්ගයේ ඵලයක් හැටියට ගැනීමට නොවෙයි. මොකද භික්ෂුව දැකලා තිබෙනවා, සමහර පිංවත් ස්වාමීන්වහන්සේලා එකවේලක් පිණ්ඩපාතයෙන් යෑපීම නිසා තමාගේ පැවිදි දිවියේ අරමුණු ඉටුවුණාය…
ජීවිතය මරණයට දානවා කියන්නේ කුමක් ද?
ප්රශ්නය :- අවසරයි ස්වාමීන් වහන්ස, ජීවිතය මරණයට දානවා කියන කාරණය දැන් මෙතන ගත්තත් ඕනෑම භික්ෂුවකට කරන්න පුළුවන්ද..? එහෙම නැත්නම් ධර්ම මාර්ගය තුළ යම් සන්ධිස්ථානයක් තියෙනවද..? (සසර දුකින් එතෙර වීම පිණිස ගුණ පිළිවෙත් පුරන භාවනානුයෝගී ස්වාමීන් වහන්සේලා විසින් පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ සමඟ අත්දැකීම් හුවමාරු කරගෙන සිදුකල ධර්ම සාකච්ඡාක් ඇසුරෙනි.) පිළිතුර :- ඒක ස්වාමීන් වහන්ස,…
ජිවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ.
මේ සටහන ලියන රාත්‍රියේ භික්ෂුව දෑස් දෙක පියාගෙන අතීත වේදනාවන් පිළිබඳ අතීතාවර්ජනයක යෙදුණා. මැරෙමින් ඉපදෙමින් පැමිණි දීර්ඝ බව ගමන සිනහව, කඳුළ, දුක, සැප, ප්‍රියයන් අප්රියන් හිමි වීම, අහිමිවීම, මේ සෑම දෙයක් තුළින්ම සකස් වූ වේදනාවන් හිස් දෙයක් වශයෙන්මයි භික්ෂුවට අරමුණු වෙන්නේ. විවේකීව සිටින සෑම මොහොතකම පිංවත් ඔබත් අතීත වේදනාවන් පිළිබඳ අතීතාවර්ජනයක යෙදෙන්න. ඊයේ දවසේ පිංවත්…
චීවරය සෝද සෝද මඩේ දැමීම නවතමු.!
පිංවත් ඔබේ භික්ෂු ජීවිතයට ඔබ නැවත හැරෙන්න. කොතනකවත් ඔබට වැරදීමක් වෙලා නැහැ. ඔබ නිවරැදි තැනයි සිටින්නේ. නිවරැදි තැන කියන්නේ ඔබ සිතන්න දක්ෂ තැනයි ඔබ සිටින්නේ. ඔබ සිතනවානම් ඔබ ඉන්නේ වැරදි තැනකයි කියලා මෙතෙක් ඔබ සිතුව ක්‍රමය වෙනස්කර ගන්න. ජවය, නිවැරදි ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ඉලක්කය කරා යොමුකර ගන්න. අතීත සම්මා සම්බුද්ධ ශාසනවල ඔබත් මමත් ඉපදිලා දස…
ගෞතම බුදු සසුන කරා එකම රෑනක් සේ ඇඳුණු උතුමන්ගේ ගමනක ආශ්චර්යය ම නොවේ ද මේ…
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘පුණ්න, මහණ, කාමයන් නොපතයිද, ප්‍රියමනාපයැයි නොකියයිද, ගැලී නොසිටීද…. පුණ්න, එය නොපතන, ප්‍රියමනාප යැයි නොකියන, ගැලී නොසිටින… එම භික්ෂුවගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණාව නිරෝධයෙන් දුක නිරෝධය වේය කියලා. භික්ෂුවක් උතුම් පැවිදි ජීවිතයේදී ලබන, උතුම් සම්මා විමුක්තිය පැවිදි දිවියක පස්වැනි ඵලයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එසේම උන්වහන්සේ දේශනා කරනවා, රහත්බවට පත් යම්…
ග්‍රහයන්ගේ ග්‍රහණයට හසු වූ අසරණයන්ට…
මේ දවස්වල භික්ෂුව වැඩ සිටින කුටිය අවට තිබෙන පළු ගස් කැලයේ පළු ගෙඩි හට අරගෙන මුළු පළුයායම කහ පාටින් පෙනෙන්නේ. වෙසක් මාසයේ සෞම්‍ය දේශගුණයත් එක්ක සෑම සතා සිව්පාවෙක්ටම හොඳහැටි ආහාර තිබෙනවා. භික්ෂුවගේ කුටිය වටේ තිබෙන වැලිමළුව නිතරම අපවිත්‍ර වෙලා තිබෙන්නේ. වැලි පොළවට වැටෙන පළුගෙඩි කන්න හරක් නිතරම වැලි මළුවට එනවා. හරක් කුර සටහන්වලින් වැලිපොළව අපවිත්‍ර…
ගස් නගින දෙවියකු වී කුමට…..?
භික්ෂුවට පසුගිය කාලවකවානුවේදී අවස්ථා කිහිපයකදීම පිංවතුන් තම නිවසේ, විහාරස්ථානයේ පැවති පිංකම්වලදී ලබාගත් ඡයාරූපවල දිව්‍ය ආලෝකයන් තිබෙන බව ප්‍රකාශ කළා. එම ඡයාරූප ගෙනත් පෙන්වුවා. ඇත්තටම ඒවා දිව්‍ය ආලෝක ද කියන්න භික්ෂුව දන්නෙ නැහැ. යම් පිංවතෙක් එම ආලෝක නියත වශයෙන්ම දිව්‍ය ආලෝකයක්ය කියලා හිතලා ඒ තුළින් සතුටට පත්වෙනවා නම් තව තව පිංකම් කරගැනීමට, සිදු කරගැනීමට යොමු වෙනවා…
කොරෝනාව ඇසුරින් මරණ කර්මය තේරුම් ගැනීම!
ලොවුතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ලෝකය කියන්නේ කැඩෙන, බිඳෙන, විසිරෙනවාය කියන අර්ථයයි කියලා. රූපය කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් පවතිනවා. වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් පවතිනවා. කොරෝනාවේ නාමයෙන් අපි මේ ඒහිපස්සිකව අත්දකින්නේ, ලෝකය කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් පවතින ස්වභාවයම නේද? කොරෝනා අකුසලය හේතුවෙන් සතර මහා ධාතුවෙන් සැදුන මනුෂ්‍ය රූප කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් තිබෙන අපූරුව අසල්වැසි ඉන්දියාව…
කොරෝනා අකුසලයෙන් මිදීමට අපි කුමක් ද කළ යුත්තේ?
අවසානයක් නොපෙනෙන කොරෝනා අකුසලයෙන් හෙම්බත්ව, දුකට හේතුවෙන ඇලීම් සහ ගැටීම් වලින්ම කොරෝනාව පිළිගන්න. පිංවතුන්ලා නිරතුරුවම විමසනවා, ස්වාමින් වහන්ස, කොරෝනා අකුසලයෙන් මිදෙන්න අපි කුමක්ද කළ යුත්තේ කියලා. මේ ප්‍රශ්නයට ධර්මානුකූලව බොහෝම කෙටි පිළිතුරක් තිබෙන්නේ. කරුණාකර පිංවත් ඔබ දුකට එකම හේතුව වන තෘෂ්ණාව, සියුම් කොටගෙන පංචඋපාදානස්කන්ධ ලෝකය බුක්ති විඳින්නය කියලා. කොරෝනා අකුසලයෙන් මිදීමට පිංවත් ඔබලාට ආයුෂය, වර්ණය,…
කුසල් සංස්කාරයන් නිසා ආදරය ශක්තිමත් වේ.
අද උදෑසන තරුණ යුවළක්, භික්ෂුව මුණගැසීමට කුටියට පැමිණියා. මේ දෙපළ විවාහවෙලා තිබෙන්නේ ගෙවී ගිය මැයි මාසයේදී. භික්ෂුව එම යුවළගෙන් ඇසුවා. ඔබලා විවාහ වූයේ යෝජනාවකින්ද එසේත් නැතිනම් යාළුවෙලා ද කියලා. තරුණ මහත්මයා ප්‍රකාශ කළේ මේ මගේ ඇවැස්ස නෑනාය කියලා.. සමාජය දෙස බලනකොට, ආදරය කියන වචනයේ අර්ථය හරිම සංකීර්ණ බවකුයි පෙනෙන්නේ. නමුත් ධර්මයේ ඇසින් ආදරය කියන අර්ථය…