Article
භික්ෂුව උතුම් සමාධියෙන් දුටු ප්රේත ඇමැතිවරයා.
අප මහා පීඩාවක් ලෙසින් ගත් උතුරේ පැවැති දශක තුනක ත්රස්තවාදයට වඩා සතර අපායේ කල්ප ගණන් පීඩා විඳින සතර අපායේ ‘ත්රස්තවාදය’ මොන තරම් භයානක වුවත් මිනිසුන් ඒ අතිභයානක තත්ත්වය ගැන නොසිතීම මහා අවාසනාවක්. සතර අපායෙන් මිදීමේ සැබෑ මග ධර්මය විසින් හොඳින් එළි පෙහෙළි කර පෙන්වා දී තිබියදීත් සතර අපායේ ත්රස්තවාදයෙන් නොමිදුනු අවාසනාවන්ත මහත්මයෙකුගේ නොපෙනෙන ලෝකයේ කථාවක්…
බොරුව කෙරෙහි වෛර කර කිසිදිනක සත්යය දිනවිය නොහැක.
දීර්ඝායුෂ ලබන්න අපි හැමෝම කැමතියි. භික්ෂුව අද උදෑසන පිණ්ඩපාතයට නිවසකට වැඩම කළ මොහොතේ, එම නිවසේ වයෝවෘද්ධ අම්මා කෙනෙක් කියනවා “අනේ ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ මගේ ආයුෂත් අරගෙන ජීවත් වේවා” කියල. භික්ෂුව එම වයෝවෘද්ධ අම්මාට ප්රකාශ කළේ, “එසේම වේවා මෑණියෝ” කියල. භික්ෂුව එහෙම ප්රකාශ කළේ එම අම්මාගේ ආයුෂ භික්ෂුවට ලැබෙන නිසා නොවේ. ඇය මහා සංඝරත්නය කෙරෙහි…
බිය දැනුණු තැන සිහි කරනු මේ බුදු වදන්.
දැන් වේලාව රාත්රි අටට විතර ඇති. කුටිය ඉදිරිපිට ලෑලි බංකුවේ වාඩි වෙලා පරිසරය දෙස බලද්දී පොසොන් සඳඑළියෙන් පරිසරය හොඳටෝ ම ආලෝකවත් වෙලා. කුටිය ඉදිරිපිට වැලිමළුව මතට පතිත වී ඇති කොළ සහ අතු වල සෙවණැලි සුළෙඟ් රිද්මයට බොහෝම විරාගී නර්තනයක් ඉදිරිපත් කරනවා වගේ. ස්වාභාවික සතර මහා ධාතුවේ කිපීම් නිසා ප්රචණ්ඩ වන පරිසරය තවත් වරෙක පුංචි දරුවෙක්…
පරාර්ථකාමතා වේශයෙන් වඤ්චක ලෝභය.
රේරුකානේ ස්වාමීන් වහන්සේ. උපුටා ගැනීම, වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම ග්රන්තයෙන්. පරාර්ථකාමතා” යනු කුශලච්ඡන්දයකි. අනුන්ගේ යහපත පිණිස ක්රියා කරන පරාර්ථකාමී සත් පුරුෂයන් ඒ නිසා කීර්ති ප්රශංසා ගරු බුහුමන් ලාබ සත්කාර තනතුරු ලබනු දක්නා තැනැත්තා කෙරෙහි තමාටත් ඒවා ලැබීමේ ආශාව ඇති වේ. කීර්ති ප්රශංසාදිය ලබනු පිණිස අනුන්ට වැඩ කිරීම වනාහි අනුන්ට යහපත කිරීමේ ආකාරයෙන් ආත්මාර්ථය ම…
පංච උපාදානස්කන්ධ ලෝකය පවතින සීමාව.
අද උදෑසන භික්ෂුවට ලැබිලා තිබුණ පිණ්ඩපාත දානයේ සෑම වෑංජනයකටම තෙල් සහ මිරිස් හුඟාක් ම වැඩියි. දීර්ඝ වෙලාවක් නිරාහාරව තිබෙන උදරයට, උදේට, තෙල් සහ මිරිස් අඩුවෙන්ම තමයි දානය සකස් කරන්න සුදුසු වෙන්නේ. හැබැයි ඉතිං භික්ෂුව අත්දැකීමෙන්ම දන්නවා, යම් නිවසක, තදින් බුලත්විට හැපීමට, එසේත් නැතිනම් මත් වතුර බීමට, එසේත් නැතිනම් ටිකක් තදින් කේන්ති යන ස්වභාවයේ පිංවතුන් සිටිනවා…
තෘෂ්ණාවෙන් පෝෂණය වන විඤ්ඤාණය නමැති මායාකරුවා.
පිංවත, ඔබ කාට කොතරම් ආදරය කළත්, ආදරය කියන වචනයේ අර්ථය තෘෂ්ණාවම නේද? පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවට ලස්සන, සිනිඳු, මටසිළිටු මෝහයේ ඇඳුම් අන්දවලා, මම ය, මගේ මය, මගේ ආත්මය මය යැයි කියන සක්කාය දිට්ඨියම සෙනෙහසින් අත්පැන් වත් කරලා, දුකට එකම හේතුව වන තෘෂ්ණාවට අපි ආදරය යැයි කියනවා. ආදරය කියන ආදරණීය වචනයට සැඟවිලා, තෘෂ්ණාවෙන්ම පෝෂණය වෙන විඤ්ඤාණය…
තෘෂ්ණාව දුරු කළ නව වසරක් !
උපුටා ගැනීම – දිවයින ඉරුදින පුවත්පත. පිංවත, 2022 නව වසර උදාවුණා. පිංවත් ඔබ උදාවුණ නව වසර ධර්මානුකූලව පිළිගත්තා ද, එසේත් නැතිනම් ඇලීම් සහ ගැටීම් දෙක තුළ මොනවට දෝලනය වෙමින් සද්ධර්මයෙන් බැහැරව අලුත් අවුරුද්ද පිළිගත්තා ද? පිංවත් ඔබ මොහොතක් දෑස් පියා ගන්නකෝ. දැන් නුවණින් දකින්න, මේ ලැබුවා වූ නව වසර ඔබේම කුසල් සහ අකුසල් සංස්කාරයන්ට අදාළව…
ජයග්රහණය ලබන්නේ පරාජය තුළින්මයි.
පින්වත, පංච උපාදානස්කන්ධ ලෝකය පටිච්චසමුප්පන්නව භව පච්චයා ජාති ඔස්සේ සක්රීය වෙන්නේ කුසල් සහ අකුසල් සංස්කාරයන්ගේ කිරි ගහට ඇන්නා වගේ විශ්වසනීය ක්රියාත්මකභාවය නිසාම යි. ඒ නිසා ම ජයග්රහණය සහ පරාජය අපි හැමෝගේම ජීවිතවලට පොදු ධර්මතාවයක් වෙනවා. අපි හැමෝම ජයග්රහණයන්ට පුදුමාකාර කැමැත්තක් දැක්වුවත්, පරාජයන්ට අපි දක්වන්නේ පුදුමාකාර අකමැත්තක්. අපි ලබන පරාජයන්ට අපි අකැමැත්තක් දැක්වුවත්, ඊට පටිච්චසමුප්පන්නව හේතුවෙන…
චේතනාව ම කුශලය නම් මහන්සි නොවී වස්තුව වියදම් නො කොට චේතනාව පමණක් ඇති කර ගත්තාම මදි ද?
මෙය චේතනාව නො හැඳිනීම නිසා නඟන ප්රශ්නයෙකි. පරමාර්ථ ධර්මයන් ගැන දැනීම නැති අයට චේතනාව කුමක් ද? යන බව තේරුම් ගැනීම අපහසු ය. පරමාර්ථ ධර්ම ගැන දැනුම නැති බොහෝ දෙනා යම් කිසිවක් කරන්නට අදහස් කිරීම, නැතහොත් සිතීම චේතනාවය කියා වරදවා තේරුම් ගෙන සිටිති. මේ ප්රශ්නය නගන්නේ ඒ අය ය. ‘චේතනාවය’ යි කියන්නේ ඒ ඒ ක්රියා සිදුකිරීම්…
චිත්ත විවේකය වෙනුවෙන් සිල්වත් ජීවිතයක්.
පිංවත, ඔබ විසින් ඔය අත්විඳින ජරා, ව්යාධි, මරණ, ශෝක, පරිදේවයන්ගේ දුක, ඔබ විසින්ම ඇතිකොටගත් දෙයක් ද, එසේත් නැතිනම් වෙනත් කෙනෙක් ඔබට දුන්න දෙයක් ද? පිංවත, ඔය ජරා, ව්යාධි, මරණ දුක ඔබ විසින් ඇතිකොටගත් දෙයක් නොවේ. ඔය දුකට එකම හේතුව අවිද්යාවයි. පිංවත් ඔබ සිතුවොත් මා අත්විඳින දුක මා විසින්ම ඇතිකොටගත් දෙයක්ය කියලා, ඔබට කවදාකවත් දුකෙන් මිදෙන්න…