Article
සාරාසංඛ්ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරීමේ අවසන් පරමාර්ථය මෙය නොවේ ද?
පංච උපාදානස්කන්ධය තේරුම් ගනිමු. කුසිනාරා නුවර බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පෑ මොහොතේ මල්ල රජ දරුවන් මොනතරම් හඬා වැටුනාද… සාරිපුත්ත මහරහතන්වහන්සේ පිරිනිවන් පෑවාය කියලා දැනගත්ත මොහොතේ ආනන්ද ස්වාමීන්වහන්සේ බුදුරජාණන් වහන්සේට පවසනවා ‘භාග්යවතුන් වහන්ස, සාරිපුත්ත මහරහතන් වහන්සේ නමැති උතුම් කළ්යාණ මිත්රයා පිරිනිවන්පෑවාය කියන කාරණය ඇසූ මට දිශාවක් නොපෙනී ගියා. මට මොකුත්ම සිතාගන්න බැරිව ගියා. මාව අප්රානික වෙලා ගියා කියලා….
ස්වාමීන් වහන්සේ වඩන්නා වූ ප්රතිපදාව කුමක්ද ?
ප්රශ්නය: අපේ ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ වඩමින් ජීවත් වන්නා වූ ඒ ප්රතිපදාව පිළිබඳව අපට පැහැදිලි කරදෙන්න ස්වාමීන් වහන්ස. පිළිතුර: මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය වඩමින් ජීවත් වෙන්නේ. මගේ සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය, ඥායපටිපන්න ගුණය, සාමීචිපටිපන්න ගුණයන් මුවහත් කරමින්, ශක්තිමත් කරමින් විදර්ශනාත්මකව මං ජීවත් වෙන්නේ තේරුණාද? මම දන්නේ නැහැ මගේ අතීත අකුසල් කොයි ආකාරයෙන් වෙන්න තියෙනව ද…
ස්වාමීන් වහන්ස, සම්මා දිට්ඨියට අප පිවිසෙන්නේ කුමන දොරටුවෙන් ද?
ස්වාමීන් වහන්ස, ඔබ වහන්නසේ සඳහන් කළා ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසීමේදී අනිවාර්යයෙන්ම සම්මා දිට්ඨිය නැමැති දොරටුවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසිය යුතුය කියලා. ස්වාමීන් වහන්ස සම්මා දිට්ඨියට අප පිවිසෙන්නේ කුමන දොරටුවෙන් ද? සම්මා දිට්ඨියට පිවිසීමට නිවැරදි දොරටුවක් තිබෙනවා. එම දොරටුව තමයි කල්යාණ මිත්ර ආශ්රය, සද්ධර්ම ශ්රවණය, ශ්රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීම. මෙන්න මේ දොරටුවෙනුයි සම්මා…
ස්වාමීන් වහන්ස, සම්මා දිට්ඨිය සකස්කොටගත් පින්වතා තුළ, දකින්න පූළුවන් මුලික ලක්ෂණ මොනවා ද?
සම්මා දිට්ඨියට අදාළ ප්රධානම කාරණයන් වන්නේ.. 1. තෙරුවන් කෙරෙහි ශ්රද්ධාව. 2. මරණින් පසූ හේතුඵල ධර්මයන් අනුව නැවත ඉපදීම පිළිබඳ විශ්වාසය. 3. කර්මය – කර්ම ඵල විශ්වාසය. 4. දන්දීමේ, සිල් රැකීමේ ආනිශංස පිළිබඳ විශ්වාසය. 5. අම්මා, තාත්තාගේ ගුණයන් කෙරෙහි විශ්වාසය. 6. ඕපපාතිකව සත්ත්වයන් උපදිනවාය කියන විශ්වාසය. 7. අතීතයේ අධිගමලාභී උත්තමයින් වැඩ සිටියාය කියන විශ්වාසය. තෙරුවන් කෙරෙහි…
ස්පර්ශය කෙරෙහි තෘෂ්ණාව නිරෝධයෙන් පංචඋපාදනස්කන්ධ නිරෝධය.
අපි හැමෝ්ම ජීවත් වෙන්න කැමැතියි’ නමුත් අපි හැමෝම මරණයට අකැමැතියි’ සමාජයේ ජීවත්වන සමහර පිංවතුන්” මරණය ගැන සිතන්න අකැමැතියි’ මරණය ගැන සිතන්න අකැමැති පිංවතා බොහෝම ඉක්මනට මරණය ජීවිතයට ළඟා කොට ගන්නවා’ එසේත් නැති නම්” ජීවත් වුණත් ඒ ජීවිතය මැරිච්ච ජීවිතයක්ම වෙනවා’ නොමැරී ජීවත් වුණත් වර්තමාන සමාජයේ වැඩිපුරම තිබෙන්නේ අලෝභ” අද්වේශ” අමෝහ ධර්මයන් මැරිච්ච ජීවිතයි’ බුදුරජාණන් වහන්සේ…
සලායතන දැක්කොත් – ඔබ මේ විලසින.
කායානුපස්සනාව – සලායතන භාවනාව මීළඟට බුදුරජාණන්වහන්සේ කායානුපස්සනාවට අදාළව දේශනා කරන්නේ සලායතන භාවනාවයි. මේ කය ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස වශයෙන් කොටස් හයක් කොට දකින්නය කියලා, ගව ඝාතකයෙක් එළදෙනක් මස් කරලා මස්, කටු, බොකු, සම් වශයෙන් වෙන්කොට ගොඩගසා තිබෙන්නා සේ, මේ ආයතනය හය වෙන් වශයෙන් අරගෙන විදර්ශනාවට ලක්කරන්නය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇස නිසා…
සම්මා දිට්ඨිය නැමැති නිවැරදි දොරටුවෙන් ඇතුළු වෙන්න.
සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ ශීලය පිංවතුන්ලාට හරි ම පහසු දෙයක්. පිංවත් ඔබගේ ජීවිතය සරල කරනවා; සැහැල්ලු කරනවා. ශීලය අපි ආභරණයක් කර නො ගත යුතු යි. සම්මා දිට්ඨියෙන් පෝෂණය නො වූ ශීලය, යමෙකුට ආභරණයක් කරගන්න පුළුවන්. එය ඔහුව නොමඟ යවන අනතුරුදායක ක්රියාවක් වෙන්න පුළුවන්. සම්මා දිට්ඨියෙන් පෝෂණය වුණු ශීලය කියන්නේ බලයක්; සමාධියට, ප්රඥාවට ගොඩවීම සඳහා වන…
සතිය සිහිය කියන්නෙ කුමක් ද? අධර්මය කියන්නේ කුමක් ද?
පිංවත් මහත්මයෙක් භික්ෂුවගෙන් ප්රශ්නයක් විමසුවා ‘ස්වාමීන් වහන්ස, සතිය සිහිය කියන්නේ කුමක්ද..?’ කියලා. පිංවත් ඔබ ආසනයක වාඩිවෙලා, බුදුගුණ භාවනාව මෙනෙහි කරමින් සිටිනවාය කියලා හිතන්න. මොහොතකින් ඔබේ සිත බාහිර අරමුණක් කරා ඇදී යනවා. ඔබ ඇස්දෙක පියාගෙන සිටියත්, ඔබේ සිත දැන් තිබෙන්නේ වෙනත් රූපයක් ඔස්සේ ඇදී ගිහින්. දැන් ඔබ සිටින්නේ ඇතිකොටගත් සැබෑ අරමුණ කෙරෙහි අසිහියෙන්. තමා අසිහියෙන් සිටින…
සතිය තුළත් තෘෂ්ණාව සැඟවිලා තියෙනවා.
උතුම් සමාධිය තුළදිත්, සමාධියෙන් බැහැරවත් තමන්ට අරමුණුවෙන්නාවූ සෑම රූපයක්ම විනිවිද දකින්න. ඒ හැකියාව ඔබ තුළින්ම ඔබ මතුකරගත යුතුයි. පිංවත්, ශීලයෙන් පරිපුර්ණ ඔබ තුළ විදර්ශණාව වැඩෙන්නෙ නැහැ කියන්නේ රූපය විනිවිද දැකීමේ ශක්තිය හීනයි කියන කාරණයයි. පිංවත් ඔබට අරමුණුවෙන්නාවූ සෑම රූපයක්ම මළකඳක් කර දකින්න. කුණුවෙන මළසිරුරක් සේ දකින්න. ඇටසැකිල්ලක් කර දකින්න. කිසිදු රූපයක් විනිවිද දැකීමෙන් තොරව මතුව…
සක්කාය දිට්ඨිය මුල් වටයේදී හදුනාගැනීම අපහසුය.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පින්වතුන්ලාට සෝවාන් ඵල අවබෝධය උදෙසා ගමන් කළ යුතු, ආශ්රවයන් ප්රහීනය කිරීමේ අනුපිළිවෙළ, උතුම් සබ්බාසුව සූත්රයේ දී දේශනාකොට තිබෙනවා. සබ්බාසුව සූත්රය ජීවිතයට කමටහනක් කොට නොගැනීම නිසාම, ධර්මයේ නාමයෙන් පිනේ, කුසලයේ නාමයෙන්, ඇලීම් ගැටීම් දෙක තුළම දෝලනය වන සක්කාය දිට්ඨිය හෙවත් මමත්වයේ දැඩි භාවය පින්වත් මනුෂ්ය සන්තානවල අතු රිකිලි දමා වැඩෙන බවක් පෙනෙන්්නට තිබෙනවා….