මෛත්‍රිය වැඩුවහම අපිට ලැබෙන ආනිශංස මොනවද?

මෙහෙමයි. මෛත්‍රිය කියන කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ… දැන් අපි මේ ජීවිතයේ ප‍්‍රසන්න සිරුරක්, ශරීරයක් ලබලා තිබෙනවා නම්, ඒ ප‍්‍රසන්න ශරීරය ලබන්න අපිට හේතු වුණේ ගිය ජීවිතයේ අපි වඩපු මෛත්‍රී චිත්තයන්මයි. තේරුණාද? දැන් කාටහරි මේ ජීවිතයේ ලස්සන, ප‍්‍රසන්න පිරිමි හෝ වේවා කාන්තා හෝ වේවා රූපයක් ලබලා තියෙනවා නම් ඒ රූපය ලැබුණේ අම්මා, තාත්තා නිසා නෙවෙයි….

Read More

මේ දුකදැයි සිහියෙන් බලන්න…

වනගත ආරණ්‍යවල හුදකලා වනවාසී කුටිවල වැඩසිටින ස්‌වාමීන් වහන්සේලා ගත කරන්නේ සමහරවිට දුෂ්කර ජීවිතයකි. මෙය සටහන් තබන වේලාවේ භික්‍ෂුව වැඩසිටින්නේ රුහුණු ප්‍රදේශයේ වනගත ආරණ්‍යයකය. මේ වන විට මාස කිහිපයකින් මෙහෙට වැසි නැහැ. පරිභෝජනයට ගන්න තිබෙන වැව් දෙකම හිඳිලා. ඒ හිඳීගිය වැවේ ඇති සුළු වතුර ප්‍රමාණයේ අලින් නානවා, සත්තු වතුර බොනවා, කිඹුල්ලුත් බැසගෙන ඉන්නවා. ලුණු ගතිය වැඩිනිසා…

Read More

මේ තරම් ලස්සන, සුන්දර, තාරුණ්‍යයෙන් පිරුණු ජිවිතය දෙස ඇයි අපි අසුභවාදීව බලන්නේ?

මේ සටහන කියවන ධර්මය කෙරෙහි උනන්දුව අඩු, ජීවිතය ආශ්වාදයක්‌ කරගත් පිංවතෙකුට, පිංවතියකට ‘මේ තරම් ලස්‌සන, සුන්දර, තාරුණ්‍යයෙන් පිරුණු ජීවිතය දෙස ඇයි අපි අසුබවාදීව බලන්නේ ‘ කියලා සිතෙන්න පුළුවන්. බාහිරින් ඔය ‘පවුඩර් සාප්පුව’ දිහා බැලුවහමනම් ලස්‌සන තමයි. නමුත් පිංවත් ඔබම සිතන්න, සුවඳ විලවුන්, පවුඩර්, ඇඳුම් පැලදුම්, දත් මැදීම්, නෑම, ඇඟ සේදීම් නැති වුණොත් රූපයේ මොන ලස්‌සනක්‌ද?…

Read More

මේ ජීවිතය වටිනවාද? නැද්ද?

බොහෝ දේවල් වල වටිනාකම අපට දැනෙන්නේ ඒවා අහිමිව යද්දීය. නිරතුරුව පවතිද්දී අගය ආශාව නොදැණුන බොහෝමයක් දේවල් වලට අමුතු ආශාවක්, අගයක්, වටිනාකමක් ඒවා නැතිවී යන බව වැටහෙද්දී , නැතහොත් නැතිව ගිය පසු සිතට දැනෙයි. නිවැසියන් හා එක්ව සිටින තාක් කල් නොදැනුණු අගය, ආදරය , ඔවුන්ගෙන් ඈත්වද්දී දැනෙයි. ළඟ සිටින තාක් කල් අගයක් නොමැතිව තිබු පුද්ගල සබඳතා…

Read More

මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේදී පහළවෙච්ච ශේ‍ෂ්ඨතම පෙම්වතුන් යුවළ…

ඔබ ආදරයට ආදරය කරන්න, ඔබ ලබන අවංක ආදරයට ඔබ වංචා කළොත්, ඔබ ගරු නොකළොත්, අනාගත භව ගමනේ, ආදරය ඔබට, සෙනෙහසක් නැති කාන්තාරයක්ම වේවි. ආදරය කියන්නේ බොරුවක්ය කියලයි, භික්‍ෂුව, අත්දැකීම් තුළින් සටහන් තබන්නේ. නමුත් මේ බොරුව, පින්වත් ඔබේ පින විසින් ඔබට සඟවලයි තිබෙන්නේ. ඔබේ පටිච්චසමුප්පන්න පින, ආදරය බොරුවක්ය කියලා, කවදාකවත් ඔබට හඳුනාගන්න දෙන්නේ නැහැ. නමුත් භික්‍ෂුවගේ…

Read More

මුලාවෙන් මිදෙන්න.

( අතිශයින්ම නිර්මල දහම් මග ගවේශනය කරන ප්‍රඥාවන්තයින් සඳහා මිස දැනුම මිනුම සඳහා හෝ විවාද තරඟයක් සඳහා නොවන බව කරුණාවෙන් සළකන්න.) වර්තමානය තුළ ධර්මය පිළිබඳ බොහෝ විපරීත දෘෂ්ටි ඇතව තිබෙනු සුලබව දැකිය හැකිය. කොතරම් දෘෂ්ටිගතිකද යත් අපටද අධර්මවාදයෙන් වාද කරති. කෙසේවුවත් බුද්ධ වචනය තුළින් නිවන් මග ගවේශනය කරන සැදැහැවතුන්ගේ ප්‍රඥාව වෙනුවෙන් තව දුරටත් මෙසේ බුද්ධ…

Read More

මුණින්ද්‍රයාණන් වහන්සේගේ මහා කරුණාව.

කරුණාව යනු අනුන් ගේ දුකෙහි දී හදවත කම්පා වීම යි. මෙකී කරුණාව ලෝකයෙහි බොහෝ දෙනෙකු තුළ ඇත්තේ ය. ඔවුහු දුකට පත් වූවන් දැක කම්පා වෙති. කඳුළු වගුරුවති. ඒ දුකට පත් වූවන් නඟා සිටුවීමට නන් අයුරින් පිහිට වෙති. තමා පිහිට වූ පුද්ගලයන් ගෙන් පෙරළා කිසිවක් බලාපොරොත්තු නොවෙති. සැබැවින් ම මෙය කරුණාවකි. එහෙත් මෙයට අප “මහා කරුණාව”…

Read More

මුගලන් මහරහතන්වහන්සේ නන්දෝපනන්ද නාග රාජයා දමනය කරති

එක් දිනක් දසබලධාරී බුදුරජාණන් වහන්සේ සැරියුත් මුගලන් අග්‍ර ශ්‍රාවක දෙනම ප්‍රධාන පන්සියයක් පමණ මහරහතුන් පිරිවරාගෙන තව්තිසා දෙව්ලොවට වැඩම කරන සේක්, මහාමේරු පර්වතය මුදුනෙහි නන්දෝපනන්ද නාග රජුගේ නාග විමානයට ඉහළින් වැඩි සේක . මෙය දුටු නා රජු,,, “මේ මුඩු මහණුන් කිසිම බියක් සැකක් නැතිව මාගේ විමානයට උඩින් ගමන් ගන්නා සැටියක මහතක්. මොවුන්ට මගේ තරම පෙන්වමි.සියලු දෙනාම…

Read More

මිනිසා හඳුනා ගනිමු..

සීලාචාර බවක් පෙන්වන මිනිසා තවත් වරෙක අසීලාචාර ලෙස හැසිරෙයි. මිතුරු ස්වභාවයක් පෙන්වමින් පරම හතුරෙකු ලෙස කටයුතු කරයි. එබැවින් මිනිසා විශ්වාසය තැබිය හැකි කෙනෙකු නොවන බව ඔහු කියයි. බුදුරජාණන් වහන්සේ පෙස්සගේ අදහස අනුමත කරති. කෙනෙකු සීලාචාරදැ යි හඳුනා ගතයුතු නම් කළයුත්තේ දිගු කලක් ඉතා සමීපව ඇසුරු කළයුතු බවයි පසේනදී කොසොල් රජතුමා දිනක් රාජකාරි ගමනක් යාමට සැරැසුණි….

Read More

මිථ්‍යා දෘෂ්ටිය පාප කර්මක් ද?

අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ, විජ්ජාචරණ සම්පන්න වූ සුගත වූ, ලෝකවිදූ වූ, අනුත්තර පුරිසදම්ම සාරථී වූ දෙව් මිනිසුන් හට ශාස්තෘ වූ සිවුසස් අවබෝධ කළ, භාග්‍යවත් වූ, තථාගතයන් වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත ලෝකයට පහළ වී තමන් වහන්සේගේම විශිෂ්ට නුවණින් දැන පසක් කොට ගත් ධර්මය, මුල මැද, අග යහපත්කොට දේශනා කළ කල්හි, ඒ ධර්මය අසන නුවණැති…

Read More