පසේනදී කොසොල් මහ රජතුමා ඉතා ශ්‍රද්ධාවන්ත රජ කෙනෙකි. දිනක් මාළිගාවෙන් ඉවත බැලූ ඒතුමන්ට දහස් ගණනින් භික්ෂූන් වහන්සේලා අනේපිඩු සිටු මාළිගයට වැඩම කරන අාකාරය දුටුවේය. සිය මාළිගාවටත් භික්ෂූන් වහන්සේලා වඩමවා දන් පිළිගැන්වීමට සිතූ රජු දිනපතා දනට වඩින ලෙස බුදුරදුන්ට දන්වා සිටියේය. බුදු රදුන් රජුගේ අාරාධනාව පිළිගත් අතර ඒය අානන්ද හිමියන්ට පැවරුවේ ය. අානන්ද හිමියන් භික්ෂූන් වහන්සේලා සමග රජ මැදුරේ දනට වැඩියේය. ටික දිනක් මෙලෙස ගෙවීගියේ ය. අධික වැඩ නිසා රජුට මාළිගාවේ දන් පිරීනැමීම පිළිබදව සැළකිල්ල අඩු විය. දනට වඩින භික්ෂූන්ට දන් නොලැබුන දිනයන් ද විය. සමහර දිනවල භික්ෂූන් නැවත හැරී වැඩම කළ අවස්ථා ද විය. දවසක් දනට වැඩි පන්සීයක් හිමිවරුන්ගේන් දනට හිටියේ අානන්ද හිමියන් පමණි. අනෙක් හිමිවරු අාපසු වැඩියෝ ය. මෙය දුටු කොසොල් රජතුමා බුදුරදුන් හමුවට ගියේ ය.වැද අවසර ගෙන කවර වරදක් නිසා දනට වැඩි හිමිවරු අාපසු වැඩියේදැයී විමසුවේ ය. මාළිගාවේ වරදක් බව නොහැග වූ බුදුන් වහන්සේ ” මහ රජ මා සව්වන් හා රජු සමග පුරුද්දක් නැති නිසා ය.” යැයි පිළිතුරු දුන්නේ ය.
මෙය අැසු රජු හිතුවේ බුදු රදුන්ගේ නෑයකු නොවන නිසා මෙසේ වූවා කියා ය. මේ නිසා බුදු රදුන්ගේ පරපුරේ නෑයකු වීමට සිතූ කොසොල් රජු ශාක්‍ය කුමාරිකාවක් අගමෙහෙසිය කර ගැනීමට සිතුවේ ය. ඒසේ සිතා සක් රජුට සිය කුළයෙන් කුමාරි්කාවක් දෙන ලෙස ඉල්ලා අැමතිවරු යැවීය. කොසොල් රජු ශාක්‍යයන් ට වඩා කුළයෙන් බාලවූවෙකි. ඒහෙත් මහා බලවතෙකි. ශාක්‍යයෝ මාන්‍යයෙන් දිලිසෙන්නෝ ය. මාන්නාධිකයෝ ය. කොසොල් රජුට දියණියක් දීමට ඔවුහු අකමැති වූවා ය. ඒහෙත් බලවත් ඔහුගේ ඉල්ලීම පසෙකට දැමීමට ද නාෙහැකි නිසා උපායකින් දියණියක් දුන්නේ ය. ඒනම් මහානාම රජුට දාව වැඩකාරියකගේ කුසෙහි උපන් දියණියක් තාෙරතුරු සගවා යැව්වේ ය. පසේනදී කොසොල් රජතුමා අැයව අගමෙහෙසිය කර ගත්තේ ය. අැගේ නම වූයේ වාසභඛත්තියා ය. කාලය ටිකෙන් ටික ගතවිය. අැයට රජුට දාව පුතෙකු උපත ලැබුවේ ය. ඔහු විඩුඩභ කුමරු යැයි නම් තැබුවේ ය. කුමාරුට වයස 16 පමණ වනවිට මුතුන් මිත්තන් බලන්න යන්නට අවශ්‍ය විය.ඒ අනුව කිඹුල්වත් නුවරට ගිය ඔහුව පොඩි දරුවන් ලවා පිළිගත් ශාක්‍යයෝ කුමරු කිඹුල්වතින් නික්මුණු පසු හිද සිටි ”අාසන දාසියගේ පුතා වාඩිවී සිටි අසුන් යැයි” සේදුවේ ය. විඩූඩභ කුමරාහට මෙය අාරංචී වූහ. දිනක මුලු ශාක්‍ය වංසය විනාශ කර ඔවුන්ගේ ලෙයින් සිය සිංහාසනය සෝදන බවට අධිෂ්ඨානයක් අැති කර ගත්තේ ය. කුමරුට කිරුළ හිමි විය පළිගැනීමට කාලය පැමිණ අැති බව සිතූ ඔහු යුධ පිණිස නික්මුණේ ය.
මහා විනාශයක පෙර ලකුණු දුටු බුදු රජුන් මහ දවාලේ විඩූඩභ රජු යුද්ධයට යන මාවත අසලට වැඩ සෙවන අඩුවෙන් වැටෙන නුග ගසක් මුල වැඩ සිටියේ ය. විඩූඩභ රජු බුදු රදුන් දැක නැවතුනේ බුදුන්වෙත ගියේ ය. ”ස්වාමීනී මේ අවුව වැඩි තැනැකි අතන නුග ගසේ සෙවන වැඩියී ඒතනට වැඩම කරන්නැයි” කිව්වේ ය. ඒවිට බුදු රදුන් ” මහ රජ නෑයන්ගේ සෙවනමයි සිසිල යැයි” පැවසුවේ ය. බුදු රදුන් පැමිණ අැත්තේ නෑයන් වෙනුවෙන් බව දැනගත් රජු යුධ නොකර අාපසු හැරී ගියේ ය. මෙලෙස තෙවරක්ම බුදුන් වහන්සේ ඔහුව වැළැක්වූහ. සිව්වෙනි වතාවේ දී බුදු රදුන් ශාක්‍යයන් පිළිබදව විමසා බැලුවේ ය. මේය වැලැක්විය හැකි සිදුවීමක් නොව පෙර සසරේ කළ පවක ප්‍රතිඵලයක් බව දත් බුදුන් වහන්සේ ඔවුන් නොවැළක්වුහ. විඩූඩභ ගොස් සියලු ශාක්‍යයන් නැසූවේ ය. මෙසේ වූයේ අැයි බුදු රදුන් පෙර භවයන් සිහිකර දුටුවේ කුමක් ද?
පෙර ඒක් භවයෙකදී අද ශාක්‍යයන් වෙලා සිටි මිනිසුන් ඒක්තරා ගගකට විෂ දමා කුඩා මාළුවන් මැරූවේ ය. ඒ පව සසර පුරා විපාක දුන්නේ ය. මේ භවයේදීත් ඒලෙසම විපාක දුන්නේ ය පෙනෙවා නේද? සසර කළ පාපායන් විපාක ෙදන අයුරු ඒදා ශාක්‍යයන් සමූල ඝාතනය කර ඒන රජු අැතුළු පිරිස අතර මග අචිරවතී ගග ළග කදවුරු බැදගෙන රාත්‍රීයෙහි නින්දට වැටුනේ ය. සිතුෙවවත් අාකාරයකට මහා ජලකදක් අැවිත් ඔවුන්ව මහ සයුරටම ගසාෙගන ගියාේ ය. මෙය දැනගත් බුදුන් වහන්සේ …” පස්කම්වල නියැෙලන පුද්ගලයාව නිදන්නවුන් මහ වතුරක් විසින් සයුරට ගෙන යන්නා සේ ම අපාය නැමැති සයුරට පමුණුවත් යැයි” දේශනා කළහ.
ධම්මපදය පුප්ඵවග්ගය සිව්වන ගාථාව අැසුරිනි