Article
‘මම’ කියන සංඥාව ගලවා ඉවත් කරන්න..
සම්මා සම්බුද්ධ ශාසනයේ දීර්ඝායුෂ උදෙසා භික්ෂු, භික්ෂුණි, උපාසක, උපාසිකා සිව්වනක් පිරිසගේ චතුරාර්ය සත්‍ය දැක්ම, විවේකීභාවයෙන් යුතුව වර්ධනය කොටගැනීම උදෙසා, බුදුරජාණන් වහන්සේ පැනවූ තවත් සුන්දර වස්සානයක් උදාවෙලා. භික්ෂුව වැඩ සිටින දුර බැහැර ගම්මානයේ වස්සානය අර්ථවත් කරන වැස්ස ආගිය අතක් නැති වුවත්, භික්ෂුව වැඩ සිටින කුටියේ, පොල් අතු වහලයේ පොල් අතු, ඉහළට එසවී යන තරමට තද සුළඟක්…
‘ඔබ වහන්සේ රහත් වෙලා ද?’ කියලා එක භික්ෂුවක් ඇහුවා.
මේ දවස්වල ගම්මානයේ ගොවි මහත්වරු තම කුඹුරුවල බෝංචි වගා කරලා. පරිසරයේ වියළි කාලගුණය නැවතිලා. වැටෙන මේ වැස්ස ගොවි මහත්වරුන්ගේ බලාපොරොත්තු ශක්තිමත් කරනවා. නමුත් බලාපොරොත්තු නැති හිස් ජීවිතයක් භික්ෂුව ඉදිරියේ තිබෙනවා. ඒ හිස්බව තුළ අපරාජිතභාවයකුත් තිබෙනවා. ඒත් එය භාහිර සමාජයට ප්‍රකට නැහැ. සමහර ගිහිපිංවතුන්ලා, සමහර ගෞරවනීය ස්වාමීන්වහන්සේලා භික්ෂුවට ඇවිත් කියනවා ‘දායකයන් ආශ්‍රය කරන්න යන්න එපා. දායකයන්ගෙන්…
“එක්කො මරණය, නැත්නම් සතර අපායෙන් මිදීම”
පසුගිය කාලවකවානුවල වැඩසිටිය ගෞරවණීය ස්වාමීන් වහන්සේලාත් වර්තමානයේ වැඩසිටින ගෞවරණීය ස්වාමීන් වහන්සේලාත් විසින් කරගෙන ගිය ධර්මදේශණාමය, බෝධිවන්දනාමය පිංකම් හරහා අතිවිශාල තරුණ පිරිසක් ධර්ම මාර්ගයේ පෙරට එනවා පිංවතුන්ලා දකින්න ඇති. එම තරුණ පිරිස දිහා දැක්කහම වර්තමානයේ පැවිදිභාවයට පත්වී උතුම් ජීවිත ගතකරන තරුණ ස්වාමීන් වහන්සේලා දැක්කහම සද්ධර්මයට සමාජය තුළ මොනතරම් දෙයක් කරගන්න පුළුවන්ද කියලා සිතෙනවා, තරුණ පිංවතුන්ලාට. නමුත්…
සමාජයේ ඇස් වහලා, ඔබේ විදර්ශනා ඇස තියුණු කොටගන්න.
වස් කාලය ගෙවී ගිහින්, චිවර මාසයේ අවසාන පොහොය අදයි. පිංඩපාත මඩුවට දානය රැගෙන පැමිණි දායක මහත්මයෙක් ප්‍රකාශ කලා, තමන්ගේ ගමේ පන්සලේ මුල්ම වතාවට අටපිරිකර පනහක් පූජා කරලා වස්පිංකම බොහෝම උත්කර්ෂවත් අන්දමින් සිද්ධකලාය කියලා. එක ස්වාමීන් වහන්සේ නමක් පමණක් වැඩ සිටින ගමේ පන්සලේ දායක මහත්වරුන්ට හරිම සන්තෝෂයි පිංකම ගැන. අනේ සාදු සාදු පිංවතුන් ගොඩාක් පිංකම් කරගන්නවා….
බුදු පිලිම නිර්මාණය හා පූජා කිරීමේ ආනිසංස.
දිනක් බුදු පිළිම නෙළීම පිළිබඳ ව කොසොල් රජු බුදුන් වහන්සේගෙන් මෙසේ විමසනවා. යේ ජීව ලොකේ පටිමා කරෙයිය කිමානි සංඝං ලහෙතෙ මුනින්ද පුජ්ජාමි තං සාධු – වදෙහි මයිහං ඉදම්බ රූපී කොසගෙ භූමි පාලෙයි (යම් මිනිසෙක් ලෝකයේ පිළිමයක් නෙළන්නේ ද එයින් ලැබෙන ආනිසංස කවරේ ද?) එම පැනයම ආනන්ද හිමියන් බුදුන් වහන්සේගෙන් මෙසේ විමසනවා. “මුනින්ද රාජේන සුදෙසියෙත ධම්මේන…
පිරිතේ බල මහිමය.
පිරිතේ ඇති ගුණ “මහා තෙජවන්‍තතාය සමන්තතො සත්තානං භයං උපද්දවං උපසග්ගං ච තායති රක්ඛතීති පරිත්තං”යනු මහා සද්දනීති විවරණ පාඨ හෙයින් මහා තේජස් ඇති බැවින් සත්ත්වයන් හට පැමිණෙන භය උපද්‍රවාදිය හාත්පසින් ම හැම ලෙසින් ම වළකා ආරක්ෂා කෙරේනු යි, පරිත්ත – පිරිත් නම් වේ. “විපත්ති පටිබාහාය – සබ්බසම්පත්ති සිද්ධියා සබ්බ දුක්ඛ විනාසාය – පරිත්තං බ්‍රෑථ මංගලං” විපත්ති…
පාත්‍ර පූජා කිරීමේ ආනිශංස.
*රන්,රිදී,මැණික් සෑම කල්හිම පරිහරණයට ලැබීම. *උපද්‍රව අනතුරු නැත්තෙකු වීම. *සෑම කල්හිම සියල්ලන් විසින් ප්‍රිය කරන ගරු කරන කෙනෙකු වීම. *ආහාරපාන,වස්ත්‍ර,සයනාසන ලබන්නෙකු වීම. *බෝග විනාශයට පත් නොවීම. *ස්ථිර සිත් ඇත්තෙකු වීම. *හැම කල්හිම ධර්මය කැමැත්තෙක් වීම. *මද කෙලෙස් ඇත්තෙක් වීම. *ආශ්‍රව නැත්තෙක් වීම. *සැප සම්පත් අත් නොහැර යන සෙවණැල්ල මෙන් සැප විපාක ලබා දෙයි. තෙරුවන් සරණයි…
කාමයන්ගේ ආදීනව.
පින්වතනේ, පින්වත් දරුවනේ, ජීවිතයේ බොහෝ ආරවුල්, අර්බුද, ගැටළු හටගන්නේ ඉන්ද්රියයන් අසංවර වීමෙනුයි. ඉන්ද්රිය සංවර නොකර ගැනීමෙන් #පැවිදි #ජීවිතය පවා අසාර්ථක වෙනවා.තේලපත්ත ජාතක කතාවේ තියෙන්නේ එවන් විස්තරයක් . එක්තරා කාලයක අපගේ භාග්‍යවතුන් වහන්සේ සුම්භ නමැති රටෙහි සේතක නම් නියම්ගම ඇසුරු කොට වනාන්තරයක වැඩ වාසය කළා. එහි දී භාග්‍යවතුන් වහන්සේ කායානුපස්සනා භාවනාවෙන් භික්ෂූන් වහන්සේලා කටයුතු කළ යුතු…
ඇයි ඔබ පිංවන්ත නැති ද ?
අද පසලොස්වක පොහොය දවසක්. පිණ්ඩපාතය බෙදන වයෝවෘධ මව්වරු කිහිප දෙනෙක් පැමිණියා වන්දනා කරන්න. මින් එක් අම්මා කෙනෙක් අපි දන්න බොහොම සත්පුරුෂ ස්වාමීන්වහන්සේ නමකගේ අම්මා කෙනෙක්. මේ අම්මලා දෑත් නළලේ තබාගෙන බොහොම හැඟීම්බරව ප්‍රකාශ කළේ ‘අපේ හාමුදුරුවනේ ඔබවහන්සේලා දැකීමත් මහා පිනක්’ ය කියලා. ඒ වෙලාවේ භික්ෂුව එම මෑණිවරුන්ට ප්‍රකාශ කළේ ‘මෑණිවරු සිතනවා නම් මා දැකීම පිනක්ය…
ආශ්වාදයට අතවනන, පාපකාරී සිතුවිලිවලින් බැහැර වෙන්න.
පුද්ගලභාවයෙන් යුතුව, කාමයේ වරදවා හැසිරිමට වඩා මනුෂ්‍යයාව කාමයේ වරදවා හැසිරවීමට, පෙළඹවීම් ඇති කරන පිරිස් සිටිනවා. නවීන තාක්ෂණික ක්‍රම වේදයන් හරහා මනුෂ්‍යයා කාමස්වාදයේ ගොදුරු බවට පත්කරන ඉහත පිරිස් බොහෝම ප්රවේශම්වෙන්න ඕනේ. වයස් භේදයකින් තොරව, තාක්ෂණික මෙවලම් මනුෂ්‍යයා පංචනීවරණයන්ගේ වහලෙක් බවට පත්කොට තිබෙනවා. තාක්ෂණික මෙවලම් තුලින් මනුෂ්‍යයාට කතා කරන ලෝකය, ලැජ්ජා, බිය හීන වී ගිය ලෝකයක්. බුදුරජාණන්…