Article
සිංහල අලුත් අවුරුදු චාරිත්‍රයක් වන, ළිඳ සමඟ ගනුදෙනු කිරීම ධර්මානුකූලද?
ඔබතුමිය මගෙන් ප්‍රශ්න කළේ සිංහල අවුරුද්දට ළිඳත් එක්ක ගනුදෙනු කිරීමේ අර්ථය මොකක්ද කියන කාරණය. නමුත් දරුවෝ මේ ළිඳත් එක්ක ගනුදෙනු කරනවා කියන කාරණය ධර්මයට එකඟ කාරණයක් නම් නෙවෙයි. නමුත් ඉතින් අපිට ඒක ධර්මානුකූලව ගළප ගන්න අවශ්‍ය නම් ඒක මෙහෙම ගළප ගන්න පුළුවන්. මොකද ළිඳ කියන කාරණය තමයි නිරතුරුවම අපිව පිරිසිදු භාවයට පත් කරන්නෙ. අපිව නිරතුරුව…
සෑහීමකට පත්නොවන හේතුව කුමක් ද?
භික්ෂුව මුණගැසෙන්නට පැමිණි මැදිවියේ මහත්මයෙක් ප්‍රකාශ කළේ, ස්වාමීන් වහන්ස, මගේ නෝනාගේ කන්දොස්කිරියාව අහලා මට දැන් ජීවිතයත් එපා වෙලාය තිබෙන්නේ කියලා. මගේ නෝනා කිසිම දෙයකින් සෑහීමකට පත්වෙන්නේ නැහැ. නොසෑහීම ජීවිතය කොටගත් නෝනා මහත්මියක්ය කියලා. මම වෙළඳපොළට ගිහිල්ලා වටිනාම, හොඳම ඇඳුමක් පැළඳුමක්, ආහාරයක්, ගෘහ උපකරණයක් ගෙනත් දුන්නත්, ඒක අතට අරගෙන අසන්නේ අපෝ මීට වඩා හොඳ එකක් තිබුණේ…
සැපයෙන් එහා ගිය නිදහස්වීමක හිමිකරුවෙකි ඔබ.
විඤ්ඤාණධාතුවේ ආධිපත්‍යයට නතුවී ජීවත්වන ලෝකයේ බහුතරයක් ජනතාව අදහන ආගම්වල දෙවියන් බ්‍රහ්මයන් තමන්ගේ ගැලවුම්කරුවන් ලෙස දකිනවා. එම පිංවතුන් එහෙම කියන එක සාධාරණයි. මොකද එම ආගම්වල ශාස්තෘවරුන් ආගම් නායක උතුමන් පූජක උතුමන් බ්‍රහ්ම දිව්‍ය සංඥාවලින් ඔබ්බට ගිය පිංවත් පිරිසක් නොවේ. ඒ නිසා ඒ අය දිව්‍ය සැප රූපී අරූපී බ්‍රහ්ම සැප උපාදානය කොටගත්තා. ඉන් ඔබ්බට යන්න ඒවායේ අනිත්‍ය…
සැපයෙන් එහා ගිය නිදහස්වීමක හිමිකරුවෙකි ඔබ.
විඤ්ඤාණධාතුවේ ආධිපත්‍යයට නතුවී ජීවත්වන ලෝකයේ බහුතරයක් ජනතාව අදහන ආගම්වල දෙවියන් බ්‍රහ්මයන් තමන්ගේ ගැලවුම්කරුවන් ලෙස දකිනවා. එම පිංවතුන් එහෙම කියන එක සාධාරණයි. මොකද එම ආගම්වල ශාස්තෘවරුන් ආගම් නායක උතුමන් පූජක උතුමන් බ්‍රහ්ම දිව්‍ය සංඥාවලින් ඔබ්බට ගිය පිංවත් පිරිසක් නොවේ. ඒ නිසා ඒ අය දිව්‍ය සැප රූපී අරූපී බ්‍රහ්ම සැප උපාදානය කොටගත්තා. ඉන් ඔබ්බට යන්න ඒවායේ අනිත්‍ය…
සැපයට අධිපති දුකේ මැවුම්කරු, ගෙනයයි ඔබ තව තැනකට නිරතුරු.
භික්ෂුව මේ මොහොතේ වැඩසිටින කුටිය ඉහළින් නිරතුරුවම ගුවන් යානා ගමන් කරනවා. මේ සටහන තබන මොහොතේ භික්ෂුව වාඩිවෙලා සිටින ගල් තලාවට ඉහළින් ගුවන් යානාවක් ගමන් කරනවා. එය බොහෝම සුඛෝපභෝගී ගුවන් යානාවක් විය හැකි බවකුයි එහි හැඩහුරුකමින් භික්ෂුවට පෙනෙන්නේ. භික්ෂුව මහ පොළොවේ ගල් තලාවක් මත වාඩිවී සිටියදී, භික්ෂුවගේ හිසට ඉහළින් ගමන් කරන පිංවත් ඔබ, මට වඩා කොච්චර…
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරීමේ අවසන් පරමාර්ථය මෙය නොවේ ද?
පංච උපාදානස්කන්ධය තේරුම් ගනිමු. කුසිනාරා නුවර බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පෑ මොහොතේ මල්ල රජ දරුවන් මොනතරම් හඬා වැටුනාද… සාරිපුත්ත මහරහතන්වහන්සේ පිරිනිවන් පෑවාය කියලා දැනගත්ත මොහොතේ ආනන්ද ස්වාමීන්වහන්සේ බුදුරජාණන් වහන්සේට පවසනවා ‘භාග්‍යවතුන් වහන්ස, සාරිපුත්ත මහරහතන් වහන්සේ නමැති උතුම් කළ්‍යාණ මිත්‍රයා පිරිනිවන්පෑවාය කියන කාරණය ඇසූ මට දිශාවක් නොපෙනී ගියා. මට මොකුත්ම සිතාගන්න බැරිව ගියා. මාව අප්‍රානික වෙලා ගියා කියලා….
ස්වාමීන් වහන්සේ වඩන්නා වූ ප්‍රතිපදාව කුමක්ද ?
ප්රශ්නය: අපේ ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ වඩමින් ජීවත් වන්නා වූ ඒ ප්‍රතිපදාව පිළිබඳව අපට පැහැදිලි කරදෙන්න ස්වාමීන් වහන්ස. පිළිතුර: මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය වඩමින් ජීවත් වෙන්නේ. මගේ සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය, ඥායපටිපන්න ගුණය, සාමීචිපටිපන්න ගුණයන් මුවහත් කරමින්, ශක්තිමත් කරමින් විදර්ශනාත්මකව මං ජීවත් වෙන්නේ තේරුණාද? මම දන්නේ නැහැ මගේ අතීත අකුසල් කොයි ආකාරයෙන් වෙන්න තියෙනව ද…
ස්වාමීන් වහන්ස, සම්මා දිට්ඨියට අප පිවිසෙන්නේ කුමන දොරටුවෙන් ද?
ස්වාමීන් වහන්ස, ඔබ වහන්නසේ සඳහන් කළා ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසීමේදී අනිවාර්යයෙන්ම සම්මා දිට්ඨිය නැමැති දොරටුවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසිය යුතුය කියලා. ස්වාමීන් වහන්ස සම්මා දිට්ඨියට අප පිවිසෙන්නේ කුමන දොරටුවෙන් ද? සම්මා දිට්ඨියට පිවිසීමට නිවැරදි දොරටුවක් තිබෙනවා. එම දොරටුව තමයි කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීම. මෙන්න මේ දොරටුවෙනුයි සම්මා…
ස්වාමීන් වහන්ස, සම්මා දිට්ඨිය සකස්කොටගත් පින්වතා තුළ, දකින්න පූළුවන් මුලික ලක්ෂණ මොනවා ද?
සම්මා දිට්ඨියට අදාළ ප්‍රධානම කාරණයන් වන්නේ.. 1. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව. 2. මරණින් පසූ හේතුඵල ධර්මයන් අනුව නැවත ඉපදීම පිළිබඳ විශ්වාසය. 3. කර්මය – කර්ම ඵල විශ්වාසය. 4. දන්දීමේ, සිල් රැකීමේ ආනිශංස පිළිබඳ විශ්වාසය. 5. අම්මා, තාත්තාගේ ගුණයන් කෙරෙහි විශ්වාසය. 6. ඕපපාතිකව සත්ත්වයන් උපදිනවාය කියන විශ්වාසය. 7. අතීතයේ අධිගමලාභී උත්තමයින් වැඩ සිටියාය කියන විශ්වාසය. තෙරුවන් කෙරෙහි…
ස්පර්ශය කෙරෙහි තෘෂ්ණාව නිරෝධයෙන් පංචඋපාදනස්කන්ධ නිරෝධය.
අපි හැමෝ්ම ජීවත් වෙන්න කැමැතියි’ නමුත් අපි හැමෝම මරණයට අකැමැතියි’ සමාජයේ ජීවත්වන සමහර පිංවතුන්” මරණය ගැන සිතන්න අකැමැතියි’ මරණය ගැන සිතන්න අකැමැති පිංවතා බොහෝම ඉක්මනට මරණය ජීවිතයට ළඟා කොට ගන්නවා’ එසේත් නැති නම්” ජීවත් වුණත් ඒ ජීවිතය මැරිච්ච ජීවිතයක්ම වෙනවා’ නොමැරී ජීවත් වුණත් වර්තමාන සමාජයේ වැඩිපුරම තිබෙන්නේ අලෝභ” අද්වේශ” අමෝහ ධර්මයන් මැරිච්ච ජීවිතයි’ බුදුරජාණන් වහන්සේ…