Article
අවිද්‍යාවේ හැඩය තේරුම් ගන්න.
පිංවත, අතීත, වර්තමාන සහ අනාගත පංච උපාදානස්කන්ධ ලෝකය, ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ පරාජයෙන් හෙම්බත්ව අපගේ ඵස්සයේ අවිද්‍යාව තව තවත් ජවසම්පන්න කරද්දී, සියල්ලම පරාජය වෙච්ච සමාජයක, බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සියළු සංස්කාරයෝ අනිත්‍යයි කියන එකම ධර්මය පමණක්ම අපරාජිතව අපි ඉදිරියේ වැඩ සිටිනවා. පිංවත, හෙට දවසේ ඔබ කුමන නැවුම් ජයග්‍රහණයක් බලාපොරොත්තු වුව ද, ඒ…
අපේ හමුවීම බැඳීම් වැඩෙන හමුවීමක් නොවේ.
පිංවත, මේ සටහන ලියන්න පටන් ගන්න මොහොතේ, භික්ෂුවට මේ ලිපිය ධර්ම ගෞරවයෙන් කියවන පිංවත් ඔබව සිහිපත් වුණා. පිංවත් ඔබව සිහිපත් වූ එම සිතුවිල්ල අනිත්‍ය වූ රූපයක් හේතුවෙන් සකස්වුණ අනිත්‍ය වූ ඵස්සයක් යැයි දැක භික්ෂුව පිංවත් ඔබව අමතක කොට දැම්මා. පිංවත් ඔබව අමතක කළාය කියලා, ඔබ භික්ෂුව සමග අමනාප වෙන්න එපා. භික්ෂුව ඔබව අමතක කළේ පිංවත්…
අනුන්ව වට්ටන්නට බොරුකීම.
පිංවත, ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළව ශීලය ගැන විමසා බලද්දී, බුදුරජාණන් වහන්සේ මුලින්ම පනවන්නේ, සම්මා වාචාවන්. ඒ කියන්නේ යහපත් සත්‍ය වචන සහ ප්‍රිය වචන. අපේ ජීවිත තුළින් සම්මා වාචාවන් දුර්වල කොටගත්තොත්, අපේ සමස්ත ශීලයම සෝදා පාළුවට ලක් වෙනවා. වර්තමාන සමාජයේ බොරු කරනවා ගොඩාක්ම වැඩි නිසා, එහි විපාකයන් හැටියට බොරු කියනවාත් ගොඩාක් වැඩිවෙලා. අනුනට චෝදනා කරන්නට, අනුනට…
අධ්‍යාත්මික සම්මා වායාමයකට සූදානම් වන්න.
පිංවත, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ජීවත්වෙන රටයි. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන රටයි. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ හද ගැහෙන රටයි. පිංවත, ඔබ වර්තමානයේ නොඅවදියෙන් සිටියොත්, පිංවත් අපේ විඳීම් මෝරා කාමච්ඡන්දයන් වැසි වසින මේ කෙලෙස් අනෝරා වැස්සේ අපි සියල්ලෝම ප්‍රමාදීභාවයට පත්වෙන්න පුළුවන්. පිංවත, මේ කෙලෙස් වැස්සේ අකුසල් වැසි දියෙන් බේරී සිටීමට පිනේ…
අකුසලයේ සහ පවේ උපත මිච්ඡා සතියයි.
පිංවත, අපිට සතුරන් හෝ මිතුරන් නැහැ. අපේ එකම සතුරා සහ මිතුරා, අපේම අතීත කුසල් සහ අකුසල් සංස්කාරයි. අපේම සතුරා සහ මිතුරා අපිම රැස්කොටගත් සංස්කාරයන්ගේ විවිධත්වය වෙද්දී, අපි වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන්, අමනාපයෙන් එකිනෙකා දෙස බැලිය යුතු නැහැ. අපි, අපේ සතිය සහ සිහියේ අවි එසවිය යුත්තේ අනුනට නොව අපේම මිච්ඡා දෘෂ්ටියට, අපේම මිච්ඡා සංකප්පයන්ට සහ අපේම මිච්ඡා ශීලයටයි….
හිසකේ විකුණා දන් දුන් කාන්තාවක්.
මහාකච්චාන මහරහතන් වහන්සේ තවත් රහතන් වහන්සේ සත් නමක් හා උජ්ජේනි නුවරට වඩනා සේක්, ‘තේලප්පනාළි’ නම් නියම් ගමකට පිඬු සිඟා වැඩි සේක. එගම සිටු දූවරු දෙදෙනෙක් වූහ. එකියක් පිරිහුණු සිටු පවුලක උපත ලබා මා පියන්ගේ ඇවෑමෙන් පසු කිරි මවකගේ උපකාරයෙන් ජිවත් වන දිළිඳු තරුණියකි. ඇගේ ශරිරය හොදින් වැඩි තිබිණ. ඇගේ හිසකේ අන්‍යයන්ගේ හිසකේ වලට වඩා දික්…
සුමේධ තාපසයාණෝ.
තුන් ලොවම එළිය කරන්නා වූ ශ්‍රේෂ්ඨතම හිරු මඬල නම් වූ අපගේ සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට මත්තෙහි දඹදිව අමරාවතී නම් නුවර උභය කුල පාරිශුද්ධව බමුණු මහසාල් කුලයෙහි ‘සුමේධ’ නමින් උපත ලැබීය. එතුමන් මහත් ධනයකට හිමිකම් ඇති හෙයින් දර්ශනීය පොකුණු ආදියෙන් සමන්විත වූ ප්‍රාසාදයක කල් ගෙවීය. අන්‍ය කර්මාන්තයක් නොකොට බමුණු ශිල්පයම හැදෑරූ එතුමන්…
සිහි නුවණින් දැනීම් පරිහරණය කරන්න.
පිංවත, ආදරය කියෙන්නේ හරිම ලෙන්ගතු මාතෘකාවක්. ඒ මාතෘකාව තුළ සෙනෙහස, සතුට, ආදර බස්, තව කොච්චර නම් දේවල් තිබෙනවා ද? ඒත් මේ දවස්වල ආදරය ගැන කතා කරලා තේරුමක් නැහැ. පිංවත් මනුෂ්‍ය හදවත් තුළින් නැගෙන ව්‍යාපාදයේ උණුසුමට, මනුෂ්‍ය ජීවිත තුළින් ආදරය වාෂ්ප වෙලා ගිහිල්ලා. පිංවත් මනුෂ්‍ය ජීවිතවල මෛත්‍රියේ, නිරෝගී ලේ නහර හැකිළිලා ගිහිල්ලා. මහා උජාරුවට නිවන ගැන…
සිල් සමාදන්වීමෙන් දසපාරමිතාව ම පිරේ.
මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සංඛ්‍යාත ලෞකික සම්පත් පිණිස කරන කුසල් ය. රහත් බව පසේ බුදුබව ලොවුතුරා බුදු බව යන තුන්තරා බෝධිය පිණිස කරන කුසල් ය කියා කුසල් දෙවර්ගයකි. එයින් ලෞකික සම්පත් පිණිස කරන කුසල්වලින් සසර දික්වේ. බෝධිත්‍රය පිණිස කරන කුසල්වලින් නිවනට පමුණුවනු ලැබේ. බෝධිත්‍රය සඳහා කරන කුසල් පාරමිතා නම් වේ. පාරමිතා දසයෙකි. සිල් සමාදන් වන දිනයේ…
සිල් සමාදන් වන ආකාරය.
ඉහත කී පරිදි මල් ආදිය ගෙන උදෑසනින් ම විහාරස්ථානයට ගොස් සිල් සමාදන් වී පූජා කරනු සඳහා ගෙන ආ මල් ආදිය පසෙක තබා සිල් දෙන භික්ෂූන් වහන්සේ වෙත එළඹ, පසඟ පිහිටුවා වැඳ උක්කුටියෙන් හෝ දන බිම ගසා හෝ හිඳ දොහොත් මුදුනේ තබා වැඳගෙන මේ වාක්‍යය කියා භික්ෂූන් වහන්සේගෙන් සිල් ඉල්ලනු. අට සිල් සමාදන් වීම සිල් ඉල්ලීමේ…