Article
පිරිත් පොත.
ගිහි – පැවිදි කාහට වුවද, තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට, අපල උපද්‍රව, ලෙඩ රෝග අමනුෂ්‍ය දෝෂවලින් මිදීමට පිරිත් ගැන විශාල විශ්වාසයක් තිබෙනවා. ඒ විශ්වාසය නිවැරැදිය. ප්‍රතිඵලදායකය. නමුත් පිරිතේ සැබෑ ශක්තිය, සැබෑ ප්‍රතිඵලය තිබෙන්නේ සජ්ජායනය හෝ ශ්‍රවණය කිරීම තුළ නොවේ. වර්තමාන සමාජය තුළ පිරිතේ යෙදීම ඉහත කරුණු දෙකට සීමා වන බවක් පෙනෙන්නට තිබේ. පිරිතේ අර්ථය ජීවිතය…
පිනෙන්ම උපදින ලස්සන, ඔබ අවබෝධය උදෙසාම යොමු කොටගන්න.
අද පසළොස්වක පොහොය දවස, කුටිය අවට කැලෑ පරිසරය, හරියට සමාධිමත් සිතක් වගෙයි, හරිම නිශ්චලයි. සුළඟට හොඳ විවේකයක් ලැබිලා. සුළඟ විවේක ගන්නකොට ශරීරයට දැනෙන රස්නය නම් ටිකක් වැඩියි. සතර මහාධාතුවේ ආශ්වාදය සහ ආදීනවය අතර තිබෙන්නේ, බොහෝම පුංචි පරතරයක්. මේ පරතරය පුංචි කරන්නේ, සතර මහාධාතුව අනිත්‍ය වන වේගවත්භාවය නිසාමයි. භික්ෂුව සාමාන්‍යයෙන් රාත්‍රියට ඔරලෝසුවේ වේලාව බලන්නේ නැහැ. සැලසුම්…
පින්වත් ස්වාමීන් වහන්ස, තරුණ තරුණියන් වන අප ධර්මයේ හැසිරෙමින් ආර්ථිකමය වශයෙන් ද දියුණු වන්නේ කෙසේදැයි කරුණාවෙන් පහදා දෙන්න.
අන්ධූපම නම් සූත්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ වදාළේ ගිහි ජීවිතය ගත කරන ශ්රාවකයින්, ඇස් දෙක ම පෙනෙන අය හෙවත් ආර්ථික දියුණුවත්, ආධ්‍යාත්මික දියුණුවත් සලකාගෙන මෙලොව පරලොව දෙලොව ම ජයගත යුතු බවයි. ආර්ථික දියුණුව ඇතිකරගෙන ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීමට ඉවහල වන කරුණු 4ක් භාග්‍යවතුන් වහන්සේ දීඝජානු නම් තරුණයාට මෙසේ දේශනා කොට තිබෙනවා. 01. උට්ඨාන සම්පදා…
පින්වත් ඔබගේ යුගදිවිය කඳුළු කථාවක් නම්…
වර්තමාන සමාජයේ සමහරක් පින්වතියන් සමාජයෙන් ලැබෙන වැරදි ආදර්ශයන් හේතුවෙන් ධර්මානුකූලව කර්මය කර්මඵල විශ්වාසයේ ඇති දුර්වලතාවය හේතුවෙන් නිරතුරුවම, තම ස්වාමිපුරුෂයත් සමග ගැටෙන දිශාවන්ට ස්වාමිපුරුෂයන් ප්‍රතික්ෂේප කරන දිශාවන්ට ගමන් කරනවා. ඔබට ලැබුණ ස්වාමීපුරුෂයා, අකීකරු කෙනෙක් නම්, ඔබට ලැබුණ ස්වාමිපුරුෂයා ආදරය නොහඳුනන කෙනෙක් නම්, එය ස්වාමිපුරුෂයාගේ වරදක් නොවේ. පින්වත් බිරිඳගේම අතීත අකුසල් විපාකයන් බව තේරුම්ගත යුතුයි, අපේ වරදට,…
පින්වත් ඔබ, මිතුරන් උදෙසා නිරයට වැටෙන අදක්ෂයෙක් නොවන්න.
උදේට පංච ශීලය සමාදන්වෙන පිංවත් මහත්මයා, හවසට මඟුල්ගෙදර ගිහින් අරක්කු බොනවා. අරක්කු බීවේ ඇයි කියලා ඇහුවහම ‘යාළුවෝ තරහ වෙයි කියලා බීවා’ කියනවා. බලන්න මෝහයේ විශාලත්වය. පංචශීලයවත් සමාදන් නොවූ මිතුරන්ගේ මිතුරුකම උදෙසා, ඔබ වෙනුවෙන්ම සාරසංඛ කල්ප ලක්ෂයක් ඇස්, ඉස්, මස්, ලේ දන්දෙමින් කැපකිරීම් කළ බුදුරජාණන්වහන්සේට පිටුපානවා. බුදුරජාණන්වහන්සේගේ සරණ අහිමි කරගන්නවා. අනේ ඔබ අසරණයි, බයයි, කෑදරයි… ඔබට…
පින්වත් ඔබ සෑම විටම අනෙක් අයට වඩා වෙනස් කෙනෙක් වෙන්න.
පිංවත් ඔබ හැමවිටම ගෙදර සිටින අනෙක් අයට වඩා වෙනස් කෙනෙක් වෙන්න. පංති කාමරයේ, කාර්යාලයේ, ගමේ, රටේ…. සිටින අන්‍යයන්ට වඩා වෙනස් කෙනෙක් වෙන්න. දන් දීමේදී, ශිල් ආරක්ෂා කිරීමේදී, භාවනා කිරීමේදී අනෙක් අයට වඩා වෙනස් කෙනෙක් වෙන්න. මේ කියන්නේ කැපී පෙනෙන කෙනෙක් වෙන්න කියන කාරණාව නෙමෙයි. ‘වෙනස් කියලා මෙතැනදී කියන්නේ අර්ථයෙන් ධර්මයෙන් ගුණාත්මක කෙනෙක් වෙන්න කියලයි. මොකද…
පින්වත් ඔබ වෛර සිත දුරු නොකළොත්.
පිංවත් ඔබ ගෘහ ජීවිතයේදී තමන්ට අසන්නට, දකින්නට, සිතන්නට, අකමැති සිද්ධියක් නිසා බිරිඳ, ස්වාමිපුරුෂයා, දරුවා, දෙමාපියන්, ඥාතිවරයා, අසල්වැසියා නිසා නැති ආස්‍රවයන් ඇති කරගන්නවා. එක් පිංවතියක් භික්ෂුවට ප්‍රකාශකළේ ‘ස්වාමීන්වහන්ස, මට නිරතුරුවම කේන්තියනවා. මගේ තාත්තා වයස දහයේදී අපිව හැර ගොස් වෙනත් විවාහයක් කරගත්තා. දැන් මගේ තාත්තා සිහිපත් වන සෑම මොහොතකම මට දැඩි වෛරයක් ඇතිවෙනවා’ කියලා. මේ ද්වේශය දැන්…
පින්වත් ඔබ ඊර්ෂ්‍යා කරන්න එපා. ඊර්ෂ්‍යාව තුළින් යක්ෂයෙක් දකින්න.
වරක් භික්ෂුවක් උතුම් සමාධියේ පසුවෙන කොට රාත්‍රී කාලයේදී, තම ජීවිතයේ පළමු වරට යක්ෂණියක් දර්ශනය වෙනවා. ඇය මිත්‍යාදෘෂ්ඨික යක්ෂණියක්. ඇගේ බෙල්ලෙන් උඩ කොටස විතරයි දර්ශනය වෙලා තියෙන්නේ. ඇයගේ ස්වරූපය මොනතරම් භියකරු ද කියනවානම් එම යක්ෂණියගේ කට දෙපැත්තෙන් එළියට නෙරපු අඟල් තුනක පමණ දළ කැබැලි දෙකකුත් ඇයට තිබිලා තියෙනවා. රත්පැහැ ගැන්වුණු පුපුරණ මුහුණක් ඇයට තියෙන්නේ. හරියටම තමාගේ…
පින්වත් ඔබ අනුන් විඳින සැපයට ඊර්ෂ්‍යා කරන්න එපා.
අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙනවා, ලෝකය නැවත හටගැනීමෙන් පසුව, මුලින් ම මනුෂ්‍ය සමාජයට පාලකයෙක්, රජකෙනෙක් පත්වුණේ කොහොමද කියලා. ආභස්සරා බ්‍රහ්ම ලෝකයෙන් ආලෝක සංඥාවෙන් පැමිණි, සමාධිය ආහාරය කොටගත් බ්‍රහ්මයින්, රස පොළොවේ රසය කෙරෙහි තෘෂ්ණාවෙන්, රස පොළොවේ කුළුඳුලේ හටගත් බිම් පපඩම්, මීපැණි රසැති තම්පලා, මහපොළොව මත ඉබේ හටගත් ඇල් සහල් කෙරෙහි තෘෂ්ණාවෙන්, මේවා වැඩිවැඩියෙන් අයිතිකොට ගැනීමට යෑම හේතුවෙන්,…
පින් දෙන ආකාරය.
පිනක් කළ කල්හි මිය ගිය නෑයන්ට හා දෙවියන්ට පමණක් නොව සකල සත්ත්වයන්ට ම ඒ පින අනුමෝදන් කරවිය යුතු ය. එසේ කිරීමේ දී යමෙක් යමෙක් අනුමෝදන් වූවාහු නම් ඔවුනට පින් ලැබේ. අනුමෝදන් වීම හෝ නො වීම අන්‍යයන් අයත් දෙයකි. පින්දීම පින් කළ තැනැත්තාට අයත් කාර්‍ය්‍යයෙකි. දෙන පින අන්‍යයන් අනුමෝදන් වෙතත් නො වෙතත් පින් දෙන තැනැත්තාට එයින්…